Wednesday, August 19, 2015

Boys (2003) | යහළුවෝ. [සිංහල උපසිරසි සමඟ]



….. 2015 – 08 – 19 අද මගේ 23 වෙනි උපන් දිනය ….

ඔන්න යාළුවනේ මගේ 23 වෙනි උපන් දිනය දවසේ ඔයාලට මගෙන් උපන් දින තෑග්ගක් විදියට මම බයිස්කෝප් 4 ක්ම අරගෙන අවා.. දෙමළ දෙකයි තෙලිගු එකයි එක ඉංග්ලිෂ් බයිස්කෝප් එකකුයි තමයි අද අරගෙන අවේ…
1. Vallinam (2014) — පැසිපන්දුවේ නාමයෙන්..
2. Boys (2003) — යහළුවෝ..
3. Adhurs (2010) — නිවුන් සොහොයුරෝ..
4. Hotel for Dogs (2009) — බල්ලන්ට වෙන්වූ නිවහනක්..
මට මේ බයිස්කෝප් 4ම කරන්න හැමදාමත් වගේ ඉෂාරා නංගි උදව් උණා… මම හිතනවා මගේ මේ පුංචි වැයම සාර්ථක වෙයි කියලා…
ස්තුති කරන්න ගොඩාක් අය ඉන්නවා…මුලින්ම මගේ ආදරණිය ඉෂාරා නංගිට.. දෙවනුව මම වගේම සිංහලෙන් උපසිරස බලන්න දෙන අපේ සොයුරු සොයුරියන්ට.. අවසාන වශයෙන් බයිස්කෝප් එකේ සියලුම කාර්යමණ්ඩලයට තුති පුද කරන්න ඕන… තව කියන්න බොහෝ දේ ඇත එකට මේ කාලය නෙවෙයි… ඔන්න මගේ මේ අදියරේ දෙවෙනි බයිස්කෝප් එක ගැන හදුන්වලා දෙන්නයි යන්නේ…
2. Boys (2003) — යහළුවෝ..
මම හිතනවා මේ බයිස්කෝප් එක ඔයාලා ගොඩ දෙනෙක් බලල ඇති කියලා.. Boys කියන්නේ දෙමළ කතාවක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ S. Shankar. මේක එළියට ඇවිත් තියෙන්නේ 2003 අගෝස්තු 29. කතා කාලය පැය දෙකයි විනාඩි 17 ක් වෙනවා… මේ බයිස්කෝප් එකේ කතා නායිකාව Genelia D Souza (හරිනි) කතා නායකයා Siddharth (මුන්නා) සහා මුන්නගේ යාළුවෝ 4 දෙනෙකුත් ඉන්නවා.. මේ බයිස්කෝප් එක IMDb 7.3 / 10 අරන් තියනවා.. බයිලා ඇතිනේ කතාව පොඩ්ඩක් කියන්නම්කො…
මේ කථාවේ පසුබිම ගැටවර වියේ පසුවන කොල්ලන් 5 දෙනෙක් ගැනයි. රස්තියාදු ගගහ ඉන්නවා. මෙයාලා කට්ටියටම හොදට සින්දු කියන්න පුළුවං. දවසක් කට්ටිය තාප්පේ උඩට වෙලා ඉන්නකොට ලස්සන කෙල්ලෙක් එයාලගෙන් උදව් ඉල්ලන් එනවා. ඒ හරිනි. මේ කට්ටියගේ කෙනෙක් වුණ මුන්නා හරිනිට ආදරේ කරනවා. මෙයාලගේ ආදරේට ගෙදරින් විරුද්ධ වුණ නිසා දෙමාපියන්ට විරුද්ධව විවාහ වෙනවා. වෙනම පදිංචියට යනවා. ජිවත් වෙන්න විදිහක් හොයා හොයා ඉන්නකොට කට්ටියගෙම දක්ෂතාවය වුණ මියුසික් වලින් වැඩක් කරන්න කියලා හිතනවා.එයාලා සංගීතා කණ්ඩායමක් පටන් ගන්නවා.. මෙයාලට ඒ කණ්ඩායම සාර්ථක කරගන්න පුළුවං වෙයිද? මුන්නගේ විවාහය සාර්ථක වෙයිද? ඊට පස්සේ මොනවා වෙයිද? ඇති ඇති.. අරගෙනම් බලන්නකෝ…
මගේ මේ පුංචි වැයම සාර්ථකයි හෝ අසාර්ථකයි කියලා හිතනවානම් පොඩි අදහසකුත් දාල යන්නකෝ… අඩුම තරමේ බයිස්කෝප් එක වැඩක් නැහැ හරි කියලා කියන්නකෝ.. ඔයාලගේ අදහස්වලින් තමයි අපිව දිරිමත් කරලා තව තවත් බයිස්කෝප් එක දියුණු කරන්න තව තවත් බයිස්කෝප් අරගෙන එන්නේ… ප්‍රසිද්ධියේ කියන්න බැරිනම් මගේ මුහුණ පොතට ඇවිත් කියලා යන්නකෝ… fb.com/charuka4u…
ඉතින් ජය… ඊළග බයිස්කෝප් එකේදී හම්බවෙමු….

මෙන්න link එක..

http://www.baiscopelk.com/boys-2003-with-sinhala-subtitle/

No comments:

Post a Comment