Saturday, December 26, 2015

හන්තානට පායන සඳ ....

හන්තානට පායන සඳ ....



හන්තානට පායන සඳ..
ලස්සනයිද කියන්න...
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න...//
අඳුරු ලලා වහිනා කල..
සරසවි බිම තෙමෙන්න...//
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න...
ලතා මඩුළු අත වනාවි..
එපා අහක බලන්න...//
මා ගැන මතකය ගුලිකර..
මහවැලියට දමන්න...
හන්තානට පායන සඳ...//

සාමාන්‍ය පෙලින් පසු වෙනදා වගේම උසස් පෙළ සිංහල පන්ති ආරම්බය වූයේ නවයොවුන් වියේ සිටි සිසු සිසුවියන්ගේ ජිවිතේ නැවුම් බලාපොරොත්තු ඇති කරමිනි. කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධම සිංහල ගුරුවරයාද නව කණ්ඩායමේ තම පළමු පන්තිය ආරම්බ කිරීමට වේදිකාවට ගොඩ වුයේ සිනාමුසු මුහුණෙන්ය. හිරිමල්වියේ සිටි තරුණ සිසු සිසුවියන්ගේ මුහුණු වලද වුයේ මහත් උනන්දු සහගත බවකි.වෙනදා වගේම විවේක කාල සීමාව තෙක් අධ්‍යන කටයුතු කරවූ ගුරුවරයා වේදිකාවෙන් බැස  ගියේ සිසුන්ට දිවා ආහාරය ලබා ගැනීමට අවස්ථාව සලසමිනි. සිසුන් දිවා ආහාරය ගන්නා අතරතුර අපූරු දසුනක් මේ ගුරුවරයාගේ නෙත ගැටිණි.
එක බත් පාර්සලයට පොර කමින් දිවා ආහාරය ගන්නා සිසුන් අතරේ පන්තියේ පසෙකට වන්න තම හීන ලෝකයක තනිවී පිළිසදරක යෙදෙමින් දිවා ආහාරය ගන්නා සිසුවෙකු හා සිසුවියක් විය. මේ දසුන දුටු ගුරුවරයාද ඒ පිළිබඳ එතරම් තැකීමක් නොකලේ තරුණ වයසේ ප්‍රේමය කාටත් පොදු කරුණක් නිසාදෝ විය හැකිය.
කෙමෙන් කෙමෙන් දින සති මාස ගණනින් ඉදිරියට ඇදුනු සිංහල පන්තියේ මේ පෙම් යුවල කාටත් සුපුරුදු දර්ශනයක් විය. මොවුන් දෙදෙනා අතුරින් පිරිම ළමයා කාගෙත් හිත දිනාගන්නා සුළු ප්‍රියමනාප සමාජශීලි තරුණයකු විය. සංවර ගති පැවතුම් වලින් යුක්ත වූ සිසුවිය රූප සොබාවෙන් කිසිදු අඩුවක් නොමැති තරුණියක්ය. නිතර දෙවේලේ විවිධ ගැටලු ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට ගුරුවරයා වෙත පැමිණෙන මේ තරුණයා ඔහුගේ සමීප සිසුවෙක් වුවද කිසිදු අවස්ථාවක මේ ගුරුවරයා ඔවුන්ගේ පෙම් සබදතාව ගැන ඔහුගෙන් කිසිවක් නොවිමසීය.
වසර දෙක හමාරකට ආසන්න කාලයක් පුරා පැවති සිංහල පන්තියේ ආරම්භක දිනයේ පටන් අවසන් දිනය දක්වාම මේ පෙම් යුවල පන්ති පැමිණියේද ආහාර ගත්තේද පන්තියෙන් පිටව ගියේද එකටමය.
කෙසේ හෝ අපොස උසස් පෙළ විභාගයට සතියකට පමණ පෙර පන්ති අවසන් වන දිනයේ මේ සිසුවා ගුරුතුමාට වැඳ නික්ම යාමට යන මොහොතේ ගුරුතුමා සිනහමුසු මුහුණින් කීවේ,

"ආදරය කරා වගේම විභාගෙත් හරියට කරගන්න ඕනේ"

ගුරුවරයාගේ මේ උපදෙසට මදහසකින් ප්‍රතිචාර දැක්වූ තරුණයා නික්ම ගියේය..

උසස් පෙළ විභාගයෙන් පසුවද මොවුන් දෙදෙනාගේ ආදර සබදතාව පෙර සේම විය.
විභාගයෙන් මාස ගණනාවක් ගතවෙත්ම ප්‍රතිඵල පැමිණියද එය මොවුන් දෙදෙනාගේම සිත් රිදවූ ආකාරයේ ප්‍රතිඵලයක් විය. තරුණිය උසස් පෙළින් ඉතා ඉහළින් සමත්ව තිබූ නමුදු තරුණයාගේ ප්‍රතිඵලය සරසවි වරම් සඳහා ප්‍රමාණවත් නොවීය. තම පෙම්වතියගේ ප්‍රතිඵලය ගැන එක සිතින්ම සතුටු වූ ඔහු දුක් වූයේ ඉදිරි වසර කිහිපයේදි තමා පණ මෙන් ආදරය කල ඇය සමග සමීපව ඇසුරු කිරීමට ඇති අවස්ථාව අහිමි වීම ගැනය. එහෙත් තම පෙම්වතියගේ ඉදිරි අනාගතේ සාර්ථකත්වය උදෙසා මේ කැප කිරීම සිදු කිරීමට තරම් ඔහු සිත ශක්තිමත් කර ගත්තේය.
සරසවි අධ්‍යාපනය සඳහා පේරාදෙණිය සරසවියට මේ තරුණිය ඇතුළත් වූයේ තම පෙම්වතාගෙන් දුරස් වීමට සිදුවීම ගැන දහස් වාරයක් සිත ඇතුලෙන් හඬමිනි. තරුණිගේ සරසවි ප්‍රවේශයත් සමගම තරුණයාද එක්තරා වෙළඳ ආයතනයක සේවයට එක් විය. සියල්ල මෙසේ සිදුවුවද හැකි සෑම අවස්ථාවකම ජංගම දුරකතනයෙන් පිළිසඳරේ යෙදීමට මොවුන් අමතක නොකලේය. එනිසාවෙන් ඔවුන් එකිනෙකාගෙන් දුරස්ව ඇති බවක් කිසිවිටෙකත් ඔවුනට දැනුණේ නැත. කෙසේ හෝ වසර කිහිපයක් ඇවෑමෙන් පෙර සඳහන් කල ගුරුවරයා දිනක් මාර්ගය අසල සිටින විට වෑන් රථයක් නවතා එයින් බැස තරුණයෙකු ඔහු වෙත පැමිණියේ සුපුරුදු සිනහවක්ද සමගින්ය.

"සර්, සර්ට මාව මතකද"

"ආ මොකෝ මතක නැත්තේ. දැන් රස්සාවක් කරනවා වගේ"

"ඔව් සර් පොඩි ජොබ් එකක් කරනවා දැන්"

"කෝ අර ඉස්සර පන්තියේ බත් මුල බෙදාගෙන කෑව ගෑනු ළමයා. තාම දෙන්නා බැන්ඳේ නැද්ද"

"මං ඒ සම්බන්දේ නැවැත්තුවා සර්‍"

"තමුසේ මාර මනුස්සයෙක්නේ. සාමාන්‍යයෙන් කෙල්ල කැම්පස් ගියොත් කෙල්ලනේ කොල්ලව අතාරින්නේ"

" නෑ සර්, මට තේරුණා මං එයාගේ ඒ ලෝකෙට ගැලපෙන්නේ නෑ කියලා. ඒ නිසා මං ම ඈත් උනා"

මේ සුළු  කතාබහෙන් පස්සේ අර තරුණයා එතනින් නික්ම ආවා.



Get paid to share your links!
පස්සේ කාලෙක ධම්මික බණ්ඩාර කියන මේ සිංහල ගුරුවරයා අතින් ඒ සිදුවීම මුල් කරගෙන මේ ගීය රචනා වෙනවා..

"හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න...."

මේ ගීතය අමරසිරි පීරිස් මහත්මගේ හඬින් ගීතවත් වෙලා 2005 විතර තමා අපිට අහන්න ලැබෙන්නේ.

මේ ගීයේ ගායකයා වගේම රචකයත් මේ ගැන විස්තර කරන විදිහ මේ තියෙන වීඩියෝ පටයෙන් ඔයාලට බලන්න පුළුවන්.

උපුටා ගැනීම http://nuwanhit.blogpot.co.id/ අඩවියෙනි....

Saturday, October 10, 2015

Selfie from Hell – සෙල්ෆි ගහන්නේ බලාගෙනයි [Short Film]

අධ්‍යක්ෂණය: Erdal Ceylan
කැමරාකරණය: Erdal Ceylan



සෙල්ෆි කියන්නේ මේ වෙන කොට උන්මාදයක් වෙලා නේ.තැනක් නොතැනක් නැතුව,වෙලාවක් අවේලාවක් නැතුව අපේ අය දැන් සෙල්ෆි ගන්න පුරුදු වෙලා.ඒ කාරණාවේ හොඳ නරක මොක වුනත් සෙල්ෆි කියන ප්ලොට් එක පාවිච්චි කරලා ලෝකයේ විවිධ නිර්මාණ කරලා තියෙනවා.මේ තියෙන්නෙත් ඒ වගේ කරපු නිර්මාණයක්…..බලන්න කෝ..



අවසානෙට කියන්න ඕන... මම දීපු සැම ලිපියකටම බයිස්කෝප් එකේ සිංහල සබ් ලබා ඩි ඇත....


(අන්තර්ජාලය ඇසුරින්)
මේ ලිපියෙත්.  අදහස් හා යෝජනා කියන්නකෝ…
www.facebook.com/charuka4u
තවත් තොරතුරු ලබා ගන්න… මගේ බ්ලොග් පිටුවට එන්න…
http://charukalakshitha.blogspot.com/

Haradala Yannata Tharam - Oshani Sandeepa

TitleHaradala Yannata Tharam
Artist/sOshani Sandeepa
LyricsSanjeewa Nanayakkara
MusicHasith Saranga


මෙන්න link එක...

Thursday, October 8, 2015

හොල්මනක් නොවූ හොල්මනක්...



මෙන්න බාන්නකෝ ගිහින් ෆිල්ම් එක මුලින්ම....
Hotel Transylvania (2012) | රාස්ස සාදේ…[සිංහල උපසිරැසි සමඟ]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “උදා”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතුය..





පිටත් උන දවස : සැප්තැම්බර්  25, 2015 (USA)
අධ්‍යක්ෂණය : Genndy Tartakovsky
බයිස්කෝප් එක පෙන්වන කාලය : පැය 1 යි විනාඩි 29 යි.
බයිස්කෝප් එකේ ස්බාවය : Hotel Transylvania Series
බයිස්කෝප් එක නිෂ්පාදිත ආයතනය : Sony Pictures Animation




යක්ෂ, ප්‍රේත, භූත, පිසාච, රාක්ෂ, කුම්භාණ්ඩ ආදී මෙකී නොකී සියලු අමනුෂ්‍යයින් සිය විවේකය මනුෂ්‍ය පුළුටකවත් බාධාවකින් තොරව විනෝදයෙන් හා සැනසිල්ලෙන් ගත කිරීමට පැමිණෙන ස්ථානයකි, ඩ්‍රැකියුලාගේ ට්‍රැන්සිල්වෙනියා හෝටලය (Count Dracula's Hotel Transylvania).




එක් විශේෂ සති අන්තයක ඩ්‍රැකියුලා විසින් අදිසි මිනිසා, මමී, ෆ්‍රැන්කන්ස්ටයින් භූතයා වැනි සිය හිතවතුන්ට හෝටලයේ විශේෂ ආරාධනයක් කරන්නේ සිය 'නව යොවුන්' දියණිය වන මාවිස් ගේ 118 වන උපන්දිනය සැමරීම සඳහායි.



ඒ නමුත්, මේ සතුටුදායක සන්ධ්‍යාවේ ඩ්‍රැකියුලාට නොසිතූ විරූ අකරතැබ්බයකට මුහුණ දීමට සිදු වේ. ඒ ජොනී නම් මනුෂ්‍ය තරුණයා නොදැනුවත්වම මෙම සාදයට කඩා වැදීමත්, සිය දියණිය වන මාවිස් සමඟ ආලයෙන් වෙලීමත් නිසා ය.



බැලූ බැල්මට අද්භූත කතාවක කොටසක් සේ හැඟෙන මේ සිදුවීම් මාලාව දිග හැරෙන්නේ, ගෙන්ඩි ටාටකොව්ස්කි ගේ අධ්‍යක්ෂණයෙන්ද, ඇඩම් සැන්ඩ්ලර්, ඇන්ඩි සැන්බර්ග්, සෙලෙනා ගෝමස් වැනි ජනපි‍්‍රය නළු නිලි පිරිසකගේ හඬ දායකත්වයෙන් ද, නිර්මාණය කෙරුණු 3D  පරිගණක සජීවීකරණ හාස්‍යෝත්පාදක චිත්‍රපටයක් වූ Hotel Transylvania  (හොටේල් ට්‍රැන්සිල්වෙනියා) හි ය.



2012 වසරේ සාර්ථක ආදායම් ලබමින් තිරගත වූ මෙම චිත්‍රපටයේ දෙවැනි දිගහැරුම වන Hotel Transylvania  2 චිත්‍රපටය පසුගිය (සැප්.) 25 දා සිට ලොව පුරා තිරගත වීම ඇරඹුණි. පළමු කණ්ඩායමේ ම නිර්මාණයක් වන Hotel Transylvania  - 2 වන චිත්‍රපටයද  Columbia Pictures බෙදා හැරීමකි. රොබට් ස්මිගෙල් සහ ඇඩම් සැන්ද්ලර් ගේ තිර රචනයකි.



මේ වන විට සිය පිරිවැය (ඇ. ඩොලර් මිලියන 80) ඉක්මවා ආදායම් උපදවා ඇති මෙම චිත්‍රපටය IMDB දර්ශකයේ 7.5 / 10 ක් ද, රොටෙන් ටොමැටෝස් හි සියයට 53 ක් ද, කොමන් සෙන්ස් මීඩීයා හි 3 / 5 ක් ද හිමි කරගෙන ඇති අතර මිශ්‍ර විචාරක ප්‍රතිචාර ලබා  ඇත. කෙසේ නමුත්, රොටෙන් ටොමැටෝස් වෙබ් අඩවියෙහි ප්‍රධාන විචාරයෙහි මෙසේ සඳහන්ව ඇත. "Hotel Transilvenia 2  චිත්‍රපටය සිය පළමු වන්නට වඩා සුළු වශයෙන් හොඳ වුවද, එය ඇඩම් සැන්ද්ලර් සහ පිරිසගේ දායකත්වයෙන් විනාඩි 89 ක් පුරා දිවෙන, වර්ණවත්ව සජීවීකරණය කරන ලද, පරණ තාලේ චිත්‍රපටයක් බැලීමට රෙකමදාරු කිරීමට තරම් ප්‍රමාණවත් දැයි සැක සහිතය."



මෙම චිත්‍රපටයේ කතාන්දරය සැකෙවින් මෙසේය.


මේ වනවිට ඩ්‍රැකියුලා සිය හෝටලයේ දොරටු අමනුෂ්‍යයින්ට සේම මනුෂ්‍යයින් ටත් විවර කර ඇත. සියල්ල හොඳ පැත්තට හැරෙමින් ඇත. එනමුදු ඩ්‍රැකියුලා ට යම් කනගාටුවක් ඇත. ඒ සිය අර්ධ මනුෂ්‍ය මුනුපුරා වන ඩෙනිස්, වැම්පයර් ලක්ෂණ පෙන්නුම් නොකිරීමයි.



තත්වය මෙසේ හෙයින් ඩ්‍රැකියුලා සිය දුවත් බෑනාත් නිවසේ නොසිටින අවස්ථාවක් බලා තම හිතමිතුරු අමනුෂ්‍යයින් හා එක්ව ඩෙනිස් ට පුහුණුවක් ලබා දෙයි. සියල්ල උඩු යටිකුරු වන්නේ ඩ්‍රැකියුලාගේ මිත්‍රශීලී නොවන පියා මීට අවතීර්ණ වනවාත් සමඟය.



(අන්තර්ජාලය ඇසුරින්)

මේ ලිපියෙත්.  අදහස් හා යෝජනා කියන්නකෝ…

www.facebook.com/charuka4u

තවත් තොරතුරු ලබා ගන්න… මගේ බ්ලොග් පිටුවට එන්න…

http://charukalakshitha.blogspot.com/

Monday, October 5, 2015

මේ වගේ ආදරයක් – Me Wage Adarayak – A Love Like This



පොලිමේ ඉදලා සිනමා ශාලාවලව ප්‍රදර්ශනය කරන්න අවස්ථාවක් ලැබෙනකොට එහි රගපඋ නළු නිළියන් ද වයසට ගොස් චිත්‍රපටය කල් ඉකුත් වනු ඇති බවයි චන්ද්‍රන් රත්නම් පවසන්නේ. එ් අනුව චිත්‍රපට, රසිකයන් වෙත ගෙනයාමට විලක්ප ක්‍රම සොයාගත යුතු බවද ඔහු කියා සිටියා. "මේ වගේ ආදරයක් "  සිනමා ශාලාවලට පෙර Dialog සැටලයිට් TV වෙත මුදාහැරෙන්නේ ද ඒ අනුව බවයි චන්ද්‍රන් රත්නම් වැඩිදුරටත් පවසන්නේ. ඉදිරියේදී අවස්ථාවක් ලැබුණහම එය සිනමා ශාලාවල ප්‍රදර්ශන කරන බව ද ඔහු කියා සිටියා.
ලංකාවේ ස්පිල්බර්ග් යන අනවර්ථ නාමයෙන් හදුන්වන චන්ද්‍රන් රත්නම් නම් ප්‍රවීණ අධ්‍යක‍්ෂකවරයාගේ නවතම  සිනමාපටය “මේ වගේ ආදරයක්“ සීමිත සිනමාශාලාවන් කිහිපයක තිරගත වීම ආරම්භ කර තියෙනවා.

කතාව...




චන්ද්‍රන් ගේ මේ කතාව දිඟහැරෙන්නේ සුන්දර ආදර කතාවක් කේන්ද්‍ර කරගෙනයි.මෙහි එන කතානායකයා කොළඹ ජනප්‍රිය ගුවන් නියමු පුහුණු පාසලක උපදේශකවරයෙකි.ඔහු නමින් රොෂාන්…නුවර වංශවත් රඳළ පෙළපතකින් පැවත එන ඔහුගේ පියා බලවත් කැබිනට් අමාත්‍යවරයෙකි.‍එහෙයින් ඔහුගේ වයසේ වෙනත් තරුණයින්ට නොමැති සැපසම්පත් හිමි ජීවිතයක් ඔහුට නිරායාසයෙන්ම හිමි වී තිබේ.
නිල් පැහැයෙන් බබළන දීප්තිමත් ගුවන පුරා සියොතුන් නිදහසේ සැරිසරනා අයුරු නෙතට ගෙන දෙන්නේ චමත්කාරයකි. ඔවුන්ගේ නිදහස නම් අපූරුය. සීමා මායිම් නැති අහස ඔවුන්හට නිදහසේ සැරිසරන්නට ඇවැසි ඉඩහසර ලබා දෙන්නේ අපිරිමිත සෙනෙහසිනි.
සුන්දර බලාපොරොත්තු වලින් පිරි ජීවිතයද නිල් අහස මෙනි. අධිෂ්ඨානය, ධෛර්යය ඇත්නම් නිදහසේ ඒ වෙත සියොතුන්ට මෙන් පියඹා යා හැකිය. නමුත් එය එළෙසම නොවෙන්නේය. සුන්දර බලාපොරොත්තු මිනිස් ජීවිත ජීවත් කරවුවද දීප්තිමත් නිල් අහසේ සියොතුන්ට මෙන් නිදහසේ පියඹා යාමට ඔවුනට සෑම විටම අවසර නැත. රොෂාන්හට සිතුනේ එළෙසිනි. කුරුල්ලෙකු මෙන් නිදහස් ගුවනේ පියඹා යාමට තමාද කෙතරම් නම් පෙරුම් පිරුවේද?
සොඳුරු යෞවනයේ විසිපස් වැනි ජීවිත කඩඉමෙහි සිටින රොෂාන් කොළඹ ජනප්‍රිය ගුවන් නියමු පුහුණු පාසලක උපදේශකවරයෙකි. නුවර වංශවත් රඳළ පෙළපතකින් පැවත එන ඔහුගේ පියා බලවත් කැබිනට් අමාත්‍යවරයෙකි. සියලු යස ඉසුරින් පිරි ජීවිතයක් රොෂාන් සතු විය. ඉංජිනේරු ශිෂ්‍යාවක වන සෙරීනාද රොෂාන් සේවය කරන්නා වූ ගුවන් නියමු පුහුණු පාසලේ අධ්‍යාපනය හදාරණ ඉංජිනේරු ශිෂ්‍යාවකි. ඇය මධ්‍යම පාන්තික කතෝලික පවුලක තරුණියකි. සෙරිනාගේ පියා බයිසිකල් අලෙවිසැලක් පවත්වාගෙන යන්නේය.
යෞවනයේ මිහිරි ආදරය දෙදෙනාගේම ජීවිත අරක් ගෙන අවසානය. ආදරය කාහටත් පොදු සිතුවිල්ලකි. දෙහදක් බැඳුණු තැන සුන්දර ආදර අන්දරයක් ඇත්තේය. රොෂාන් මෙන්ම සෙරීනාද යොවුන් ආදරයේ මිහිරියාව විඳින්නේ සොබාදහමට අවනතවය. පවුල් පැළැන්ති, සමාජ මට්ටම් කිසිවකට සීමා කළ නොහැකි වූ ආදරයකින් දෙදෙනාම බැඳෙති.

යහපත් දූ දරුවෝ මව්පිය ආශීර්වාදය මහත් සේ සළකති. රොෂාන් මෙන්ම සෙරීනාද තම ආදරයට මව්පිය ආසිරි පතති. එහෙත් ධනයෙන්, බලයෙන් උදම් වූ කුල මාන්නයෙන් පිරි රොෂාන්ගේ ඇමැති පියා මේ ආදරය කිසිසේත්ම අනුමත නොකරයි. ඔහුගේ එකම බලාපොරොත්තුව වන්නේ තම පුතු දිවයිනේ සුප්‍රසිද්ධ සමාගමක ගුවන් නියමුවෙකු ලෙසින් දැකීමය. තම පුතු වෙනුවෙන් යහපතක් කිරීමට තම පණ වැනි ආදරණීය පුතුගේ බලාපොරොත්තු ඉෂ්ඨ කිරීමට නොපැකිළි වන පියෙකු ලොව සිටීද?
ඇමැති පියා සියලු කටයුතු යොදන්නේ තම පුතු සතුටින් සිටිනු දැකීම වෙනුවෙනි. තම පුතුගේ අනාගතය වෙනුවෙන් ඇමැති බලය පවා යොදමින් පුතු සමාජයේ ඉහළින් තැබීමට ඔහු වෙහෙසෙන්නේය. එහෙත් ආදරයේ නිදහස තම පුතුහට ලබා දෙන්නට ඔහුගේ සිත නොනැමෙයි. තම පියාගේ බලයෙන් ඔපවත් නොවී නව සමාජයේ තනි ධෛර්යයෙන් නැඟී සිටීමට වෙර දරන රොෂාන් මේ වැඩපිළිවෙල ප්‍රතික්ෂේප කරයි.
ඔහුගේ අධිෂ්ඨානය වන්නේ තම උත්සාහයෙන් ඉලක්ක වෙත ගමන් කිරීමයි. දිගින් දිගටම පියාගෙන් එල්ල වන කුරිරුකම් හමුවේ රොෂාන් - සෙරීනා තීරණයකට එළඹේ. තම ආදරය තම ජීවිතය සේ සළකන මේ ආදරණීය පෙම් යුවළ අවසානයේදී දෙමාපිය ආසිරි නොමැතිවම සිය ආදර මන්දිරය තනති. පොළවේ පයගසා ජීවත් වන්නට වෙර දරන රොෂාන්, සෙරීනා සමඟින් ජීවන ගමනේ ඉදිරිය සකසන්නේ දහසකුත් බලාපොරොත්තු ඇතිවය.
ඔවුන් නව ජීවිතය අරඹන්නේ කුළී නිවෙසකිනි. මහා මන්දිරයක ජීවත් වූ රොෂාන් සේම යමක් කමක් තිබූ පවුලක වූ සෙරීනාටද මේ අලුත් ජීවිතය නුහුරු නුපුරුදු වුවත් කිසිම ප්‍රශ්නයක් ඔවුන් අතරට නොපැමිණිනෙන්නේ එකිනෙකා වෙනුවෙන් වූ අනෝන්‍ය අවබෝධය නිසාමය. එහෙත් සිඟිති මුවක කිරි සිනහ දැකීම වෙනුවෙන් වූ ආදරණීය බලාපොරොත්තුව තව තවත් ප්‍රමාද වීම දෙදෙනාම වෛද්‍යවරයෙකු සොයා යති. පරීක්ෂණ අවසානයේදී හෙළිවන්නේ සෙරීනා දරුණු රෝගී තත්ත්වයකින් පෙළෙන බවයි. විශාල මුදල් සම්භාරයක් වියදම් වන බව පෙනුණද රොෂාන් සෙරිනා නවත්වන්නේ සියලු සැපසම්පතින් පිරි පෞද්ගලික රෝහකය.
එහෙත් එය ඔහුගේ ආර්ථිකයට ඔරොත්තු නොදෙන්නක් විය. එපමණක් නොව සෙරීනාගේ සෞඛ්‍ය තත්ත්වයද පෙනෙනතෙක් මානයක යහපත් සේ නොපෙනේ. ඔහුට අවසානයේදී තමා පණ මෙන් ආරක්ෂා කළ පැරණි මෝටර් බයිසිකලය පවා විකුණා දැමීමට සිදුවේ. ඔහු මේ සියලු කැපකිරීම් සිදු කරන්නේ තම ජීවිතය බඳු වූ ආදරණීය බිරිඳ ජීවත් කරවීම වෙනුවෙනි. එහෙත් ඔහුහට සෙරීනා සුවපත් කරගත හැකි වේද? මේ ගැටළු සියල්ල අතරේ ඇමැති පියාගේ ක්‍රියාකලාපය සේම සියල්ල අවසානයේ සමාජයට ස්ව උත්සාහයෙන් නැඟී සිටින්න වෙර දරණ තරුණයෙකු වූ ඇමැති පියාට අකීකරු පුත්‍රයකු වූ ආදරණීය බිරිඳට ආදරණීය සැමියෙකු වූ රොෂාන්ගේ ජීවිත ඉරණම කෙලෙස විසදේවිද යන්න ගෙන එන ‘මේ වගේ ආදරයක්’ චිත්‍රපටය රිදී තිරයේ දිගහැරෙන්න නියමිතය.



නළු නිළි කැළ...
අනුජ් රණසිංහ
දිනක්ෂි ප්‍රියසාද්
කුමා අත්තනායක
විල්මන් සිරිමාන්න
නාලක දළුවත්ත
සෂීනි ප්‍රේමසීල
දුමින්ද සෙනරත්
නාලක විශ්වමිත්
බිනාකා නානායක්කාර
මියාසි ක්‍රිස්තෝම්බු
නතාශීයා සෙව්වන්දි
මංජුලා තරංගනී


කාර්ය මණ්ඩලය...
අධ්‍යක්ෂණය – චන්ද්‍රන් රත්නම්
සහය අධ්‍යක්ෂණය – ජගත් ආනන්ද
කැමරාකරණය – චන්දන ජයසිංහ
සහය කැමරාකරණය – සුමිත් කුමාරගේ
සංගීතය – චිත්‍රාල් සෝමපාල
සංස‍්කරණය – අජිත් රාමනායක
ඇඳුම් නිර්මාණය – ශාමිලා ෆොන්සේකා
වේශ නිරුපණය – නාරද තොටගමුව
නිෂ්පාදන කළමනාකරණය – චන්දිමාල් කොඩිතුවක්කු
නිෂ්පාදන නිර්මාණ ශිල්පි – හේෂාන් දොන් ප්‍රේමසීල
නිෂ්පාදන සංවිධාන – සශීකලා හංසනී




හැඟීම් බර ආදර අන්දර නිරූපිත සිනමාපට සඳහා වර්තමානයේ දී ලබාදෙන අවකාශය පිළිබඳ සාකච්ඡාවකට මේ වගේ ආදරයක්‌ ද සහභාගී කරගත හැකිය. මෑතදීම මෙවැනි සාකච්ඡාවකට නිමිත්තක්‌ වූයේ "සිනහව අතරින්" සිනමාපටයයි. හැඟීම්බර ආදර අන්දර යනු සිනමාවට ආගන්තුක මාතෘකාවක්‌ නොවේ. ඇතැම් සරල විනෝදාත්මක සිනමාපට නිර්මාණය වන්නේද මේ මාතෘකාව මුල්කර ගෙනයි. විශේෂයෙන්ම සමාන්තර සිනමාපට මාදිලිය තුළ හැඟීම්බර ආදර අන්දර දිස්‌වන වාර ගණනාවකි. කලාත්මක - සම්භාවනීය සිනමාපට ද හැඟීම්බර ආදර අන්දර මුළුමනින්ම ප්‍රතික්‍ෂේප නොකරන බව සත්‍යයකි.

'මේ වගේ ආදරයක්‌' හි අධ්‍යක්‍ෂ චන්ද්‍රන් රත්නම් යනු විචාරක අවධානය ලබා ගත්තද, එය තහවුරු කර ගැනීමේ වාසිය ලබා නොගත් අයකු සේ පෙනේ. දිගු කලක්‌ තිස්‌සේ අඩු සිනමාපට ප්‍රමාණයක්‌ ඔහු අතින් නිර්මාණය වීම ඊට එක්‌ හේතුවකි. ඇතැම් තැනෙක ඔහු විවාදාත්මක කාරණා ඉස්‌මතු කළේය යන්න රහසක්‌ නොවේ. හොඳම උදාහරණය 'අලිමංකඩ' යි.

චන්ද්‍රන් රත්නම් මෙවර හැඟීම්බර ආදර අන්දරයක්‌ නිරූපණය කිරීමට ඉටා ගත්තේ නවමු මුහුණුවරකිනි. එක්‌ අතකින් 'මේ වගේ ආදරයක්‌' මෙරට සිනමා ශාලා කරා එන ඩිජිටල් තාක්‍ෂණය භාවිත කළ පළමු ලාංකේය සිනමාපටය යි. වඩා පැහැදිලි රූප රාමු දකිනු රිසියෙන් යුතු ප්‍රේක්‍ෂකයන්ට 'මේ වගේ ආදරයක්‌' අලුත් අත්දැකීමක්‌ වීමේ හැකියාවක්‌ නැතුවා ම නොවේ. කෙසේ වෙතත් අර නවමු මුහුණුවර ආ යුත්තේ සිනමාපටය වෙතින්ම ය. එහි දෘශ්‍යමාන කාරණා වෙතින් නොවේ.



මෙහි එන තරුණ යුවළගේ - රොෂාන්ගේ හා සෙරීනාගේ චරිත සඳහා නුපුරුදු දෙදෙනකු සම්බන්ධ කර ගන්නට චන්ද්‍රන් රත්නම් දැක්‌වූ උනන්දුව පැහැදිලිය. වැදගත් ම දේ ඔවුනගේ සැහැල්ලු රඟපෑම් සිනමාපටයේ තේමාව හා බද්ධ කරන්නට ඇති හැකියාව ගැන ඔහු තුළ තිබෙන්නට ඇතැයි සිතෙන විශ්වාසය යි. කෙතෙක්‌ දුරට එය තහවුරු වේ දැයි යන්න පිළිබඳව නම් ප්‍රශ්න පවතී. මෙතැනදී ප්‍රමුඛ අභිලාෂය බවට පත් වන්නේ පෙම් යුවළගේ සැහැල්ලු රඟපෑම් හැඟීම්බර ස්‌වරූපයකින් අවධාරණය කිරීම ය. අවැසි පසුබිමද තනා ගත යුතුවේ. එනම් සෙසු චරිත පමණක්‌ නොව චරිත අතර නොයෙක්‌ සබඳතාද විසින් උද්ගත කරනු ලබන කාරණා උපයෝගී කර ගත යුතුවීමයි. පැතලි චරිත නිර්මාණය වළක්‌වා ගැනීමට මෙයින් ලැබෙන පිටිවහල ඉමහත් ය.

පෙම්වතා ගුවන් නියමු පුහුණුකරුවකු වීමත්, පෙම්වතිය ඉංජිනේරු ශිෂ්‍යාවක වීමත් යන කාරණයද නොවැදගත් නොවේ. නමුත් එය පරයා එන්නේ චරිත අතර සබඳතා ය. සිනමාපටයේ ප්‍රකාශන ස්‌වරූපයට යටත්ව චරිත අතර සබඳතා විශ්වසනීය අන්දමින් හුවා දැක්‌වීමේ තැතකට සිනමාකරුවා පැමිණෙනු ඇතැයි ප්‍රේක්‍ෂකයා බලාපොරොත්තු වෙයි. සිනමාපටය නිමා වන්නේ එම බලාපොරොත්තුව සමඟ තවදුරටත් පොර බැදීමේ අවස්‌ථාවක්‌ ප්‍රේක්‍ෂකයාට හිමි කර දෙමිනි.

විවාහප්‍රාප්ත පෙම් යුවළට එරෙහි ලොකුම සතුරා වන්නේ සුවකළ නොහැකි රෝගයකි. එහෙත් ඊට පෙර රොෂාන් හා ඔහුගේ පියා අතර ඇති ගැටුම නිරූපණය කෙරේ. රොෂාන් කියා සිටින්නේ තමාට පියාගේ බලපෑමෙන් තොරව ජීවත් විය යුතු බවයි. පියාද සිය අදහස්‌ මුදා හරින්නේ වාචිකව ය. ඒ විනා පිය-පුතු ගැටුම තුළට පිවිසීමේ හැකියාවක්‌ ප්‍රේක්‍ෂකයාට නැත. රොෂාන් පියාගේ ආදරය ප්‍රතික්‍ෂේප කරන්නේ අහේතුකව ය. පියා තුළ ඇති දරු සෙනෙහසද එසේම ය. රොෂාන් - සෙරීනා යුවළගේ ආදර අන්දරයේ ඇති හුරු පුරුදු බව හා ශෝකාන්තය සිනමාපටයේ හැඟීම්බර හැඩරුව හා ගලපා ගැනීම දුෂ්කර වී ඇතැයි සිතේ. මෙවැනි සිනමාපට ප්‍රේක්‍ෂකයාට හුරුය. අන්තිම තත්පරයේදී හෝ සෙරීනා සුවපත් වේ යෑයි යන්න ප්‍රේක්‍ෂකයාගේ බලාපොරොත්තුවයි. සෙරීනාගේ මරණයත් සමඟම අර හැඟීම් බර බව රැගෙන යන්නට ප්‍රේක්‍ෂකයා අකමැති ය. ශෝකාන්තයක්‌ රැගෙන යැමේ අරුතක්‌ නැතැයි ඔහුට සිතෙනු ඇත. මෙතැනදී අවධානයට ලක්‌ විය යුතුම එහෙත් එපමණ අවධානයකට ලක්‌ නොවන කාරණයක්‌ද වේ. එනම් 'මේ වගේ ආදරයක්‌' රඳවා තැබිය යුත්තේ කොතැනකදැයි යන්න යි. 'සිනහව අතරින්' සේම 'මේ වගේ ආදරයක්‌' ද සමාන්තර සිනමා මාදිලියට එක්‌ කිරීම අසීරු ය. චන්ද්‍රන් රත්නම්ගේ පූර්ව සිනමාපට නම් සමාන්තර සිනමාව හා මීට වඩා ගනුදෙනු කළ බව පෙනේ. 'අලිමංකඩ' නම් වඩා විවාදාත්මක වූ සිනමාපටයකි. 'මේ වගේ ආදරයක්‌' හා 'අලිමංකඩ' අතර ඇති පරතරය සුවිශාල ය. 'ආදර කතාව', 'පොරොන්දුව' යන සිනමාපට කරා 'මේ වගේ ආදරයක්‌' ගෙන යැමද අසීරුය. එසේ නම් 'මේ වගේ ආදරයක්‌' හුදෙකලා වනු ඇතැයිද සිතේ. අඩු පිටපත් සංඛ්‍යාවක්‌ ප්‍රදර්ශනයට මුදා හැරීම එය තහවුරු කරන්නටද පුළුවන.

චන්ද්‍රන් රත්නම් සතුව ඇති සිනමා අත්දැකීම් ප්‍රමාණය සුළු පටු නොවේ. කෙසේ නමුත් ඔහු විසින් අධ්‍යක්‍ෂණය කරනු ලැබ ඇත්තේ සිනමාපට ස්‌වල්පයකි. ආදරය, සංත්‍රාසය සේම ජන වාර්ගික නොපෑහීම්, සිවිල් යුද ගැටුම් වැනි ඔහුට විෂය වූ කිසිවක්‌ නොවැදගත් නොවේ. ඔහු භාවිත කරන්නේද සරල ප්‍රකාශන රටාවකි. එබැවින්ම ඔහුට දැන් වුවමනා වන්නේ තර්කානුකූල තිරනාටකයක සහය යි. එබඳු විටෙක මෙතෙක්‌ ඔහු අධ්‍යක්‍ෂණය කළ සාර්ථකම සිනමාපටය වන 'අලිමංකඩ' අභිබවා යන්නට අවකාශ සැලසෙනු ඇත.



සිනමාවේ නැවුම් තාරුණ්‍යය අනුජ් රණසිංහ දිනමිණ පුවත්පතට කල සමුප සාකච්චාව ඇසුරෙනි


මේ අප සිනමාවට අලුත් කතා නායකයින් බිහි වන යුගයකි. ප්‍රවේගය සමඟින් හේමාල් රණසිංහ සිනමා ලෝලීන්ගේ හදවත් හි ළැඟුම් ගනිද්දී චන්ද්‍රන් රත්නම්ගේ නවතම සිනමා සිතුවම වන මේ වගේ ආදරයක් හි පෙම්වතා වෙමින් තවත් අලුත් කතානායකයෙක් රිදී තිරයට පැමිණ තිබේ. ඒ අනුජ් රණසිංහයි. නිරූපණ ශිල්පියකු වශයෙන් ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ඔහු සයුරි ටෙලි සිතුවමට දායක වෙමින් නළුවකු ලෙස කලඑළියට පැමිණියේය. ඉන් අනතුරුව අනුජ්ව අපට හමුවන්නේ මේ වගේ ආදරයක් සිනමා සිතුවම හරහායි.

අනුජ් එකම එක ටෙලි නාට්‍යයෙයි රඟපෑවෙ. ඉන් පස්සෙ සිනමා සිතුවමක ප්‍රධාන භූමිකාව ඔබට ලැබුණා. මොකද හිතෙන්නෙ?
මාරයි කියලා තමයි කියන්න වෙන්නෙ. එක අතකින් මගෙ වාසනාව හින්දයි එහෙම වෙන්න ඇත්තෙ.
මේ වගේ ආදරයක් අධ්‍යක්‍ෂණය කළේ චන්ද්‍රන් රත්නම්. එවන් අයකු යටතේ රංගනයේ යෙදෙනවා කියලා කියන්නෙ ඔබ වැනි අයෙකුට විරළ අවස්ථාවක්?
ඇත්ත. තවමත් මට හිතාගන්න බෑ මිස්ටර් රත්නම්ගෙ චිත්‍රපටයක මං රඟපෑවා කියලා. මා මේ වගේ ආදරයක් ගැන යාළුවන්ට කියද්දි ඔවුන් අහනවා චිත්‍රපටයෙ ඩිරෙක්ටර් කවුද කියලා. මං මිස්ටර් රත්නම්ගෙ නම කියද්දි හැමෝම කියන්නේ මං හරිම වාසනාවන්තයි, එවන් අයකුගෙ චිත්‍රපටයක මුලින්ම රඟපාන්නට අවස්ථාව හිමිවීම කියලයි.
කොහොමද ඔබට චන්ද්‍රන් රත්නම්ව මුණගැසෙන්නෙ?
හේෂාන් කියලා මගෙ මිත්‍රයෙකුයි මාව මිස්ටර් රත්නම් ළඟට යැව්වෙ. ඔහු හා මම මුලින්ම හමුවුණු දවසෙ ඔහු ඉතාම සුහදව මගෙත් එක්ක කතා කළා. දෙවනුව කිව්වා මං මගේ චිත්‍රපටයට ඔබව තෝරා ගන්නවා කියලා. ඩයලොග් බැලුවෙවත් නෑ. අඩුම ගානේ කිසි ස්ක්‍රීන් ටෙස්ට් එකකටවත් තිබ්බෙ නැතුවයි ඔහු මට චිත්‍රපටයේ චරිතය දුන්නේ.
චිත්‍රපටයේ ඔබ පයිලට් කෙනෙක්?
පොඩි කාලෙ මගෙ හීන දෙකක් තිබුණා. එකක් නළුවෙක් වෙන එක. අනික පයිලට් කෙනෙක් වෙන එක. මගෙ තාත්තා එයා ෆෝස් එකේ වැඩ කළේ. ඒ හින්දා තමයි පයිලට් පිස්සුව ඔළුවට ගැහැව්වෙ. මගෙ කාමරයෙ එක පැත්තක නළුවන්ගෙ පිංතූර තිබුණා. අනෙක් පැත්තෙ තිබුණෙ පයිලට්ලගෙ පිංතූර. වාසනාවට හෝ අවාසනාවට මට සැබෑ ජීවිතයේ පයිලට් කෙනෙක් වෙන්න ලැබුණේ නෑ. නමුත් මේ වගේ ආදරයක් නිසා මට පයිලට් ඇඳුම අඳින්න ලැබුණා. ප්ලේන් එකක මෙහෙයුම් මැදිරියෙ යන්න අවස්ථාවත් හිමි වුණා. ඒවා මගෙ ජීවිතයට අමතක නොවන අත්දැකීම්. දින කිහිපයකට හරි පයිලට් කෙනෙක් වුණා කියලා දැණුනාම දැනෙන්නෙ පුදමාකාර ආත්ම තෘප්තියක්.
ඔබ ක්ෂේත්‍රයට ආව හැටි මතක් කළොත්?
මං අර කිව්වනේ හීන දෙකක් තිබුණා කියලා. ඉන් රංගන හීනය හැබෑ කරගන්න නිතර අවස්ථා හෙව්වා. ඒ අතරතුරදී මගෙ උසත් එක්ක මං මොඩ්ලින් කරන්න ගියා. මට ඊට උදවු කළේ බ්‍රයන් කකෝවන් සහ වාසනා දන්තනාරායන. මං 2010 මිස්ටර් ශ්‍රී ලංකා තරගයෙන් වින් කළා. ඊට පසුව 2011 මිස්ටර් ඉන්ටර් නැෂනල් තරගාවලියේ අන්තිම පස්දෙනා දක්වා ආවා. ඔහොම කාලයක් මොඩ්ලිං කර කර ඉන්නකොට මා හිතාදර බුද්ධික කුලසේකර මට නාට්‍යයකට කතා කළා. ඒක තමයි සයුරි. මං එහි සිතිජ කියන ප්‍රධාන චරිතයටයි පණ පෙව්වේ.
සයුරි ඔබව හිතපු තරම් ජනපි‍්‍රය කළේ නෑ?
මෙහෙමයි, මට හිතෙන විදිහට ඒක ජනපි‍්‍රය ගණයේ නාට්‍යයක් නෙවෙයි. ඇත්තටම කිව්වොත් සයුරි හරහා මගෙ ලස්සන ප්‍රේක්‍ෂකයො දුටුවෙ නෑ. අනික ඒකෙ තිබුණෙ වෙනස්ම රංගන පරාසයක්.
සිනමාවට ද ටෙලි නාට්‍යවලටද ඔබ වඩාත් පි‍්‍රය?
සයුරි කෙසේ වෙතත් මේ චිත්‍රපටයට නම් මට ලැබුණු ප්‍රතිචාර ප්‍රමාණය දරාගන්න බැහැ. චිත්‍රපටය තිරගත වූ දින සිට මේ දක්වා අසීමිත ප්‍රතිචාරයන් ලැබුණා විවිධාකාර පුද්ගලයන්ගෙන්. සමහර විට මං හිතන්නෙවත් නැති පුද්ගලයො චිත්‍රපටයෙ මගෙ චරිතය ගැන කතා කරනවා. මං හිතනවා ඒකටත් හේතුවක් ඇති. මේ චිත්‍රපටයෙ මං නිදහසේ රඟපෑවා. ටෙලිවල තියෙන්නෙ ඩයලොග් කියන්න විතරයිනේ. මහාලෝකුවට අපට රංගනයෙ යෙදෙන්න නිදහසක් නැහැ. මං චිත්‍රපටයට මගෙ උපරිම දායකත්වය ලබා දුන් හින්දා වෙන්න ඇති මේ තරම් ප්‍රතිචාර.
නව පරපුරේ අයකු විදිහට ප්‍රවීණයන් සමඟ වැඩ කරන්නට ලැබීම ගැන මොනවද කියන්න තියෙන්නේ?
මට මතකයි මං පළමු වතාවට සයුරි නාට්‍යයේ රඟපාන්න ගිය දිනය. එදා මගේ අම්මාට රඟපාපු ගීතා කාන්ති ජයකොඩි මහත්මිය මට ළඟට කතාකරලා ඩයලොග් බලාගමු කිව්වා. අන්න එදා තමයි මට හිතුණෙ මං කොච්චර වාසනාවන්තද කියලා. ඇතැම් අවස්ථාවල මං ප්‍රවීණයන්ට වධයක් වුණා. ඒ මං නොදන්න දේවල් අහන්න ගිහින්. කියන්න සතුටුයි මට මෙතෙක් කල් හමුවුණු ප්‍රවීණ අය නම් ඉතාම වැදගත් සහ අලුත් අයට උදවු කරනවා.

ඔබගේ වැඩි ඇල්ම සිනමාවට වගේ?
ඔව්,
එතකොට ආයෙ ටෙලි නාට්‍යවල රඟපාන්න හිතක් නැත්ද?
හොඳ ටෙලි නාට්‍යයක් ආවොත් බාර නොගෙන ඉන්නෙ නැහැ.
ඔබට ඊළඟටත් පෙම්වතෙකුගේ චරිතයක් ලැබුණොත්?
කිසි ප්‍රශ්නයක් නැහැ. මං රපානවා.
රිදී තිරයෙදී ඔබට ගැළපෙනම පෙම්වතිය කවුද?
මං හිතනවා මට ඩිනක්‍ෂි පි‍්‍රයසාද්ව හොඳට ගැළපෙනවා කියලා.
අනුජ්ට අභියෝගයක් වෙන නළුවො ඉන්නවද?
අභියෝගයක් නෙවෙයි තරගයක් දෙන්න ඕන නළුවො නම් ඉන්නවා.
නම් වශයෙන් කියන්න පුළුවන්ද?
හේමාල් රණසිංහ, රොෂාන් රණවන.
චරිතයක් වෙනුවෙන් ඔබේ බාහිර ස්වරූපය වෙනස් කරගන්න ඔබ සූදානම්ද?
අනිවාර්යයෙන්ම. එහෙම චරිත මට ලැබෙනවට මම කැමැතියි. එතකොට වෙනසක්නෙ. කොණ්ඩෙ කපන්න ඕන නම් කපනවා. රැවුලත් එහෙමයි.
අනුජ් අනුගමනය කරන නළුවන් කවුද?
අර්ජුන් රාම්පාල්, ජෝන් ඒබ්‍රහම්, ෂාරුක්, අමීර්, මේ අය දිහා බලාගෙන මං බොහෝ දේ ඉගෙන ගන්නවා.
මේ වන විට ඔබට ගැහැනු ළමයි කී දෙනෙක් ආදරය ප්‍රකාශ කරලා තියෙනවද?
හතක් අටක් විතර.
ඒ අතරේ නිළියොත් ඉන්නවාද?
අපෝ නැහැ.
රිදී තිරයෙ පෙම්වතා වෙන්න බලාපොරොත්තුවෙන් හිටියත්, ගැහැනු ළමයි ගණනාවක් ආදරේ ප්‍රකාශ කළත් ඔබ තවම තනිකඩයි?
මිස්ටර් ශ්‍රී ලංකා වුණාට පසුව මගෙ අන්තිම පෙම්වතිය මාව දාලා ගියා. ඒකට හේතුව වුණේ මගෙ කලා ජීවිතය නෙවෙයි. යම් යම් නොගැළපීම් මත අපි වෙන් වුණා. එදායින් පසුව ආදරයක් ගැන හිතුවෙ නැහැ.
අනුජ්ගෙ වෘත්තිය රංගනය නෙවෙයි?
ඔව්, වෙඩින් සහ ඉවෙන්ට් මැනේජ්මන්ට් තමයි මගෙ වෘත්තිය.
අනුජ් ගෙ ගෙවල් කොහෙද?
පානදුරේ.
ඉගෙන ගත්තේ ?
පානදුර ශ්‍රී සුමංගල සහ කොළඹ ශාන්ත පීතර විද්‍යාලවලින්.
පවුලේ විස්තරත් කියමු?
අම්මයි, තාත්තයි, අක්කයි.

රු ගත කිරීම් අතර තුර..






විශේෂ අවස්ථා කිහිපයක්..








(අන්තර්ජාලය ඇසුරින්)

මේ ලිපියෙත්.  අදහස් හා යෝජනා කියන්නකෝ…

www.facebook.com/charuka4u

තවත් තොරතුරු ලබා ගන්න… මගේ බ්ලොග් පිටුවට එන්න…

http://charukalakshitha.blogspot.com/

Sunday, October 4, 2015

වංකගිරිය තරණය සඳහා දුවන්නෝ... || The Maze Runner (2014)




මෙන්න ගිහින් බලන්නකෝ ෆිල්ම් එක...
The Maze Runner (2014) | වංකගිරියේ ධාවකයා…. [සිංහල උපසිරැසි සමඟ]
මෙන්න link එක...

(ෆිල්ම් එකට සබ් දමපු “සමීර කරුණාරත්න” සහෝට මුලුන්ම ස්තුති වන්ත වෙන්න ඕන...)


සිහිය පැමිණෙන විට තෝමස් නම් යෞවනයා සිටින්නේ සතර කොණින් වටවුණු සුවිසල් චතුරශ්‍රයක් තුළය. ඔහු මෙන්ම එහි සිරවී සිටින අනෙක් තරුණයන්හටද ස්වකීය අතීතය පිළිබඳව කිසිදු මතකයක් නැත. සුවිසල් තාප්පයෙන් එපිට ඇත්තේ දිනෙන් දින වෙනස් වන වංකගිරියකි. එය තරණය කිරීමට සුදුසුකම් ලද්දෝ ‘දුවන්නෝ’ (Runners) නමින් හැඳීන්වෙති. තෝමස්ගේ දක්ෂකම් නිසා කණ්ඩායම ඔහුද දුවන්නෙක් ලෙස උසස් කරති.



තෝමස්ගේ නායකත්වයට කණ්ඩායමේ දක්ෂතාවය නිසා බෙහෙවින් දුෂ්කර වූ වංකගිරිය තරණය කිරීමට හැකි වේ. පණ බේරාගෙන පැමිණෙන මෙම තරුණයන්ට ලැබෙන අවසාන පණිවුඩය වන්නේ ඔවුන් පරීක්ෂණයේ පළමුවන අදියර නිමා කර දෙවැනි අදියරට යොමු කරන බවයි. සත්‍යවශයෙන්ම මෙය ආරම්භයක් පමණි.



පසුගිය 2014 වසරේ ලොවපුරා අතිශය සාර්ථක ආදායම් ඉපැයූ Maze Runner  (මේස් රනර්) චිත්‍රපට සංක්ෂිප්ත වන්නේ මෙලෙසිනි. මෙම පරීක්ෂණයේ දෙවැනි අදියර ඇරඹුමට කාලයයි. ලෝකය සහමුලින්ම විනාශ වී ඇත. එය දවන ලද භූමිය (Scorch) නමින් හැඳීන්වේ.



WCKD  නම් බලගතු සංවිධානය තෝමස් සහ අනෙක් තරුණයන්ට එරෙහිව සකසන ලද දරුණු සැලසුම ඔවුන් අවබෝධ කරගනී. අලුත් මිතුරෙකුගේ සහයෙන් තරුණයින් විනාශ වූ දවන ලද භූමිය වෙත පැන යන්නේ WCKD සංවිධානය සමඟ සටන් වැදිය හැකි විප්ලවවාදීන් සොයා ගැනීම වෙනුවෙනි. භයානක බාධක හා වෛරසයකින් විෂම වූවන්ගෙන් සැදුම්ලත් බිහිසුණු දවන ලද භූමියෙහි මෙම තරුණයින්හට පණ බේරාගත හැකි වේවිද?



එම ප්‍රශ්නයට විසඳුම් ගෙන එන්නේ Maze Runnerචිත්‍රපටයේ දෙවැනි දිගහැරුම වන Maze Runner : The Scorch Trials  චිත්‍රපටය යි. පසුගිය 18 වැනිදා ලොවපුරා තිරගත කිරීම ඇරඹි Maze Runner : The Scorch Trials  සිය පළමු සතිය අවසානවීම සමඟින් එහි පිරිවැය වූ අමෙරිකානු ඩොලර් මිලියන 61ක් මෙන් දෙගුණයක ආදායමක් උපයා ගත්තේය.



වෙස් බෝල් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය ඇලන් ගෝල්ඩ්ස්මිත්ගේ ඇතුළු සිව් දෙනෙකුගේ නිෂ්පාදනයකි. Maze Runner පළමු චිත්‍රපටය සේම මෙයද ජේම්ස් ඩැෂ්නර් විසින් රචිත Maze Runner : The Scorch Trials නම් යොවුන් නවකතාව පාදක කරගෙන නිර්මාණය වූවකි. ජෝන් පැසෙනෝගේ සංගීතයෙන් ඔපවත් වූ මෙම චිත්‍රපටය ට්වෙන්ටියත් සෙන්චුරි ෆොක්ස් බෙදාහැරීමකි.



එය IMDB  දර්ශකයේ හිමිකර ගත් ලකුණු ප්‍රමාණය 7.1/10කි. රොටෙන් ටොමැටෝස්හි සියයට 51ක් සහ මෙටාක්‍රිටික් හි සියයට 43කි Maze Runner : The Scorch Trials  චිත්‍රපටය වෙනුවෙන් ලැබී ඇත.



Maze Runner : The Scorch Trials මිශ්‍ර විචාරක ප්‍රතිචාර ලත් චිත්‍රපටයකි. මෙය හොඳ ක්‍රියාදාම චිත්‍රපටයක් වන නමුත් චරිතයන්හි වර්ධනයක් පෙන්නුම් නොකරන බව විචාරක අදහසයි. තවත් පිරිසකගේ අදහස වන්නේ, මෙම චිත්‍රපටයේ කතාවක ආරම්භය සහ අවසානය නැති මැද පමණක් ඇති බවයි.



මෙහි පළමු චිත්‍රපටය ජේම්ස් ඩැෂ්නර්ගේ තුන් ඈඳුතු යොවුන් නවකතා පෙළක පළමු වැන්න වූ Maze Runner ප්‍රබන්ධය පාදකකර ගෙනය. එය මෙම චිත්‍රපට මාලාවේ ආරම්භක චිත්‍රපටය යි. මෙම කතා මාලාවේ තෙවැන්න හෙවත් අවසානය The Death Came (ද ඩෙත් කේම්) නම් වේ.





(අන්තර්ජාලය ඇසුරින්)

මේ ලිපියෙත්.  අදහස් හා යෝජනා කියන්නකෝ…

www.facebook.com/charuka4u

තවත් තොරතුරු ලබා ගන්න… මගේ බ්ලොග් පිටුවට එන්න…

http://charukalakshitha.blogspot.com/