Wednesday, August 19, 2015

Hotel for Dogs (2009) | බල්ලන්ට වෙන්වූ නිවහනක්. [සිංහල උපසිරසි සමඟ]

….. 2015 – 08 – 19 අද මගේ 23 වෙනි උපන් දිනය …. ඔන්න යාළුවනේ මගේ 23 වෙනි උපන් දිනය දවසේ ඔයාලට මගෙන් උපන් දින තෑග්ගක් විදියට මම බයිස්කෝප් 4 ක්ම අරගෙන අවා.. දෙමළ දෙකයි තෙලිගු එකයි එක ඉංග්ලිෂ් බයිස්කෝප් එකකුයි තමයි අද අරගෙන අවේ… 1. Vallinam (2014) — පැසිපන්දුවේ නාමයෙන්.. 2. Boys (2003) — යහළුවෝ.. 3. Adhurs (2010) — නිවුන් සොහොයුරෝ.. 4. Hotel for Dogs (2009) — බල්ලන්ට වෙන්වූ නිවහනක්.. මට මේ බයිස්කෝප් 4ම කරන්න හැමදාමත් වගේ ඉෂාරා නංගි උදව් උණා… මම හිතනවා මගේ මේ පුංචි වැයම සාර්ථක වෙයි කියලා… ස්තුති කරන්න ගොඩාක් අය ඉන්නවා…මුලින්ම මගේ ආදරණිය ඉෂාරා නංගිට.. දෙවනුව මම වගේම සිංහලෙන් උපසිරස බලන්න දෙන අපේ සොයුරු සොයුරියන්ට.. අවසාන වශයෙන් බයිස්කෝප් එකේ සියලුම කාර්යමණ්ඩලයට තුති පුද කරන්න ඕන… තව කියන්න බොහෝ දේ ඇත එකට මේ කාලය නෙවෙයි… ඔන්න මගේ මේ අදියරේ හතරවන බයිස්කෝප් එක ගැන හදුන්වලා දෙන්නයි යන්නේ… 4. Hotel for Dogs (2009) — බල්ලන්ට වෙන්වූ නිවහනක්.. මම හිතනවා මේ බයිස්කෝප් එක ඔයාලා ගොඩ දෙනෙක් බලල ඇති කියලා.. Hotel for Dogs (2009) කියන්නේ English කතාවක. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Thor Freudenthal මේක එලියට ඇවිත් තියෙන්නේ 16 Jan 2009. මේ බයිස්කෝප් එක IMDb 5.3 / 10 අරන් තියනවා.. බයිලා ඇතිනේ කතාව පොඩ්ඩක් කියන්නම්කො.. ඇන්ඩ් සහ බ්රුස් දෙමාපියන් නොමෙතිව බර්නි කියන කෙනා යටතේ හැදෙන ළමයි දෙන්නෙක්. මෙයාල ඉන්නේ ලොයිස් කියලා පවුලක. මෙයාලගේ බල්ලාගේ නම ෆ්‍රයිඩේ. එත් මේ ලොයිස් පවුල බල්ලන්ට කැමති නැහැ. මෙයාලා ජිවත් වෙන නගරේ නීතියක් තමයි අනාථ වෙච්ච බල්ලන්ව අරන් ගිහින් පැය 70 ඇතුළත වැඩිහිටි කව්රු හරි ආවේ නැත්නම් හොයාගෙන ඒ බල්ලන්ව මරණ එක. මේ ෆ්‍රයිඩේවත් දවසක් පාරේ ඉදලා එහෙම අරන් යනවා. මේ ළමයි දෙන්නා කොහොම හරි ෆ්‍රයිඩේව නිදහස් කරගන්නවා. එහෙම නිදහස් කරන් එන අතරතුර මෙයාලා ඉන්න තැනම කඩයක් හොරුන් විසින් කඩනවා. එතනට එන පොලිසියට බය උණ ළමයි සහ බලු පැටියා දුවගෙන යනවා. ඒ අතරමග ෆ්‍රයිඩේ පරණ හෝටලයක් ඇතුළට යනවා. ෆ්‍රයිඩේව හොයන යන ළමයි දෙන්නට මුණ ගැසෙන්නේ කවුද? එයාලට ෆ්‍රයිඩේව හැමදාම ආරක්ෂා කරන්න පුළුවං වෙයිද? මේ පවුලට තව එකතු වෙන්නේ කවුද? ෆිල්ම් එක බලලම ඉන්නකෝ…. ඇති ඇති.. අරගෙනම බලන්නකෝ… මගේ මේ පුංචි වැයම සාර්ථකයි හෝ අසාර්ථකයි කියලා හිතනවානම් පොඩි අදහසකුත් දාල යන්නකෝ… අඩුම තරමේ බයිස්කෝප් එක වැඩක් නැහැ හරි කියලා කියන්නකෝ.. ඔයාලගේ අදහස්වලින් තමයි අපිව දිරිමත් කරලා තව තවත් බයිස්කෝප් එක දියුණු කරන්න තව තවත් බයිස්කෝප් අරගෙන එන්නේ… ප්‍රසිද්ධියේ කියන්න බැරිනම් මගේ මුහුණ පොතට ඇවිත් කියලා යන්නකෝ… fb.com/charuka4u… ඉතින් ජය… ඊළග බයිස්කෝප් එකේදී හම්බවෙමු….


මෙන්න ලින්ක් එක..

http://www.baiscopelk.com/hotel-for-dogs-2009-with-sinhala-subtitle/

Adhurs (2010) | නිවුන් සොහොයුරෝ. [සිංහල උපසිරසි සමඟ]



….. 2015 – 08 – 19 අද මගේ 23 වෙනි උපන් දිනය ….

ඔන්න යාළුවනේ මගේ 23 වෙනි උපන් දිනය දවසේ ඔයාලට මගෙන් උපන් දින තෑග්ගක් විදියට මම බයිස්කෝප් 4 ක්ම අරගෙන අවා.. දෙමළ දෙකයි තෙලිගු එකයි එක ඉංග්ලිෂ් බයිස්කෝප් එකකුයි තමයි අද අරගෙන අවේ…
1. Vallinam (2014) — පැසිපන්දුවේ නාමයෙන්..
2. Boys (2003) — යහළුවෝ..
3. Adhurs (2010) — නිවුන් සොහොයුරෝ..
4. Hotel for Dogs (2009) — බල්ලන්ට වෙන්වූ නිවහනක්..
මට මේ බයිස්කෝප් 4ම කරන්න හැමදාමත් වගේ ඉෂාරා නංගි උදව් උණා… මම හිතනවා මගේ මේ පුංචි වැයම සාර්ථක වෙයි කියලා…
ස්තුති කරන්න ගොඩාක් අය ඉන්නවා…මුලින්ම මගේ ආදරණිය ඉෂාරා නංගිට.. දෙවනුව මම වගේම සිංහලෙන් උපසිරස බලන්න දෙන අපේ සොයුරු සොයුරියන්ට.. අවසාන වශයෙන් බයිස්කෝප් එකේ සියලුම කාර්යමණ්ඩලයට තුති පුද කරන්න ඕන… තව කියන්න බොහෝ දේ ඇත එකට මේ කාලය නෙවෙයි… ඔන්න මගේ මේ අදියරේ තුන්වෙනි බයිස්කෝප් එක ගැන හදුන්වලා දෙන්නයි යන්නේ…
3. Adhurs (2010) — නිවුන් සොහොයුරෝ..
මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ S. Shankar. මේක එලියට ඇවිත් තියෙන්නේ Jan 13, 2010. කතා කාලය පැය දෙකයි විනාඩි 17 ක් වෙනවා… මේ බයිස්කෝප් එකේ කතා නායිකාව sheela kaur කතා නායකයා N. T. Rama Rao Jr. මේ බයිස්කෝප් එක IMDb 6.7 / 10 අරන් තියනවා.. බයිලා ඇතිනේ කතාව පොඩ්ඩක් කියන්නම්කො…
පෙනුමෙන් එක වගේ දෙන්නෙක්.. එක්කෙනෙක් පුජක චාරි. අනිත් කෙනා නරසිම්හා. දෙන්නා එකම තැන හිටියොත් කොහොම ඉදිද්ද? එකම පෙනුම හැබැයි හැසිරීම වෙනස්. දෙන්නට දෙන්නා දන්නේ නැහැ එයාලාට නිවුන් සහෝදරයෝ ඉන්නවා කියලා. ඉතින් එයාලා දෙන්නා වටේ ඉන්න අයටත් දෙන්නව හදුනා ගන්න බැරිව එක එක සිද්ධි දාමයන් මෙම ෆිල්ම් එක තුළ සිද්ධ වෙනවා. කව්රුත් නොදන්න කතාවක් තමයි මේ දෙන්නගෙම තාත්තාව ඩොන් කියල කෙනෙක් හංගන් ඉන්නවා කියන එක. ඒක මෙයාලා දැනගත්තම මොනවා වෙයිද? මේක එක විදියකින් හාස්‍යජනක ෆිල්ම් එකක්. තවත් පැත්තකින් සටන්කාමී ෆිල්ම් එකක්. හරියටම මේ ෆිල්ම් එකේ ඉන්න නිවුන් දරුවන් දෙන්නා වගේ.
ඇති ඇති.. අරගෙනම බලන්නකෝ…
මගේ මේ පුංචි වැයම සාර්ථකයි හෝ අසාර්ථකයි කියලා හිතනවානම් පොඩි අදහසකුත් දාල යන්නකෝ… අඩුම තරමේ බයිස්කෝප් එක වැඩක් නැහැ හරි කියලා කියන්නකෝ.. ඔයාලගේ අදහස්වලින් තමයි අපිව දිරිමත් කරලා තව තවත් බයිස්කෝප් එක දියුණු කරන්න තව තවත් බයිස්කෝප් අරගෙන එන්නේ… ප්‍රසිද්ධියේ කියන්න බැරිනම් මගේ මුහුණ පොතට ඇවිත් කියලා යන්නකෝ… fb.com/charuka4u…
ඉතින් ජය… ඊළග බයිස්කෝප් එකේදී හම්බවෙමු….

මෙන්න link ඒක..

http://www.baiscopelk.com/adhurs-2010-with-sinhala-subtitle/

Boys (2003) | යහළුවෝ. [සිංහල උපසිරසි සමඟ]



….. 2015 – 08 – 19 අද මගේ 23 වෙනි උපන් දිනය ….

ඔන්න යාළුවනේ මගේ 23 වෙනි උපන් දිනය දවසේ ඔයාලට මගෙන් උපන් දින තෑග්ගක් විදියට මම බයිස්කෝප් 4 ක්ම අරගෙන අවා.. දෙමළ දෙකයි තෙලිගු එකයි එක ඉංග්ලිෂ් බයිස්කෝප් එකකුයි තමයි අද අරගෙන අවේ…
1. Vallinam (2014) — පැසිපන්දුවේ නාමයෙන්..
2. Boys (2003) — යහළුවෝ..
3. Adhurs (2010) — නිවුන් සොහොයුරෝ..
4. Hotel for Dogs (2009) — බල්ලන්ට වෙන්වූ නිවහනක්..
මට මේ බයිස්කෝප් 4ම කරන්න හැමදාමත් වගේ ඉෂාරා නංගි උදව් උණා… මම හිතනවා මගේ මේ පුංචි වැයම සාර්ථක වෙයි කියලා…
ස්තුති කරන්න ගොඩාක් අය ඉන්නවා…මුලින්ම මගේ ආදරණිය ඉෂාරා නංගිට.. දෙවනුව මම වගේම සිංහලෙන් උපසිරස බලන්න දෙන අපේ සොයුරු සොයුරියන්ට.. අවසාන වශයෙන් බයිස්කෝප් එකේ සියලුම කාර්යමණ්ඩලයට තුති පුද කරන්න ඕන… තව කියන්න බොහෝ දේ ඇත එකට මේ කාලය නෙවෙයි… ඔන්න මගේ මේ අදියරේ දෙවෙනි බයිස්කෝප් එක ගැන හදුන්වලා දෙන්නයි යන්නේ…
2. Boys (2003) — යහළුවෝ..
මම හිතනවා මේ බයිස්කෝප් එක ඔයාලා ගොඩ දෙනෙක් බලල ඇති කියලා.. Boys කියන්නේ දෙමළ කතාවක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ S. Shankar. මේක එළියට ඇවිත් තියෙන්නේ 2003 අගෝස්තු 29. කතා කාලය පැය දෙකයි විනාඩි 17 ක් වෙනවා… මේ බයිස්කෝප් එකේ කතා නායිකාව Genelia D Souza (හරිනි) කතා නායකයා Siddharth (මුන්නා) සහා මුන්නගේ යාළුවෝ 4 දෙනෙකුත් ඉන්නවා.. මේ බයිස්කෝප් එක IMDb 7.3 / 10 අරන් තියනවා.. බයිලා ඇතිනේ කතාව පොඩ්ඩක් කියන්නම්කො…
මේ කථාවේ පසුබිම ගැටවර වියේ පසුවන කොල්ලන් 5 දෙනෙක් ගැනයි. රස්තියාදු ගගහ ඉන්නවා. මෙයාලා කට්ටියටම හොදට සින්දු කියන්න පුළුවං. දවසක් කට්ටිය තාප්පේ උඩට වෙලා ඉන්නකොට ලස්සන කෙල්ලෙක් එයාලගෙන් උදව් ඉල්ලන් එනවා. ඒ හරිනි. මේ කට්ටියගේ කෙනෙක් වුණ මුන්නා හරිනිට ආදරේ කරනවා. මෙයාලගේ ආදරේට ගෙදරින් විරුද්ධ වුණ නිසා දෙමාපියන්ට විරුද්ධව විවාහ වෙනවා. වෙනම පදිංචියට යනවා. ජිවත් වෙන්න විදිහක් හොයා හොයා ඉන්නකොට කට්ටියගෙම දක්ෂතාවය වුණ මියුසික් වලින් වැඩක් කරන්න කියලා හිතනවා.එයාලා සංගීතා කණ්ඩායමක් පටන් ගන්නවා.. මෙයාලට ඒ කණ්ඩායම සාර්ථක කරගන්න පුළුවං වෙයිද? මුන්නගේ විවාහය සාර්ථක වෙයිද? ඊට පස්සේ මොනවා වෙයිද? ඇති ඇති.. අරගෙනම් බලන්නකෝ…
මගේ මේ පුංචි වැයම සාර්ථකයි හෝ අසාර්ථකයි කියලා හිතනවානම් පොඩි අදහසකුත් දාල යන්නකෝ… අඩුම තරමේ බයිස්කෝප් එක වැඩක් නැහැ හරි කියලා කියන්නකෝ.. ඔයාලගේ අදහස්වලින් තමයි අපිව දිරිමත් කරලා තව තවත් බයිස්කෝප් එක දියුණු කරන්න තව තවත් බයිස්කෝප් අරගෙන එන්නේ… ප්‍රසිද්ධියේ කියන්න බැරිනම් මගේ මුහුණ පොතට ඇවිත් කියලා යන්නකෝ… fb.com/charuka4u…
ඉතින් ජය… ඊළග බයිස්කෝප් එකේදී හම්බවෙමු….

මෙන්න link එක..

http://www.baiscopelk.com/boys-2003-with-sinhala-subtitle/

Tuesday, August 18, 2015

Vallinam (2014) | පැසිපන්දුවේ නාමයෙන්. [සිංහල උපසිරසි සමඟ]



….. 2015 – 08 – 19 අද මගේ 23 වෙනි උපන් දිනය ….


ඔන්න යාළුවනේ මගේ 23 වෙනි උපන් දිනය දවසේ ඔයාලට මගෙන් උපන් දින තෑග්ගක් විදියට මම බයිස්කෝප් 4 ක්ම අරගෙන අවා.. දෙමළ දෙකයි තෙලිගු එකයි එක ඉංග්ලිෂ් බයිස්කෝප් එකකුයි තමයි අද අරගෙන අවේ…

1. Vallinam (2014) — පැසිපන්දුවේ නාමයෙන්..
2. Boys (2003) — යහළුවෝ..
3. Adhurs (2010) — නිවුන් සොහොයුරෝ..
4. Hotel for Dogs (2009) — බල්ලන්ට වෙන්වූ නිවහනක්..

මට මේ බයිස්කෝප් 4ම කරන්න හැමදාමත් වගේ ඉෂාරා නංගි උදව් උණා… මම හිතනවා මගේ මේ පුංචි වැයම සාර්ථක වෙයි කියලා…
ස්තුති කරන්න ගොඩාක් අය ඉන්නවා…මුලින්ම මගේ ආදරණිය ඉෂාරා නංගිට.. දෙවනුව මම වගේම සිංහලෙන් උපසිරස බලන්න දෙන අපේ සොයුරු සොයුරියන්ට.. අවසාන වශයෙන් බයිස්කෝප් එකේ සියලුම කාර්යමණ්ඩලයට තුති පුද කරන්න ඕන… තව කියන්න බොහෝ දේ ඇත එකට මේ කාලය නෙවෙයි… ඔන්න මගේ මේ අදියරේ පළවෙනි බයිස්කෝප් එක ගැන හදුන්වලා දෙන්නයි යන්නේ…
1. Vallinam (2014) — පැසිපන්දුවේ නාමයෙන්..
Vallinam කියන්නේ දෙමළ කථාවක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Arivazhagan Venkatachalam. මේක එළියට ඇවිත් තියෙන්නේ 2014 පෙබරවාරි 28. කතා කාලය පැය දෙකයි විනාඩි 12ක් වෙනවා… මේකේ රගපාන්නේ : කතා නායකයා nakul ( ක්‍රිෂ්ණා ) කතා නායිකාව Mrudhula Bhaskar ( මීරා ) … මේ බයිස්කෝප් එක IMDb 6.8 / 10 අරන් තියනවා..බයිලා ඇතිනේ කතාව පොඩ්ඩක් කියන්නම්කො…
ශිවා සහ ක්‍රිෂ්ණා හොදම යාළුවෝ දෙන්නෙක්. දෙන්නම ආශාවෙන් සෙල්ලම් කරේ බාස්කට් බෝල්. දවසක් තරගය අතර තුර ශිවාට බෝලයක් වැදිලා ශිවා ජිවිතක්ෂයට පත් වෙනවා. ඒ කම්පනය දරාගන්න බැරි නිසාම ක්‍රීඩාවෙන් සහ කොලේජ් එකෙන් අයින් වෙලා නැෂනල් කොලේජ් එකට යන ක්‍රිෂ්ණාට තවත් අලුත් යාළුවෙක් හම්බ වෙනවා. ඒ ගුනා. මේ දෙන්නත් හොදම යාළුවෝ වෙනවා. දවසක් බාස්කට් බෝල් සෙල්ලම් කරා කියලා ක්‍රිකට් ගහන සීනියර් වම්සි ඇවිත් ගුනාට ගහනවා. ඒක දරාගන්න බැරි උණ ක්‍රිෂ්ණා ගිහින් වම්සිට ගහනවා. එතනින් තමයි ප්‍රශ්නය පටන් ගන්නේ. ඒ අනුව වම්සි ක්‍රිෂ්නාට අභියෝග කරනවා පුළුවං නම් තරගාවලියක් දිනලා පෙන්වන්න කියලා. අහ් තව දෙයක් මේ අතර පුංචියට ආදර කතාවකුත් ගාලාගෙන යනවා. ඒ ක්‍රිශ්ණා සහ මීරා අතර. ඒ ආදර කතාවට මොනවා වෙයිද? ඒ අභියෝගය ක්‍රිෂ්ණා ඇතුළු කණ්ඩායම ජය ගනීද? ඊට පස්සේ මොනවා වෙයිද? ඇති ඇති.. අරගෙනම් බලන්නකෝ…
මගේ මේ පුංචි වැයම සාර්ථකයි හෝ අසාර්ථකයි කියලා හිතනවානම් පොඩි අදහසකුත් දාල යන්නකෝ… අඩුම තරමේ බයිස්කෝප් එක වැඩක් නැහැ හරි කියලා කියන්නකෝ.. ඔයාලගේ අදහස්වලින් තමයි අපිව දිරිමත් කරලා තව තවත් බයිස්කෝප් එක දියුණු කරන්න තව තවත් බයිස්කෝප් අරගෙන එන්නේ… ප්‍රසිද්ධියේ කියන්න බැරිනම් මගේ මුහුණ පොතට ඇවිත් කියලා යන්නකෝ… fb.com/charuka4u…
ඉතින් ජය… ඊළග බයිස්කෝප් එකේදී හම්බවෙමු….

මෙන්න ලින්ක් එක...

http://www.baiscopelk.com/vallinam-2014-with-sinhala-subtitle/