Saturday, August 9, 2014

24 [S01: E12] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]


මෙන්න link එක...


ඔන්න හා හා පුරා කියලා TV Series එකකට සබ් දාන්න පටන් ගත්තා. තනියම කරන්න බැරි නිසා යාලුවෝ කරන එකකට මමත් හව්ල් උනා. මට මේක බාර දුන්නේ ගයාන් සොයුරා. එයා මට ගොඩක් උදව් කරා මේ සබ් එකේ වැරදි හදලා දෙන්න…

කලින් කොටස බලපු ඔයාලා දකින්න ඇතිනේ. ජැක් විසින් ටෙඩ් කොෆ්ල් ව පැහැරගෙන යනවා කි ජෙමිට ලැබුණු ඊමේල් එකේ ඔහුගේ නම සදහන් වෙලා තිබුන නිසා ඔහු හදන්නේ ටෙඩ් ගෙන් අනිත් කුමන්ත්‍රණ කරුවන්ගේ නම් දැනගන්න. ඊරාට නියෝගයක් ලැබෙනවා ඔහුගේ ලොක්කාගෙන්ටෙරී සහ කිම්ව මරන්න කියලත්.

අද කොටසින්
ජැක් හට ඉඩ ලැබෙනවා කෙවින් මග පෙන්වීම යටතේ ටෙරී සහ කිම් ඉන්න තැනට යන්න. ග්‍රීන් දිගින් දිගටම නිනා සහ ටෝනිට තර්ජනය කරනවා ජැක් ඉන්න දිහා කියන්න කියලත්. පාමර්ට දැන් ගන්න ලැබෙනවා ඔහුගේ පුතාගේ සිද්ධිය දැන් වෙන කෙනෙක් විසින් විසදන්න හදනවා කියලා. ඉතින් බලන්නකෝ ජැක්ට ඔහුගේ පවුල බෙර ගන්න හැකි වෙයිද සහයට කිසිම කණ්ඩායමක් නැතිව ඊරාගේ මිනිසුන් සමග තනියම සටන් කරලා. නිනා සහ ටෝනි දෙදෙනාට ග්‍රීන් මොන මොන විදිහේ තර්ජනද එල්ල කරන්නේ ජැක් ඉන්න දිහා දැනගන්න. ඔවුන් දෙදෙනාට මොන විදිහේ දේවල් කරන්න වෙයිද ග්‍රින්ගේ නහයට යටින් ජැක්ට උදවු කරන්න. කවුද කිත් ගේ සිද්ධිය දැන් පාලනය කරන්නේ කියලත් බලන්න. ඉතින් ආරධනා කරනවා හැමෝටම බලන්න කියලා ජැක් බවර් ගේ ජිවිතයෙන් තවත් පැයක් අපි ගිය ජය.

No comments:

Post a Comment