Sunday, October 4, 2015

වංකගිරිය තරණය සඳහා දුවන්නෝ... || The Maze Runner (2014)




මෙන්න ගිහින් බලන්නකෝ ෆිල්ම් එක...
The Maze Runner (2014) | වංකගිරියේ ධාවකයා…. [සිංහල උපසිරැසි සමඟ]
මෙන්න link එක...

(ෆිල්ම් එකට සබ් දමපු “සමීර කරුණාරත්න” සහෝට මුලුන්ම ස්තුති වන්ත වෙන්න ඕන...)


සිහිය පැමිණෙන විට තෝමස් නම් යෞවනයා සිටින්නේ සතර කොණින් වටවුණු සුවිසල් චතුරශ්‍රයක් තුළය. ඔහු මෙන්ම එහි සිරවී සිටින අනෙක් තරුණයන්හටද ස්වකීය අතීතය පිළිබඳව කිසිදු මතකයක් නැත. සුවිසල් තාප්පයෙන් එපිට ඇත්තේ දිනෙන් දින වෙනස් වන වංකගිරියකි. එය තරණය කිරීමට සුදුසුකම් ලද්දෝ ‘දුවන්නෝ’ (Runners) නමින් හැඳීන්වෙති. තෝමස්ගේ දක්ෂකම් නිසා කණ්ඩායම ඔහුද දුවන්නෙක් ලෙස උසස් කරති.



තෝමස්ගේ නායකත්වයට කණ්ඩායමේ දක්ෂතාවය නිසා බෙහෙවින් දුෂ්කර වූ වංකගිරිය තරණය කිරීමට හැකි වේ. පණ බේරාගෙන පැමිණෙන මෙම තරුණයන්ට ලැබෙන අවසාන පණිවුඩය වන්නේ ඔවුන් පරීක්ෂණයේ පළමුවන අදියර නිමා කර දෙවැනි අදියරට යොමු කරන බවයි. සත්‍යවශයෙන්ම මෙය ආරම්භයක් පමණි.



පසුගිය 2014 වසරේ ලොවපුරා අතිශය සාර්ථක ආදායම් ඉපැයූ Maze Runner  (මේස් රනර්) චිත්‍රපට සංක්ෂිප්ත වන්නේ මෙලෙසිනි. මෙම පරීක්ෂණයේ දෙවැනි අදියර ඇරඹුමට කාලයයි. ලෝකය සහමුලින්ම විනාශ වී ඇත. එය දවන ලද භූමිය (Scorch) නමින් හැඳීන්වේ.



WCKD  නම් බලගතු සංවිධානය තෝමස් සහ අනෙක් තරුණයන්ට එරෙහිව සකසන ලද දරුණු සැලසුම ඔවුන් අවබෝධ කරගනී. අලුත් මිතුරෙකුගේ සහයෙන් තරුණයින් විනාශ වූ දවන ලද භූමිය වෙත පැන යන්නේ WCKD සංවිධානය සමඟ සටන් වැදිය හැකි විප්ලවවාදීන් සොයා ගැනීම වෙනුවෙනි. භයානක බාධක හා වෛරසයකින් විෂම වූවන්ගෙන් සැදුම්ලත් බිහිසුණු දවන ලද භූමියෙහි මෙම තරුණයින්හට පණ බේරාගත හැකි වේවිද?



එම ප්‍රශ්නයට විසඳුම් ගෙන එන්නේ Maze Runnerචිත්‍රපටයේ දෙවැනි දිගහැරුම වන Maze Runner : The Scorch Trials  චිත්‍රපටය යි. පසුගිය 18 වැනිදා ලොවපුරා තිරගත කිරීම ඇරඹි Maze Runner : The Scorch Trials  සිය පළමු සතිය අවසානවීම සමඟින් එහි පිරිවැය වූ අමෙරිකානු ඩොලර් මිලියන 61ක් මෙන් දෙගුණයක ආදායමක් උපයා ගත්තේය.



වෙස් බෝල් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය ඇලන් ගෝල්ඩ්ස්මිත්ගේ ඇතුළු සිව් දෙනෙකුගේ නිෂ්පාදනයකි. Maze Runner පළමු චිත්‍රපටය සේම මෙයද ජේම්ස් ඩැෂ්නර් විසින් රචිත Maze Runner : The Scorch Trials නම් යොවුන් නවකතාව පාදක කරගෙන නිර්මාණය වූවකි. ජෝන් පැසෙනෝගේ සංගීතයෙන් ඔපවත් වූ මෙම චිත්‍රපටය ට්වෙන්ටියත් සෙන්චුරි ෆොක්ස් බෙදාහැරීමකි.



එය IMDB  දර්ශකයේ හිමිකර ගත් ලකුණු ප්‍රමාණය 7.1/10කි. රොටෙන් ටොමැටෝස්හි සියයට 51ක් සහ මෙටාක්‍රිටික් හි සියයට 43කි Maze Runner : The Scorch Trials  චිත්‍රපටය වෙනුවෙන් ලැබී ඇත.



Maze Runner : The Scorch Trials මිශ්‍ර විචාරක ප්‍රතිචාර ලත් චිත්‍රපටයකි. මෙය හොඳ ක්‍රියාදාම චිත්‍රපටයක් වන නමුත් චරිතයන්හි වර්ධනයක් පෙන්නුම් නොකරන බව විචාරක අදහසයි. තවත් පිරිසකගේ අදහස වන්නේ, මෙම චිත්‍රපටයේ කතාවක ආරම්භය සහ අවසානය නැති මැද පමණක් ඇති බවයි.



මෙහි පළමු චිත්‍රපටය ජේම්ස් ඩැෂ්නර්ගේ තුන් ඈඳුතු යොවුන් නවකතා පෙළක පළමු වැන්න වූ Maze Runner ප්‍රබන්ධය පාදකකර ගෙනය. එය මෙම චිත්‍රපට මාලාවේ ආරම්භක චිත්‍රපටය යි. මෙම කතා මාලාවේ තෙවැන්න හෙවත් අවසානය The Death Came (ද ඩෙත් කේම්) නම් වේ.





(අන්තර්ජාලය ඇසුරින්)

මේ ලිපියෙත්.  අදහස් හා යෝජනා කියන්නකෝ…

www.facebook.com/charuka4u

තවත් තොරතුරු ලබා ගන්න… මගේ බ්ලොග් පිටුවට එන්න…

http://charukalakshitha.blogspot.com/

No comments:

Post a Comment