Tuesday, March 21, 2023

MTFE

javascript: calculate two numbers
CAPITAL
822
44
CALCULATE PROFIT
LOT
profit

Saturday, June 1, 2019

KWH

W ගණන
දිනකට පාවිච්චි කරන පැය ප්‍රමාණය
මසකට පාවිච්චි කරන දින ගණන
W මුදල
---------------------------------------- ----------------------------------------
----------------------------------------
දිනකට වැය වෙන W ගණන
දිනකට දිනකට වැය වෙන මුදල
මසකට වැය වෙන W ගණන
මසකට වැය වෙන මුදල

Saturday, April 13, 2019

පංචි දමන්නට කවුදැයි එන්නේ

කෝ බලන්න පංචි දාන හැටි දන්න කට්ටිය අත උස්සන්න....දැන් අවුරුද්දත් කිට්ටු වේගෙන එන හින්දා මට හිතුනා බොහොම විනෝද ජනක අවුරුදු ක්‍රීඩාවක් වන "පංචි" ක්‍රීඩාව කරන්නේ කොහොමද කියලා කියල දෙන්න. මේවා අභාවයට යන්න නොදී නොදන්න අයට කියලා දෙන එක අපේ යුතු කම නේ. :)

මම ලංකාවෙන් එන්න කලින් හැම අවුරුදු කාලෙකදිම නොවැරදී කරපු දෙයක් තමයි නෑදෑයෝ සෙට් එකත් එක්ක පංචි දාන එක. නොකා නොබී වරු ගානක් කරන්න පුළුවන් සෙල්ලමක් තමයි පංචි කියන්නේ. ක්‍රීඩකයෝ වැඩි වෙන තරමට තමයි ඒකෙ ෆන් එක වැඩි වෙන්නෙත්. ඉතින් ඔයාලත් කැමතිනම් මේ අවුරුදු කාලේ පවුලේ හැමෝම එකතු කරගෙන විනෝද වෙන්න, ඔන්න මම කියල දෙන්නම් ක්‍රමේ.

අවශ්‍ය දෑ

* හොඳින් ශුද්ධ කර ගත් පොල් කටු දෙකක් (සාමාන්‍යයෙන් එකක් ගැහැණු පොල් කටුවක්. අනිත් එක පිරිමි පොල් කටුවක් වෙන විදියට තමයි ගන්නේ)
* බෙල්ලෝ 7 ක් (බෙල්ලොන්ගේ ඇතුලට ඊයම් පිරෙව්වොත් තමා වඩා හොඳ. නැතත් අවුලක් නැහැ)



* ක්‍රීඩකයින්ට ඉඳ ගන්න පැදුරක්
* ගෝනියක් (නවපු බෙඩ් ෂීට් එකක් උනත් කමක් නැහැ.)
* බල්ලෝ 6 ක්. බල්ලෝ කිව්වේ පොඩි ඉත්තෝ වගේ ඒවා. පොඩි ගල් කැට, පිඟන් කෑලි වගේ දේවල් මේ වැඩේට හරි යනවා. එක ජාතියෙන් තුන ගානේ, පැහැදිලිව වෙන් කරලා අඳුර ගන්න පුළුවන් ජාති දෙකකින් හොයා ගත්තම හරි. පංචි වලදී ඒවාට කියන්නේ "බල්ලෝ" කියලා.
* ක්‍රීඩකයින් ඉරට්ටේ ගණනක්. අඩුම තරමේ දෙන්නෙක් වත් ඕන. (ඔත්තේ ගණනක් ඉන්නවනම් අඩු පිළ ට හුන්ගෙක් දා ගත්තම හරි. හුන්ගා කිව්වේ ඇලේ ඉන්න එකා නෙමෙයි හොඳේ)
* පංචි පෙත

පංචි පෙත ඔයාලට ඇඳ ගන්න වෙනවා. ලොකු ඝනකම් කාඩ් බෝඩ් එකක හරි තුනී ලෑලි කෑල්ලක හරි මේක ඇඳ ගන්න පුළුවන්. මෙන්න මේ විදියට තමයි අඳින්න ඕන. රූපෙ උඩ ක්ලික් කරලා බලන්න.




පෙතේ වැදගත් ස්ථාන වලට කියන නම් තමයි මම ලකුණු කරලා තියෙන්නේ. ඔය කතිර කොටු හරියට නිකන් බල්ලෝ හති අරින ගිමන් හල් වගේ. බල්ලෙක් එයින් කොටුවක ඉන්නකං අනිත් පිලේ බල්ලොන්ට බැහැ ඌ ව කපන්න. හැම කොටු හයකට වරක්ම කතිර කොටුවක් හමු වෙනවා. එකම පිලේ බල්ලන්ට ඕනෑම කොටුවක එක වෙලාවේ ඉන්න පුළුවන් උනත් දෙජාතියේ බල්ලොන්ට එකට ඉන්න පුළුවන් රූපයේ පෙන්නලා තියන කතිර කොටුවේ විතරයි. පටන් ගනිද්දී බල්ලෝ ඉන්නේ අර ඇඳලා තියන රවුම් දෙකේ.

හරි, දැන් බලමුකෝ සෙල්ලම යන්නේ කොහොමද කියලා.

මුලින්ම පැදුර බිම එලන්න. පැදුරේ මැදට වෙන්න ගෝනිය හරි නවාගත්ත බෙඩ් ෂීට් එකක් හරි එලන්න (මෙහෙම කරන්නේ බෙල්ලෝ හොඳට පෙරලෙන්න ඕන නිසා). ගෝනිය උඩ ගැහැණු පොල් කටුව මුනින් අතට නවන්න. පැදුරේ එක අයිනකින් පංචි පෙත තියා ගන්න. පෙත දෙපැත්තේ ඉඳ ගන්න ඕන කණ්ඩායම් දෙකේ නායකයෝ දෙන්නා. එයාලා දෙන්නා තමයි "අය තියන්නේ" (අය තියනවා කියන්නේ පෙතේ බල්ලන්ව හැන්ඩ්ල් කරන එකට). ඊට පස්සේ එක පිලක නායකයා ගාවින් අනිත් පිලේ කෙනෙක් ඉඳ ගන්නවා. එයා ගාවින් ආපහු අනිත් පිලේ කෙනෙක් ඉඳ ගන්නවා. ඔය විදියට පිල් දෙකේ අය මාරුවෙන් මාරුවට රවුමට වාඩි වෙනවා අර පොල් කටුව නවපු ගෝනිය මැදි වෙන විදියට.

තමන්ට අයිති බල්ලෝ තුන් දෙනා පෙතේ තමන්ගේ පැත්තේ මේ විදියට තියා ගන්නවා.



ඔන්න ෆීල්ඩ් සෙටින්ග්ස් හරි. දැන් පටන්ගමු සෙල්ලම. විස්තර කිරීමේ පහසුව සඳහා නිල් බල්ලන් අයිති පැත්ත නිල් පිළ හරියටත් අනිත් අය රතු පිළ හැටියටත් හඳුන්වන්නම්.

මුලින්ම කියන්නම් බල්ලෝ පෙත දිගේ ගමන් කරන්න ඕන හැටි. නිල් පාටින් පෙන්නන්නේ නිල් පිලේ බල්ලෙකුගේ ගමන් මාර්ගය. අනික රතු පිලේ බල්ලෙකුගේ ගමන් මග. රූපය ක්ලික් කරලා බලන්න.


දැන් පේනවා ඇති එක බල්ලෙක් ගේ ගමන් මගේදී එක කොටුවක් විතරක් දෙපාරක් හම්බ වෙනවා කියලා (බල්ලට හම්බ වෙන 3 වෙනි කතිර කොටුව). ඒ කොටුවට දෙවැනි වතාවේ ආවම "බල්ලා ගෙට ආවා" කියල තමයි කියන්නේ. ඒ වෙලාවට ඔය කොටුවේ නවතින්න හිතුනොත් බල්ලව තමන්ගේ පැත්තේ "ගෙය" කියලා ලේබල් කරලා තියන තැනට තාවකාලිකව දා ගන්න පුළුවන්. නැත්නම් ටික වෙලාවකින් එහා පිලේ අය කියාවි ඌ රවුමේ ගිහින් ආපු එකෙක් නෙමෙයි රවුම යන්න පටන් ගන්න එකෙක් කියලා:). ඉන් පස්සේ තමයි ඌ ගහේ නගින්න පටන් ගන්නේ. ඔහොම යද්දී අර තරුවක් ලකුණු කරලා තියන තැන හම්බ වෙනවා නේද. තරුව ඇඳලා තියෙන්නේ ඉරක් උඩ නේ. අන්න එතනත් බල්ලා නැවතිලා තමයි යන්න ඕන (ඒ කියන්නේ එතනටත් එක ලකුණක් අයින් වෙනවා) . බල්ලෝ තුන් දෙනාම මෙහෙම ගිහින් ගොඩ  (රූපය බලන්න) යන්න ඕන. එහෙම මුලින්ම යන පිළ දිනුම්.

දැන් ඉතින් බල්ලන්ව ගමන් කරවන්න ලකුණු ගන්න ඕන නේ. ඒක කරන්නේ මෙහෙමයි.

මුලින්ම එක නායකයෙක් (හිතමු නිල් නායකයා කියලා) අර ඉතුරු පොල් කටුව අරගෙන බෙල්ලෝ හත් දෙනා ඒකට දාලා හොඳට හොලවලා නවපු පොල් කට්ටේ මුදුනට බෙල්ලෝ ටික අත අරිනවා. ඉන් පස්සේ ගෝනිය උඩට වැටෙන බෙල්ලන්ගෙන් කී දෙනෙක් උඩ අතට හැරිලද කියලා ගණන් කරනවා. මෙතනදී වැටෙන ගණන අනුව තමයි එයා සෙල්ලමට අවතීර්ණ වෙන එක තීරණය වෙන්නේ. ඒකට කියන්නේ "සළු" වෙනවා කියලා. සළු වෙන්න නම් 6 ක් හෝ 5 ක් හෝ 1 ක් හෝ වැටිය යුතුයි.

ඉතින් නිල් නායකයා සළු නොවුනොත් ඔහු ළඟ ඉන්න අනිත් පිලේ කෙනාට පංචි දාන්න වාරය ලැබෙනවා. අපි හිතමු ඔහුට 6 ක් වැටුනා කියලා. ඒ කියන්නේ ඔහු සළුයි. 1 ක්, 5 ක් හෝ 6 ක් වැටුනොත් ඒ කෙනාට ආපහු දාන්න චාන්ස් එකකුත් ලැබෙනවා. ඒ නිසා අපි හිතමු ඊ ලඟට ඔහුට 4 ක් වැටුනා කියලා. එතකොට එකතුව 10 යි. රතු පිලේ බල්ලෝ තුන් දෙනාට ලකුණු තුනක් ඇරලා ඉතුරු ලකුණු 7 න් අය තියන්න පටන් ගන්න පුළුවන්. හැබැයි ඔහු සළු උන පලියට රතු පිලේ අනෙක් අය සළු නැහැ නේ. ඒ අයත් සළු වෙන තුරු ඒ අයට වැටෙන ලකුණු අය තියන්න පාවිච්චි කරන්න බැහැ. ඊ ලඟට අත පාස් වෙන්නේ නිල් පිලේ කෙනෙක්ට. ඔහුත් සළු වෙන්න ට්‍රයි කරනවා. හරි ගියොත් බල්ලෝ 3 දෙනාට ලකුණු 3 ක් කපලා ඉතුරු ටිකෙන් අය තියන්න පටන් ගන්නවා. දැන් ඔයාල බලාවි කාටහරි 1 ක් වැටිලා සළු වුනොත් බල්ලොන්ට ලකුණු තුනක් කපන්නේ කොහොමද කියලා. මොකද 1 ලකුණයි නේ තියෙන්නේ. එතකොට කරන්නේ ඒ ලකුණෙන් එක බල්ලෙක් සළු කර ගන්න එක. ඊ ළඟ වැටෙන ලකුණු ඒ බල්ලා ගෙන් අය තියන්න පුළුවන්. හැබැයි අනිත් බල්ලෝ දෙන්නා පාවිච්චි කරන්න තහනම්. එයාලගෙන් අය තියන්න නම් කවුරු හරි තවත් 5 ක් හෝ 6 ක් (5 හෝ 6 ලකුණු වලට පොදුවේ "පන්චක්" යයි කියනු ලැබේ) දාලා උන්වත් සළු කර ගන්න ඕන.

දැන් ඔයාලට තේරෙනවා ඇති. හැම ක්‍රීඩකයෙක්ම වෙන වෙනම සළු විය යුතු බවත් (බීලා එහෙම නෙමෙයි),  මුලින්ම සළු වෙන අය විසින් බල්ලන්ද සළු (නිදහස්) කර ගත යුතු බවත්. දැන් අපි හිතමු කලින් කිව්වා වගේ රතු පිලේ කෙනාට පිලිවෙලින්  6 ක් සහ 4  ක් වැටුනා කියලා. ඔහු බල්ලෝ 3 දෙනා සළු කර ගන්නවා. එතකොට ඉතුරු 7 යි. ඔහුට පුළුවන් මේ විදියට අය තියන්න පටන් ගන්න.


ඔහු කැමති නම් එක බල්ලෙක් විතරක් සළු කරගෙන ඉතිරි 9 ම අය තියන්නත් පුළුවන්. හැබැයි අනිත් දෙන්නා සළු කර ගන්නකම් උන්ගෙන් අය තියන්න බැහැ.

නැත්නම් එක බල්ලෙක්ගෙන් 6 ක් තියලා වෙන එකෙක්ගෙන් ඉතුරු එක තියන්නත් පුළුවන් මේ විදියට. (මෙහෙම ලකුනු ටික බල්ලෝ දෙන්නෙක්ට කඩලා අය තියන්න පුළුවන් වෙන්නේ පන්චක් වැටුන වෙලාවක විතරයි)



ඒක ඉතින් නායකයා කැමති හැටියක්. හැබැයි ටිකක් මොලේ කල්පනා කරලා කරන්න ඕන වැඩක්.

දැන් අය තැබීමේ නීති රීති ටිකත් කියන්නම්.

* බල්ලෙක් කතිර කොටුවක ඉන්නකං අනිත් පිලේ බල්ලොන්ට ඌ ව කපන්න බැහැ කියල කිව්වනේ. නිකන් කොටුවක හිටියොත් අනෙක් පිලේ බල්ලාට ඒ කොටුවට එන්න ලකුණු වැටුනොත් ඌ කපන්න පුළුවන්. බල්ලාව කපන්න 3 ක් ඕනනම් වැටුනේ 4 ක් නම් ඌ ව කපන්න බැහැ. හැබැයි පන්චක් වැටුනානම් (5 ක් හෝ 6 ක්) කිසි කතාවක් නැතුව කපන්න පුළුවන්. එතකොට බල්ලා කපන්න ලකුණු තුනක් අරගෙන ඉතුරු ලකුණු ටිකෙන් ඒ බල්ලම කන්ටිනිවු කරන්නත් පුළුවන්. නැත්නම් වෙන බල්ලෙක් ව යවන්නත් පුළුවන්.

* මෙහෙම පංචි වැටිච්ච වෙලාවට එක බල්ලෙක්ගෙන් කැමති තරමක් අය තියලා වෙන එකෙක්ගෙන් ඉතුරු ටික තියන්නත් පුළුවන් (කලින් කිව්වා වගේ). ගොඩක් වෙලාවට බල්ලන්ව කතිර කොටුවල තියා ගන්න පුළුවන් නම් හොඳයි. තුන් දෙනා එක ළඟ හිර නොවෙන්නත් වග බලා ගන්න ඕන .

* බෙල්ලෝ 7 දෙනාම උඩ අතට වැටුනොත් එක ලකුණත් වත් ලැබෙන්නේ නැහැ :). මේ වගේ අවස්ථාවක් හඳුන්වන්නේ "මළක්" කියලා.

* බෙල්ලෝ 7 දෙනාම යටි අතට වැටුනොත් ලකුණු  14 ක් ලැබෙනවා වගේම ආපහු දාන්න චාන්ස් එකකුත් ලැබෙනවා. ඒකට කියන්නේ "බොක්ක" කියලා. හැබැයි මේ 14 කැමති විදියට බල්ලන්ට කඩලා තියන්න පුළුවන් වෙන්නේ ඒ අතේදීම පන්චකුත් වැටුනොත් විතරයි. නැත්නම් බෙල්ල ගහල ගියත් 14 ම එක බල්ලෙක් ගෙන් තියන්න ඕන.

* තමන්ගේ පිලේ බල්ලෙක් කැපුනොත් එහෙම ඌ ට අනිත් පිලේ "රවුම" ට යන්න වෙනවා. එතකොට ඌ තහනම් බල්ලෙක්. ආපහු ඌ ව ගන්න (සළු කරගන්න) පුළුවන් වෙන්නේ 1 ක්, 5 ක් හෝ 6 ක් දැම්මොත් තමයි. එහෙම වැටුනොත් බල්ලට ලකුණක් කපලා ඌ ව අරගෙන අපේ රවුමෙන් තියා ගන්න පුළුවන්. ඊට පස්සේ ඌ ට සිද්ධ වෙනවා ආපහු මුල ඉඳං ගමන පටන් ගන්න.

* මෙහෙම අවස්ථාවක් හිතන්න. ඔන්න නිල් පිලට 4 ක් වැටුනා. එයා අය තියන්න හදන බල්ලා ට 4 ක් එහා කොටුවේ අනිත් පිලේ බල්ලෙක් ඉන්නවා. එතකොට එයාට ඒ බල්ලා ගෙන් අය තියන්න බැහැ (ඒ අවස්තාව ට කියන්නේ "උල යි" කියලා). ඒ නිසා වෙන බල්ලෙක්ගෙන් අය තියන්න වෙනවා. කිසිම බල්ලෙක්ගෙන් තියන්න බැරි නම් ඒ ලකුණු ටික අත ඇරලා අත පාස් කරනවා. හැබැයි අය තියන්න පුළුවන් බල්ලෝ ඉඳිද්දී නිකරුනේ අත පාස් කරන්න ඔට්ටු නැහැ.

* බල්ලෙක් ජසේ ඉන්න වෙලාවට (නම් කරපු රූපය බලන්න) ඌ ට ගොඩ යන්න ඕන නම් එක්කෝ 1 ක් නැත්නම් පන්චක් වැටෙන්නම ඕන.

ඔන්න මම හිතන විදියට ඔක්කොම නීති රීති ටික කිව්වා. තව අඩු පාඩු ඇති සමහර විට. ඔයාලා ප්‍රශ්න ඇහුවොත් මට උත්තර දෙන්න පුළුවන්. සෙල්ලම කරලම බලන්න ඕන ඉතින් මේකේ තියන ෆන් එක තේරෙන්න. ඒ වගේම එල කිරි නෑදෑයෝ සෙට් එකකුත් ඉන්න ඕන ඒකට. මට හිතෙන විදියටනම් මේ වැඩේට හරි යන්නේ යාළුවො නෙමෙයි. නෑයෝම තමයි. එක එක වයස් වලින් (අත්තම්මාගෙන් පටන් ගත්තම අම්මා, තාත්තා, මාමලා නැන්දලා, මල්ලිලා, අවු. 5 විතර පොඩි එවුන් උනත් කමක් නෑ) කට්ටිය ඉන්නවනම් මරු. එතකොට තමයි එතන එකම කාලගෝට්ටියක් බවට පත් වෙන්නේ. ඒක ඉතින් අත් විඳලම බලන්න ඕන.

කොහොමත් අපි අවුරුදු ක්‍රීඩා කරන්නේ පවුලේ අයත් එක්ක නේ. ඒවායින් පවුල්වල තියන බැඳීම වැඩි වෙනවා වගේම අලුත් වෙනවා කියලා මට හිතෙනවා. අවුරුදු ක්‍රීඩා වල අරමුණත් ඒකම වෙන්න ඇති. ඒ වැඩේට මේ සෙල්ලමනම් කියාපු සෙල්ලමක්. හැමෝටම සහභාගී වෙන්න පුලුවන් නිසා.

සිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩා

සිංහල ජාතියේ ආරම්භයේ පටන්ම අලුත් අවුරුද්ද මෙරට ජන ජීවිතය සමග දක්‌වන ලද්දේ ඉතාමත් සමීප සම්බන්ධතාවකි. කෘෂිකාර්මික අර්ථ රටාවක්‌ සමග බද්ධව සිටි ඔවුන් අස්‌වනු නෙළා ගැනීමෙන් අනතුරුව ආර්ථික වශයෙන්ද සශ්‍රීකත්වයට පත් වෙති. යළිත් ඔවුන්ගේ සාමාන්‍ය ජීවන රටාවට අවතීරණය වන්නට පෙරාතුව මානසික ලෙසින්ද කිසියම් විවේකයක්‌ ඔවුනට අවශ්‍ය වේ. සිංහල අලුත් අවුරුදු සැණකෙළිය සමග වූ මෙම ප්‍රීතිමත් දින කීපයේදී බාල, මහලු, ස්‌ත්‍රී, පුරුෂ භේදයෙන් තොරව සියල්ලන්ම එක්‌ව ක්‍රීSSඩාවෙහි යෙදෙන අතර මෙම ජන ක්‍රීඩාවන් අතර වූ සුවිශේෂත්වයන්ද දැකගත හැක.

ගෘහ ක්‍රීඩා

නිවසෙහි හෝ ගොඩනැඟිලි තුළ කරන වෙහෙසකර නොවන ක්‍රීඩා

පංච කෙළිය ඔළිඳ කෙළිය නෙරෙන්චි ඇදීම

එළිමහන් ක්‍රීඩා

රබන් ගැසීම ඔන්චිල්ලා පැදීම චක්‌ගුඩු පැනීම

ආගමික සහ දේව සංකල්ප සමඟ බැඳුණු ක්‍රීඩා

අං කෙළිය පොරපොල් ගැසීම

සාමූහික ක්‍රීඩා

මේවර කෙළිය එළුවන් කෑම පංච කෙළිය

ඉන්දියාවේ සිට පැමිණි මෙම ක්‍රීඩාව සමඟ වූ ජනප්‍රවාදයට අනුව ගජබා රජතුමා සොළී රටට පැහැර ගෙන ගිය සිංහල සේනාවට පොළිය ලෙස සොළී රටෙන් දොළොස්‌ දහසක්‌ සෙනග රැගෙන එන ලදී. මෙම ගමනේදී පත්තිනි දේවියගේ සළඹද රැගෙන එන ලදී. මේ සමගම පංච කෙළිය වැනි ක්‍රීඩාවන්ද මෙරටට සම්ප්‍රාප්ත වන්නට ඇතැයි අපේක්‌ෂා කෙරේ. සිංහල අලුත් අවුරුදු කාලයට කලඑළි දකින මෙම ක්‍රීඩාවට සම්බන්ධ වීමෙන් පත්තිනි දේවියගේ ආශිර්වාදය තමන් වෙතට ලැබෙනු ඇතැයි අපේක්‌ෂා කරයි.

දෙදෙනෙකුට හෝ කණ්‌ඩායම් දෙකකට ක්‍රීඩා කළ හැක. ක්‍රීඩකයන් ගණන ඉරට්‌ටේ සංඛ්‍යාවක්‌ වීම අනිවාර්ය වේ. ඔත්තේ ගණනක්‌ සිටින විට හුංගෙක්‌ පත්කර ගනු ලබයි. කණ්‌ඩායම් දෙකක්‌ ක්‍රීඩා කරන විට දෙපිලට නායකයන් දෙදෙනෙක්‌ පත් කර ගනු ලබයි.

පංච ලෑල්ලේ ක්‍රීඩාවට පිවිසීමට පංචයක්‌ හෙවත් ඔණ්‌ඩුවක්‌ ලැබිය යුතුය. ඔණ්‌ඩුව යනු බෙල්ලන් එකෙක්‌ පමණක්‌ උඩුකුරුව සිටීමයි. සියල්ලම උඩුකුරුව පෙරළීම සිරිමල ලෙස හැඳින්වෙන අතර ඔහුට කිසිම අය ගණනක්‌ නොලැබේ. පංච පෙතේ අවසාන කොටුව ජලය නමින් හඳුන්වයි. ජලයෙන් ඉත්තන් ගොඩවන්නට නම් ඔණ්‌ඩුවක්‌ ලැබිය යුතුය. මුලින්ම ඉත්තන් එගොඩ කරන පිලට ජයග්‍රහණය ලැබේ.

ඔළිඳ කෙළිය

ගණිත ක්‍රමයකට අනුව සිදුවෙන මෙම ගෘහස්‌ථ ක්‍රීඩ dවට කාන්තාවන් දෙදෙනෙක්‌ සහභාගි වන අතර ක්‍රීඩාව ආරම්භයේ සිට අවසානය දක්‌වාම අත්වැල් ගායනය සිදු වේ. ඔළිඳ උපතේ සිට ඹළිඳ ක්‍රීඩාව ජයගන්නට අවශ්‍ය උපක්‍රම ගායනයෙන් කියෑවෙයි.

ඔළිඳ පුවරුව යනු සකස්‌ කර ගත් ලෑල්ලකි. එය අඟල් 10 සිට 14 අතර දිග අඟල් 6 සිට 8 අතර පළල ලෑල්ලකි. එක පැත්තක 7 බැගින් දෙපැත්තේ වළල් දෙපේළියකි. පේළි අතර පුවරුව දෙකොන 2 ඞ 2 බැගින් වළවල් දෙකකි. ඔළිඳ පුවරුවට මුතු පුවරුව යන නමද ඔළිඳ කොළොම්බුව යන නමද භාවිත කරයි. මේ වෙනුවෙන් වටිනා දැව යොදා ගනී. ඔළිඳ උපත සිදුව ඇත්තේ බංගලි දේශයේ බව මෙම ක්‍රීඩාව කරන විට ගයනා ගීත වලින් පැහැදිලි වේ.

ඔළිඳ තිබෙන්නේ කොයි කොයි දේසේ ඔළිඳ තිබෙන්නේ බංගලි දේසේ ගෙනත් සදන්නේ. කොයි කොයි දේසේ ගෙනත් සදන්නේ සිංහල දේසේ

රෑන් ඇදිව්චද බලකොයි නෑනෝ ගසට පලව්චද බලකොයි නෑනෝ මල් හට ගත්තද බලකොයි නෑනෝ පල හට ගත්තද බලකොයි නෑනෝ

කිරි සල් වෙව්චද බලකොයි නෑනෝ ඔළිඳ පැහිව්චද බලකොයි නෑනෝ දැන්නම් පැහිලා බලකොයි නෑනෝ ඔළිඳ නෙළන්නට යමු අපි නෑනෝ

ඔළිඳ පුවරුවේ වළවල් 14 ක එක වළකට ඇට 4 බැගින් ඇට 56 ක්‌ ඇත. මෙය ඔළිඳ වපුරනවා ලෙස භාවිතා කරයි. ඉන් පසු එක්‌ ක්‍රීඩිකාවක්‌ තම පේළියේ මුල් වලේ ඇට අතට ගනු ලබයි. මෙය ඔරවනවා ලෙස භාවිත කරයි. මෙසේ එරවූ ඇට වළකට එක බැගින් ළඟම ඇති වලවල්වලට පිළිවෙලින් දමනු ලබයි. ඊළඟ වළේ ඇති ඇට සියල්ලද මුලින් කළ අන්දමට සිදු කරයි. මෙසේ ඇට ඉසින අතර අතේ ඇට ඉවර වුන විට හිස්‌ වළක්‌ හමු වුවහොත් ඊට එහා පැත්තේ ඇති ඇට සියල්ලම ඉසීම කරන ක්‍රීඩිකාවට හිමි වේ. මෙය ඔළිඳ කෙළියේදී කනවා යෑයි භාවිතා කෙරේ. පිළිවෙලින් හිස්‌ වළවල් දෙකක්‌ හමු වුවහොත් තුන්වැනි වලේ ඇති ඔළිඳ ඇට කෑමට ක්‍රීඩිකාවට අවසර නැත. එවැනි අවස්‌ථාව පුස්‌සක්‌ ලෙස හඳුන්වයි. එවිට අනෙක්‌ ක්‍රීඩිකාවට ක්‍රීඩා කිරීමට අවස්‌ථාව සැලසෙයි. පුවරුව එක්‌ පැත්තක ඇට සියල්ල හමාර වූයේ නම් එය රෑ පුහුල කපනවා ලෙස හඳුන්වයි. මෙහිදී ජය ගන්නේ වැඩිම ඔළිඳ ඇට ලබා ගන්නා අයයි. හිස්‌ වළවල් දෙකක්‌ අතර වළක තනි ඇටයක්‌ ඇති විට එය පුතා ලෙස හඳුන්වයි.

කජු ක්‍රීඩාව

දරු දැරියන් අතර ප්‍රචලිත මෙම ක්‍රීSඩාවේදී කජු ඇට හයක්‌ ක්‍රීඩාවට ප්‍රමාණවත්ය. කජු සිsයල්ල දෝතින් ගෙන උඩ දමන අතර බිමවැටුණ කජු ගෙඩි අතර ඇඟිල්ලකින් ඉරක්‌ අඳී. කජු ගෙඩි දෙකෙහි නොගෑවෙන ලෙස ඇඟිලි යෑවු පසු එම කජු ක්‍රීඩා කළ අයට අයිති වන අතර වැඩිම කජු ගෙඩි ගණනක්‌ ගත් අය තරගයෙන් ජය ලබති.

චක්‌ගුඩු පැනීම

අස්‌වැන්න නෙළා ගත් වෙල් යායක්‌ හෝ වැව් තාවුල්ලක්‌ වැනි හිස්‌ ඉඩ කඩක චක්‌ගුඩු පැනීම සිදු වේ. ක්‍රීඩා භූමියේ සීමා දෙකක්‌ ලකුණු කරගනු ලැබේ. මෙම භූමිය හරි මැදින් කොටස්‌ දෙකකට බෙදා නායකයන් දෙදෙනෙක්‌ තෝරා ගනී. කාසියක්‌ උඩ දමා මුලින්ම ක්‍රීඩා කරන පිරිස හඳුනාගනී.

එක්‌ පිලක ක්‍රීඩකයෝ චක්‌ගුඩු ගුඩු රෑ කියමින් අනෙක්‌ පිලේ සීමාවට ගොස්‌ ක්‍රීඩකයන්ට පහර දී තමන්ගේ සීමාවට දුව ගෙන එති. පහර කෑ ක්‍රීඩකයා මෙන්ම පහර දී ගුඩු ගුඩු කීම නැවතූ ක්‍රීඩකයාද පරාජයට පත් වේ. ගුඩු කියන්නා ගුඩිඩා ලෙස හැඳින්වේ.

ගොළු ගුඩු පැනීමේදී ගුඩිඩා කථා නොකරන අතර කතා කළොත් ඔහු පරාජයට පත් වේ.

ඉනි වැට පෙරළීම

ඉනි වැට පෙරළීම දරු දැරියන් අතර මෙන්ම කාන්තාවන් අතරද ජනප්‍රිය වූ ක්‍රීඩාවකි. ශක්‌තිමත්ව තැනූ වැටක්‌ ගොනුන් විසින් කඩා ගෙන එන්නට දරන උත්සාහය වළක්‌වන්නට පිරිසක්‌ කටයුතු කරයි. මෙය සංවාදාත්මක ලෙසින් සිදු වේ.

ගොන්නු : - අහසට ඉනි මං බඳින ගොනෙක්‌ ඇත. වැට : - ඒ ලකුණේ ගොන් අප දුටුවේ නැත. ගොන්නු : - බණ්‌ඩිය රාළගෙ ගොන් බානක්‌ ඇත. වැට : - ඒ ලකුණේ ගොන් අප දුටුවේ නැත. ගොන්නු : - ඇඹරුම් ගල යට ගොන් බානක්‌ ඇත. වැට : - ඒ ලකුණේ ගොන් අප දුටු වේ නැත. ගොන්නු :- කරට උඩින් පැනලයි යන්නේ වැට : - ආවට මොකදෑ යන්න නොදෙන්නේ

කල්ලි කෙළිය

මෙම ක්‍රීඩාව රෑ ගුඩු පැනිල්ල රෑ රෑ කල්ලි සිං කෙලිය යන නම් වලින් හඳුන්වනු ලබයි. ක්‍රීඩයන් දෙදෙනාගේ සිට දොළහ දක්‌වා අතර ගනනක්‌ සහභාගි වේ. ගුඩු වළක පළල අඟලක්‌ද දිග අඟල් තුනක්‌ද වේ. කල්ලි ලීයේ දිග අඩි තුනකි කුඩා ලීය අඟල් හයක්‌ පමණ වන අතර එය කුටිටා නමින් හඳුන්වයි.

කුඩා වළක්‌ හාරා ඒ මත ලීය හරහට තබා දිග ලීයෙන් මෙම කුඩා ලීය ඈතට විසි කරනු ලබයි. දෙපිලකට බෙදී සිදු කරන මෙම ක්‍රීඩාවේදී රකින පිල විසින් ලීය අල්ලා ගනු ලැබුවහොත් එම පිලට වාරමක්‌ ලැබේ. අල්ලා ගැණීමට නොහැකි වුවහොත් එය වැටුණු තැන සිට කුට්‌ටා රකින පිලෙන් කෙනෙකු වල ළඟට වීසි කළ යුතුය. යෑවූ තැනැත්තා වළ නොසිට වැටුණොත් ඒ යෑවු ක්‍රිඩකයා දැවේ. වළට ඈතින් වැටුණු විට එම දුර කල්ලියෙන් මනිනු ලැබේ කල්ලියෙන් දහයක්‌ වාරමක්‌ හෙවත් ගුඩ්ඩකි.

ගුඩු ගැසීමේදී සිදු කරන ගායනා

ගුඩු ගුඩු දෙයියන් කොණ්‌ඩ කුරුල්ලන් බැදුමට අල්ලන් අල්ලන් අල්ලන්

මට ගුඩු දුන්නට තොට හෙණ ගහපිය ගහපිය - ගහපිය - ගහපිය

සංවාද ගායනා

කවුදැයි කවුදැයි ගුඩු ගහන්නේ ගුඩු ගහන අය සබයට එන්නේ ගුඩු ගුඩු නාදා කොළපු ගෙනාදා අඹ හොදි කෑදා මට ගුඩු දුන්දා


කොප්පර කොප්පර පිපිඤ්ඤා

ගමේ දරු දැරියන් අතර සිදු වන මෙම ක්‍රිඩාවේදී බොහෝ පිරිසකට සහභාගි විය හැක. දරුවන් රවුමට සිට ගනිති. එක්‌ දරුවෙක්‌ අතු කැබල්ලද රැගෙන රවුම වටේ යයි. රවුම වටේ යන අය සහ රවුමේ සිටින අය අතර සංවාදයක්‌ ගොඩනැඟේ.

කොප්පර කොප්පර පිපිඤ්ඤා පස්‌ස බැලුවොත් දෙසඤ්ඤා

රවුමේ සිටින අය කෝ නෑනෝ පනාව කියන විට වට යන්නා යට ලීයේ පනාව යෑයි පිළිතුරු දෙයි. මේ අන්දමට කීප විටක්‌ කියයි. රවුමේ සිටින්නන් කළ ගෙඩි කළගෙඩි කියන විට රවුම වට යන්නා බෝතල බෝතල කියමින් වට දුවයි. මෙසේ දුවන අතරම අත්ත කෙනෙකු පිටුපස තබයි. වටය ගොස්‌ එතැනට එන්නට පෙර අත්ත ළඟ ඇති තැනැත්තා වට යන්නා ලුහු බඳියි. එසේ නැත්නම් අත්ත ගෙන වටයේ යන්නා ඔහුට එයින් ගසයි. වට යද්දී වුවද කෙනෙකු පිටුපස බැලුවහොත් පහර වදී. එකිනෙකා මාරුවට දිගින් දිගටම මෙසේ සිදු වෙයි.

පොරෝ සෙල්ලම

පිල් දෙකකට බෙදී කවියෙන් අසන ප්‍රශ්න වලට කවියෙන් පිළිතුරු ලබා දෙයි.

ගොඩේ මන්නේ මොටදෝ පොරොව ගෙනෙන්නට නොවෙදෝ පොරව ගෙනෙන්නේ මොටදෝ ගහක්‌ කපන්නට නොවෙදෝ ගහක්‌ කපන්නේ මොටදෝ ඔරුව කොටන්නට නොවෙදෝ

බුහු කෙළිය

ජල්ලි ගැසීම, මටිට කැඩීම යනුවෙන් හඳුන්වන මෙම ක්‍රීඩාව ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්‌කම් පෙන්නුම් කරයි. ලොකු දොඩම් ගෙඩියක්‌ හෝ ජම්බෝල ගෙඩිsයක්‌ උණු අළු පල්ල තම්බාගෙන පදම් කර ගනී. සමතලා බිමක උඩු පිල සහ යටි පිල ලෙසින් පිල් දෙකකට බෙදෙයි. උඩු පිලෙන් යටි පිලේ අය බෝලය බිම වැටෙන්නට පෙර උඩින් අල්ලා ගතහොත් බෝලයත් රැගෙන උඩු පිලේ විසි කළ තැනට දුවති. වීසි කළ අය පස්‌සෙන් පස්‌සට දුව ගෙන ඇවිත් පිල්a කණුව රකිති.

ඔවුන් උත්සාහ ගන්නේ පිල් කණුව රකින ගමන්ම වීsසි කරනු ලබන බෝලය උඩදීම අල්ලා ගැනීමටයි. එසේ අල්ලා ගැනීමට බැරි වුවහොත් පෙරට ගමන් කළ නොහැක. බෝලය වීසි කළ යුත්තේ බිම වැටුණ තැන සිටයි. බෝලය පිල් කණුවෙන් ඔබ්බෙහි බිම වැටීමට පෙර අල්ලා ගැනීමට නොහැකි වුවහොත් දිනුම හිමි වන්නේ වීසි කළ පිලටයි.

අතක පතක ක්‍රිඩාව

මෙම ක්‍රීඩාවට දරුවන් රාශියකට සම්බන්ධ විය හැක. මෙහි නායකයෙක්‌ද සිටී. නායකයා තමා වටට වාඩි වී සිටින අයගේ බිම තබාගෙන සිටින අත්ලට මෙසේ කියමින් තට්‌ටු කරයි.

අතක පතක සොර සූරින් අනගි පැත්ත පැඟිරි බිංදු ඉරි ඉරිගි කොත්තමල්ලි කොහිද සීයේ ?

වාක්‍යයේ අවසාන කොටස කියවෙන විට තට්‌ටු වෙන අත ඇත්තා ක්‍රීඩාවෙන් ඉවත් වේ. අවසාන ව විට ඉතිරි වන ක්‍රීඩකයාට

අතව් කිතව් පහුරු කිතව් අපි දිනුවෝ කියමින් අත ඉවතට ගන්නා තුරු පහර දෙයි.


මේවර කෙළිය

සිංහල අවුරුදු කාලයේදී බෙහෙවින් ජනප්‍රිය මේවර කෙළිය කාන්තාවන්ගේ සහභාගිත්වයෙන් සිදු වෙයි. මෙම ක්‍රීඩාව පිළිබඳව විවිධ අදහස්‌ ඇති අතර එයින් එකක්‌ වන්නේa මේවර යනු වළල්ලකි. එක්‌ ස්‌ත්‍රියක්‌ තමන්ට අයිති වළල්ලක්‌ සෙවීම මෙහි කතා පුවතයි. තමන්ගේ වළල්ල දුටුවාදැයි ඇය සිය මිතුරියන්ගෙන් ප්‍රශ්න කරයි. තමන් එය නුදුටු බව ඔවුන් දිවුරමින් කියයි. නමුත් එම වළල්ල සඟවා ගෙන සිටින්නේ ඇයගේම මිතුරියන්ය.

තවත් අදහසකට අනුව මේවරය යනු කන පළඳන ආභරණයකි. ඉහත අන්දමටම ඇය, තමන්ගේ ආභරණය දුටුවාදැයි සිය මිතුරියන්ගෙන් ප්‍රශ්න කරයි. තමන් එය නුදුටු බව ඔවුන් දිවුරමින් කියති. නමුත් එම ආභරණය සඟවාගෙන සිටින්නේ ඇයගේම මිතුරියන්ය.

තවත් අදහසක්‌ අනුව මේවරයා යනු මෙහෙකරුවෙකි. තමන්ගේ මෙහෙකරු සොයා දෙන්නැයි ඇය යෙහෙළියන්ගෙන් ඉල්ලා සිටින බව වළ ගියෙදෝ මගෙ මේ වරයා යන්නෙන් නිරූපණය වන බවටද අදහසක්‌ ඇත.


මෙම ක්‍රීඩාවේදී ඉදිරිපත් කරන සමූහ ගීතය සංවාද ස්‌වරූපයක්‌ ගනී.

සාර සදිසි පෙති පේර නෙළන කල-වළ ගියෙදෝ මගෙ මේ වරයා නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල් -අප දුටුවේ නැත මේ වරයා කොස්‌වතු කන්දේ කොස්‌ නෙළනා කළ -වළ ගියෙදෝ මගෙ මේ වරයා නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල් -අප දුටුවේ නැත මේ වරයා මුං වතු කන්දේ මුං නෙළනා කල - වළ ගියෙදෝ මගෙ මේ වරයා නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල් -අප දුටුවේ නැත මේ වරයා කහවතු කන්දේ කහ නෙළනා කල - වළ ගියෙදෝ මගෙ මේ වරයා නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල් -අප දුටුවේ නැත මේ වරයා

මේ අන්දමට ගීතය ගයා අවසාන වන විට ගී ගයමින් වටට ගිය කාන්තාව ඔටිටුයි කියමින් සඟවන ලද වළල්ල ගන්නට නැමෙයි. ඒ සමගම වළල්ල පාගා ගෙන සිටි අයද වළල්ල ගන්නට නැමෙයි. පිරිස අතර වූ පොර බැදීමෙන් වළල්ල සොයා ගත් අය ජයග්‍රහණය කරයි.

එළුවන් කෑම

පිරිසක්‌ විසින් සිදු කරන මෙම ක්‍රීඩාව ගායනය සහ රංගනයේ එකතුවක්‌ ලෙස සදු වේ. එළුවෙකු සහ කොටියකු අතර සිදු වන කතා බහ දෙබසක අන්දමට සිදු වේ. තරගයේ ස්‌වභාවය අනුව වචන උස්‌ පහත් විමද සිදු වේ.

අත්වැල් ගායනා

මේ පුටු ඉන්දෝ ඉන්ඩ නොදෙන්දෝ මේ ඇඳ ඉන්දෝ ඉන්ඩ නොදෙන්දෝ මේ බත් කන්දෝa කන්ඩ නොදෙන්දෝ මේ කැඳ බොන්දෝ බොන්ඩ නොදෙන්දෝ

කුරුලු කූඩු කූඩු දුටින් අපි දුටු කූඩුවක්‌ නැතී ගිරා කූඩු දුටින් දුටින් අපි දුටු කූඩුවක්‌ නැතී ලේන් කූඩු දුටින් දුටින් අපි දුටු කූඩුවක්‌ නැතී කවුඩු කූඩු කූඩු දුටින් අපි දුටු කූඩුවක්‌ නැති

සංවාද ගායනා

හොඳට නටඤ්ඤං රළහමි දෙනවද එළුවා කොච්චර නැටුවත් රළහමි නොදෙමුව එළුවා දණින් වඳිඤ්ඤං රළහමි දෙනවද එළුවා කොව්චර වැන්දත් රළහමි නොදෙමුව එළුවා මෙන්න වැන්දා රළහමි දෙනවද එළුවා කොව්චර වැන්දත් රළහමි නොදෙමුව එළුවා

පනා හැංගීම

ප්‍රාදේශීය ව්‍යවහාරය තුළ ලේන්සු හැංගීම හවරි හැංගීම යන නම් වලින් මෙම ක්‍රීඩාව හඳුන්වයි. කිසියම් භාණ්‌ඩයක්‌ සඟවා එය සොයා ගැනීමට වෙහෙස දරන අතර ඒ සඳහා වූ ගායනාවන්ද වේ.

සංවාද ගායනා

බත් ටික කොහොමද ලිප උඩ නෑනෝ හොදි ටික බෑවම යමු නෑනෝ වස්‌සා කොහොමද කොටුවෙද නෑනෝ වස්‌සා බැන්දම යමු අපි නෑනෝ

උකුණො වැටෙන පනාවා ලේඬි වැටෙන පනාවා අපි නොදිටිමු පනාවා දියන් නෑනෝ පනාවා අපි නොදිටිමු පනාවා අනේ මගේ පනාවා අපි නොදිටිමු පනාවා


පොර පොල් ගැසීම

පත්තිනි දේවිය සහ පාලඟ කුමරු සම්බන්ධව ගොඩනැඟ ඇති මෙම ක්‍රීඩාවේදී වැස්‌ස සහ සශ්‍රිකත්වය බලාපොරොත්තු වේ. උණ රෝග , ගව සහ කුකුළු වසංගත නියඟය වැනි අවස්‌ථාවන්ගෙන් සහනය අපේක්‌ෂා කළේ පොර පොල් ක්‍රිඩාවෙන්ය.

අතීතයේදී පොර පොල් ක්‍රීඩාවට යොදා ගත්තේ ගසෙන් ඉබේ වේලි වැටෙන තැඹිලි පොල්ය. අතීතයේදී පොරපොල් ක්‍රීඩාවට යොදාගන්නා භූමියට දෙවියන් අරක්‌ ගෙන ඇතැයි විශ්වාස කළ නිසා තෝරා ගත් තැනිතලා භූමියේ බෝ , නුග , හෝ නා ගසක්‌ තිබුණි. ක්‍රිඩාවට භාවිතා කරන ලද පොල් යවන පොල් සහ ගහන පොල් ලෙස කොටස්‌ දෙකකි. යවන පොල් අතර සමහරක්‌ පොල් බිඳින්නට ඉතා අපහසු ඇට පුහු පොල් ලෙස හඳුන්වන ලදී. ගැසීමට යොදා ගන්නා ගෙඩිය අත් ගෙඩිය ලෙස හඳුන්වයි. නිපොල් ලෙස හඳුන්වන සාමාන්‍ය පොල් ක්‍රීඩාවට යොදා නොගනී.

තැනිතලා බිමක සීමාවන් ලකුණු කොට ගොක්‌ තීරුවලින් එකිනෙකට මුහුණ දී ඇති පන් පැළ දෙකක්‌ ඉදි කරනු ලැබේ. අනුමැතිරාළ විසින් දෙවියන් උදෙසා යාතිකාවක්‌ කරයි.

පොල් පේ කිරීමේ ගායනා

වැඳ දෙවියන් හට වරම් ලැබෙනවා උඩු පිලයේ පොල් බිඳී තිබෙනවා තෙද මිණි හළඹෙන් සමා ලැබෙනවා පොල් කෙලියට වස්‌ නැත දුරුවෙනවා

වඳුරු වසංගත ලෙඩ දුරු වෙනවා අඹෙන් මලෙන් පත්තිනි උපදිනවා සිරි පතුලට පිට ඔප්පු කරනවා පොර පොල් කෙළියට වරම් ලැබෙනවා

උඩු පිල ක්‍රීඩකයෝ යටි පිලෙන් එවන පොල් බිඳීමෙන් ජයග්‍රහණය කරයි. යටි පිල ක්‍රීඩකයෝ උඩු පිලෙන් එවනු ලබන පොල් බිඳීමෙන් ජයග්‍රහනය කරයි. උඩු පිලේ පොල් ඉතිරි වුවහොත් උඩු පිලටද යටි පිලේ පොල් ඉතිරි වුවහොත් යටි පිලටද වාසි සහගතය. මෙම ක්‍රීSඩාවේදී එවනු ලබන පොල් ගෙඩිය මෙන්ම අතේ ඇති පොල් ගෙඩියද ඇතැම් විට පොල් ගෙඩි දෙකමද බිඳෙන්නට පුළුවන.

පොර පොල් ක්‍රීඩාව බදාදා හෝ සෙනසුරාදා දිනක ආරම්භ කොට දින 7 ක්‌ පවත්වන අතර නොබ්ඳී පොල් ඉතිරි වන පිල ජයග්‍රහණය ලබයි. අවසාන දින පොර පොල් පිටියේ ගම්මඩු උළෙලක්‌ පවත්වා දානමය පිංකමකින් මෙය අවසාන කරයි. කාන්තාවන්ට මෙම දානමය පිංකමට සහභාගි වන්නට අවසර නැත.

අතරමැද ගායනා

උඩු පිල වට්‌ටාඩි මොටෙයි ගෙට දුව දුව පොලොසයි ගෙට දුව දුව බුලත් කතෙයි

අං කෙළිය

පත්තිනි දේවිය වෙනුවෙන් සිදු කරන මෙම ක්‍රීඩාවේදී පත්තිනි දේවිය සහ පාලඟ කුමරුගේ කතාව ගායනයෙන් ඉදිරිපත් කරයි. වර්ෂාව බලාපොරොත්තුව සිදු කරන මෙම ක්‍රීඩාවේ උද්වේගකර අවස්‌ථාව අනුව ගීයේ ස්‌වභාවය වෙනස්‌ වේ.

කතා වස්‌තු ගායනය

සසිරිබර මෙසිරිලක කඳ කුමරු සාමිනේ දොළහ පත්තිනි දෙවියනේ රකිති අප හැම දෙනේ

උද්වේගකර අවස්‌ථාවක්‌

එන වලියට හෝයියා- යන වලියට හෝයියා අනංගයෝ හෝයියා = මල් මදයෝ හෝයියා මල් මාමා හෝයියා - ගිනි ජාලා හෝයියා පාලඟයෝ හෝයියා පත්තිනියෝ හෝයියා

අපි දිනුවයි හෝයියා දිනුම් පිලට හෝයියා

ඔන්චිල්ලා පැදීම

පුරාණයේ සිටම පැවැත එන ඔන්චිල්ලාව සමඟ බැඳී පවතින ජනප්‍රවාද කීපයක්‌ ඇත. එයින් පැරණිම කතාවට අනුව අසුර නම් තැනැත්තා ඊශ්වර දෙවියන්ට ඇප උපස්‌ථාන කිරීමෙන් සතුටට පත් විය. කාලයක්‌ ගෙවෙන විට ඊශ්වර දෙවියන්ගේ බලසම්පන්න බව නිසාම කිසියම් වරයක්‌ ඉල්ලා ගත යුතු යෑයි සිතුණෙන් අසුරයා විසින් ඊට ගැලපෙන කාලය බලා සිය අදහස ඉදිරිපත් කරන ලදී. අසුරයා පිළිබඳව වූ විශ්වාසය නිසාම ඊශ්වර දෙවියන් වරයක්‌ දීමට කැමැත්ත පළ කළෙන් අසුරයා ඉල්ලා සිටියේ තමා කිසිවෙකුගේ හිසට අත කැබූ විට එම තැනැත්තා අළු වී යන වරමකි. ඊශ්වර දෙවියන් විසින් එම වරම ලබා දුන් තැනදී අසුරයාට එය අත්හදා බැලීමේ ආශාවක්‌ පහළ විය. එය අත්හදා බැලීමට අසුරයා ඊශ්වර දෙවියන්ගේ හිසට අත තැබූ සැණම ඊශ්වර දෙවියන් ඔහුගෙන් බේරීමට පළා යත්ම එය දුටු විෂ්ණු දෙවියන්ට ඊශ්වර දෙවියන් ගැන දුක සිතුණේය. විෂ්ණු දෙවියන් විසින් අසුරයා යන මග ඔන්චිල්ලාවක්‌ බැඳගෙන ගැහැනු වෙසින් ඔන්චිල්ලා පදිනු දැක අනේ මෙම කාන්තාව මෙසේ සිටින්නේ ඇයි දැයි සිතා නළලට අත ගසා ගත් වනම අසුරයා අළු වී ගියේය

පත්තිනි දෙවියන් වෙනුවෙන් බාර වී ඔන්චිල්ලා ඉදි කරන බව කියන අතර කූඩු ඔන්චිල්ලා , බඹර ඔන්චිල්ලා, දෙපට ඔන්චිල්ලා, වැල් ඔන්චිල්ලා, යතුරු ඔන්චිල්ලා , සහ මල් ඔන්චිල්ලා ලෙස ප්‍රභේද ගණනාවකි. සිංහල අවුරුදු කාලයේදී පදිනු ලබන්නේ ලණු ඔන්චිල්ලාවයි. මෙහිදී දෙදෙනෙකුට වාඩි වී සිටිය හැකි අතර දෙන්නෙක්‌ දෙපැත්තේ සිට ඔන්චිල්ලාව පදවනු ලැබේ.

සිංහල අවුරුදු කාලයේදී කලඑළි බසින ඔන්චිල්ලා පැදීමේදී ගායනා කරන කවි වාරම් ලෙස හැඳින්වේ.

ඔන්චිලි චිලි චිල්ල මලේ වැල්ල දිගට නෙල්ලි කැලේ කඩන්න බැරි කටු අකුලේ කඩා දියන් මගේ මලේ

අත්ත උසං උසං උසං ජම්බු පොකුරු සිලිං බිලිං ලොකු අක්‌කේ පදිං පදිං ජම්බු කඩං බෙදං බෙදං

අං කෙළිය

පත්තිනි දේවිය මුල් කර ගත් ක්‍රීඩාවන් දොළහක්‌ ඇති අතර එයින් මුල්ම ක්‍රීඩාව අං කෙලියයි. සොලි වංශයේ මායා රජුට සිටි පාලඟ නම් කුමරු පත්තිනි දේවිය සමග විවාහ විය. දිනක්‌ මේ දෙදෙනා උයනට ගිය විට සපුමල් සුවඳක්‌ දැනෙන්නට විය. අවාරයේ දැනෙන සපුමල් සුවඳ ඔස්‌සේ ගිය ඔවුන් මල් පිපී තිබුණ ඉසව්ව සොයා ගන්නා ලදී. බිම සිට කඩන්නට බැරි ඉසව්වක තිබුණ මල් කඩන්නට කෙකි දෙකක්‌ කපා ගත් අතර එකක්‌ පත්තිනි දේවිය සමග සටි පිරිසද අනෙක්‌ කෙක්‌ක කුමරුන් සමග සිටි පිරිසද අතරට ලැබුණි. කෙකි දෙක පැටලී අවසානයේදී පිරිමින් අතර වූ කෙක්‌ක බිඳී ගියෙන් මෙම සිද්ධිය සිහිපත් කරන්නට අංකෙළිය බිහි වූ බව ජනප්‍රවාදයේ සඳහන්ය.

මෙම ක්‍රීඩාව කරන විට උඩු පිල සහ යටි පිළ ලෙසින් කොටස්‌ දෙකකි. අං ඇදීSමට දෙපිරිස මහත් හරසර සහිත පෙරහැරකින්a පිට්‌ටනියට පැමිණෙන අතර සියල්ලන්ම පිරිමින් විම විශේෂත්වයකි. ක්‍රීඩකයන් මස්‌ මාංශයන්ගෙන් වැලකී සිටින අතර ක්‍රිඩාව ආරම්භ කිරීමට කප් සිටුවිම නැකතට සිදු කරයි. රෑඅං ආභරණ රෑ ලෙස සලකන අං ගෙන එන්නේ දේවාලයේ සිටය. අඟක්‌ ලෙස තෝරාගන්නේ ගසක සෘජුකෝණයක්‌ ලෙස සැකසුණු අත්තකි. අං කොටස්‌ දෙකක්‌ වන අතර ඒවා නම් පොලු අං සහ කෙකි අං ලෙසය. අන්දර පිහිඹිය ඇට්‌ටේරියා කරඳ සහ කළුවර වැනි ගස්‌ මේ සඳහා යොදා ගනී.

උඩු පිල සහ යටි පිල අතර වූ මෙම තරගයෙන් අං කැඩීම ගැලවී යා නොදී රැක ගත යුතුය. අං පටලවා ගෙන සිදුකරන මෙම ක්‍රීඩාවේදී අඟ නොකැඩුණු පිරිස අඟ ලිහාගෙන මඟුල් බෙර වයමින් ගම වටා යයි. අවසානයේදී සිදු කරන දේව පූජාවෙන් ක්‍රීඩාව අවසන් කරයි.

ගොසින් බැසපුවයි දුනුකේ විලටා විමසා බැලුවයි ඒ විල වටටා නැත සිමි සපුමල් මේ අවටා මෙතැන නොවෙයි සිමි තව යන් එපිටා

ගොසින් බැසපුවයි නාමල් විලටා විමසා බැලුවයි ඒ විල වටටා නැත සිමි සපුමල් මේ විල අවටා මෙතන නොවෙයි සිමි තව යන් එපිටා

කඹ ඇදීම

සිංහල අලුත් අවුරුදු කාලයේදී දක්‌නට ලැබෙන කඹ ඇදීම සිංහල ජන ක්‍රීඩාවන් අතරට ගැනෙන විශේෂිත ක්‍රීඩාවකි. මෙම ක්‍රිඩාව නාවිකයන්ගෙන් ආරම්භ වන්නට ඇතැයි සලකනු ලැබේ. මාස ගණනක්‌ මුළුල්ලේ මුහුදු ගමනෙහි යෙදුණු නාවිකයන් ඔවුන්ගේ විනෝදය සහ ව්‍යායාමය උදෙසා කඹ ඇදීම සිදු කළ බැව් විශ්වාස කෙරේ.

රබන් ගැසීම

සිංහල ජන සමාජයේ උත්සව අවස්‌ථාවන් සමග සම්බන්ධ වූ රබන් ගැසීම කාන්තා පාර්ශ්වය සමග බැඳී පවතින ජන ක්‍රීඩාවකි. රබාන සමග බැඳී ඇති ජන විශ්වාසයන් කීපයක්‌ වේ. ඊශ්වර දෙවියන් දුටු සිහිනයකට අනුව රබාන නිර්මාණය කළ බවත් එම නිර්මානය සුවඳ සඳුන් ලීයෙන් සිදු කළ බවත් එක්‌ ජනප්‍රවාදයක්‌ වේ. මුලින් සරල ලෙසින් වූ තෝරා ගැනීමට පහසු රබන් පදයකින් මුල පුරා එයින් අනතුරුව ක්‍රම ක්‍රමයෙන් තෝරා ගැනීමට අපහසු රබන් පද වෙතට යොමු වීම මෙම ක්‍රීඩාවේ ලක්‌ෂණය වේ. රබාන වටා නටමින් මෙන්ම දෑතින් මෙන්ම වැලමිටෙන්ද රබානට පහර දෙමින් අති දක්‌ෂ ලෙසින් ක්‍රීඩා කරන පිරිස්‌ අප අතර වේ.

මෙම ක්‍රීඩාව ආරම්භ කිරීමට පෙරාතුව රබන් පදයකින්ම බුදුන් සහ දෙවියන්ගෙන් අවසර ඉල්ලා සිටිනු ලැබේ.

බුද්ධං බුද්ධං බුද්ධං වන්දේ ධම්මං ධම්මං ධම්මං වන්දේ සංඝං සංඝං සංඝං වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ

එයින් අනතුරුව දෙවියන් අමතන්නේ මෙසේය

එගොඩ කෝවිලේ වේණාවක සද්දේ මෙගොඩ කෝවිලේ වේණාවක සද්දේ හකර වරම් දෙවියන්ගේ සද්දේ අනේ දෙවියනේ අපෙ සවනට මිණි සද්දේ

රබන් වාදනය ප්‍රධාන කොටස්‌ තුනකින් සිදු වේ.

1. රබන් සුරල් වැයීම

රබන් සුරල් වැයීමේදී රබාන වටා හයදෙනෙක්‌ වාඩි වී සිටිති. තිදෙනෙක්‌ රබාන වාදනය කරන අතර ඉතිරි අය වයන පදයේ තාලයට සිය අත්ලෙන් රංගනය ඉදිරිපත් කරයි.

බුලත් බුලත් මම ගත්තා තුට්‌ටු දෙකට මම වික්‌කා තුට්‌ටු දෙකට ගත්තු බුලත් සල්ලි හතට මම වික්‌කා

උඩින් උඩින් වර පෙත්තප්පූ බිමින් බිමින් වර පෙත්තප්පූ උඩින් උඩින් වර බිමින් බිමින් වර කැවුම් කන්න වර පෙත්තප්පූ

2. අත්මාරු කිරීම

රබාන වාදනය කරන විට එකිනෙකාගේ අත්වලට ගසමින් රබාන වාදනය කරන අතර මෙම අවස්‌ථාව සඳහා ස්‌ත්‍රී පුරුෂ දෙපක්‌ෂයම සම්බන්ධ වෙති. එකිනෙකා අතර ගොඩනඟා ගන්නා සංවාදයන්ට අනුව සිදු වෙන වාදනය බෙහෙවින් විනෝදජනක වේ.

රත්තරනින් මුද්ද හොඳයි ගල් තුනකුත් එක්‌ක මුද්ද ගන්න කැමැති කෙනා එනවද මා එක්‌ක

දකුණ හුරුයි දෝං තාං

වමත හුරුයි දෝං තාං දකුණ හුරුයි

වමත හුරුයි

දෙකම හුරුයි දෝං තාං

3.තාලන්

මෙහිදී මුලින් ගීතයක්‌ ගායනා කරන අතර එයින් අනතුරුව එය රබානෙන් වාදනය කරයි. මුලදී ඉතාම ලයාන්විතව රබන් පදයක්‌ ගයා වාදනය ආරම්භ කරයි. එයින් අනතුරුව ගීතය නොමැතිව වාදනය පමණක්‌ සිදු වේ. ඉතා තරගකාරීව මෙය සිදු කෙරේ. එක්‌ කණ්‌ඩායමක්‌ ගීතයේ පදය ගායනා කරන අතර සෙසු පිරිස පදයට අනුරූප වාදනය ඉදිරිපත් කරයි. තාලන්වලදී ගායනා කරන ගීතයන් අතර

පැත්තක බුදුරුව පැත්තක දෙවිරුව සෑය රුවින් දිලිතෙයි. අත්තක සුදු මල් අත්තක රතු මල්

සෑය රුවින් දිලිතෙයි. තත් තත් ගිජි කුඳ රුපියල් සවුදම ටි ං ගා දොර හරිතෙයි

මේ අන්දමට සිංහල අලුත් අවුරුද්ද සමග කලඑළි බසින ජන ක්‍රීඩාවන් අවුරුදු උණුසුමේ නිමාවත් සමගම අපෙන් ඈත්ව යන්නේය යළිත් වරක්‌ තවත් දෙළොස්‌ මහක්‌ ගෙවීමෙන් එළැඹෙන අලුත් අවුරුද්ද සමග අප හා එක්‌වීමේ අදහසින් බව අමතක නොකළ යුතුය.

Saturday, August 25, 2018

business development bank Salary

javascript: calculate two numbers
Basic Salary + Budget Allowence
වැඩට ආපු දින ගණන
Counter Date
------------------------------------- ---------------------------------------------
Emp Security
Compulsary
Welfare
Disaster Funnd
Welfare 2
EPF 8%
අමතර අඩුවෙන ඒවා
අමතර අඩුවෙන ඒවා
අමතර අඩුවෙන ඒවා
අමතර අඩුවෙන ඒවා

Friday, August 10, 2018

medical research institute Salary

javascript: calculate two numbers
මුලික වැටුප
වැඩට ආපු දින ගණන
අතිකාල පැය ගණන
------------------------------------- ---------------------------------------------
PSPF
Welfare
HDTS
Stamp
Special advance
Fest advance
අමතර අඩුවෙන ඒවා
අමතර අඩුවෙන ඒවා
අමතර අඩුවෙන ඒවා
අමතර අඩුවෙන ඒවා

Monday, February 26, 2018

මත්ද්‍රව්‍ය හෝ මත්පැන්වලට ඇබ්බැහි වූ යෞවනය...

බොහෝ දෙමව්පියන් අවබෝධ කර ගත යුතු අවාසනාවන්ත තත්වය වන්නේ, යෞවනයන්  අත්හදා බැලීම් සිදු කිරීම සදහා විවිධ ක්‍රියා මාර්ග ගනු ලැබීමයි. යෞවනයන්  පරිනත වීම යනු ලෝකය සහ තම ගැන ඉගෙන ගැනීමයි. කෙසේවෙතත්, දරුවාගේ මානසිකත්වය, ශරීරය හා සමාජය තුළ බොහෝ දේ සිදු වෙමින් පවතී.  අත්හදා බැලීම් පහසුවෙන් සෞඛ්‍යට අහිත කර    ක්‍රියාකාරකම් වන මත්ද්‍රව්‍ය බාවිතය වැනි දෑ වලට හුරු කරයි. සැම යෞවනයෙක්ම එක වරක් මත්ද්‍රව්‍ය බාවිතා කර පමණින් එකට ඇබ්බැහි නොවේ.

මත්ද්‍රව්‍ය ඇබ්බැහි වන්නේ කවුරුන්ද...?

කෙටිම පිළිතුර වන්නේ සමහර කෙනෙක්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි විය හැකි බවයි. සමහර මිනිසුන් ඔවුන්ගේ ජානමය ස්වබාවය අනුව, බාහිර පැමිණෙන මානසික අතති හේතුවෙන් මත්ද්‍රව්‍ය ඇබ්බැහි වෙයි.  මත්ද්‍රව්‍ය බාවිතයෙන් සිදු වන මත්වීම හේතුවෙන් එයට ඇබ්බැහිවිමක් සිදු වෙයි.
උදා: හෙරොයින්.
යෞවනයෙකු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වන්නේ කෙසේද...??

ඇබ්බැහි වීම සහ සාමාන්‍ය හැසිරීම අතර වෙනස සමහර වේලාවන් හිදී හදුනාගැනීමට අපහසුය,  යව්වනයන්ගේ හැසිරීම සහ කතා සොබාවය දිනපතා අද්‍යනය කිරීම මගින් ඔවුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටීද දෙද්ද යන්න හදුනා ගත හැක. 

ඔබේ දරුවා සමාජයීය, පාසැල්, වැඩ හෝ පවුලේ ක්රියාකාරකම් සහ මැදිහත් වීමක් තුළ සිදුවන හදිසි වෙනස්කම්
  • මිතුරන් හා පවුලේ අයගෙන් හුදකලා වීම.
  • පාසලේ හෝ විනෝදාස්වාද ක්රියාකාරකම් තුළ හදිසි දුර්වල ක්රියාකාරිත්වය.
  • ඔබේ දරුවා උද්දාම කිරීමට යොදාගත් දේවල් ගැන උනන්දුවක් නොමැති වීම.
  • මිත්රත්වයන් හෝ සමාජ කවයන් හදිසි වෙනස් වීමක්.
  • ලිංගික හැසිරීම් හෝ වංචාකාරි හැසිරීම්, විශේෂයෙන්ම ඔබේ දරුවාගේ වයසට නොගැලපෙන හැසිරීම් රටා 
  • මානසික අවපීඩනය, කාන්සාව හෝ නොසංසුන්තාවය 
  • වැඩි ක්රියාකාරිත්වයක් හෝ වර්ධන වේගයක් වැනි දේවල් මගින් පැහැදිලි නොකරන සැතපීම් හෝ ආහාර ගැනීමෙහි වෙනස්වීම්
  • අනතුරුදායක හැසිරීමක යෙදීම

මෙම හැසිරීම් රටා තිබු පමණින් දරුවා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව කිවිය නොහැක මන්ද යත් යව්වනයේ සිදුවන ශාරීරික හා සමාජිව වෙනස් වීම් හේතුවෙන් මෙම ලක්ෂණ පෙන්නුම් කල හැකි බැවිනි.




මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම් වලක්වා ගැනීමට ඔබ කල යුත්තේ කුමක්ද...?

දුරකථන ඇමතුමක් ලබා ගැනීමෙන් හෝ ගැටලුව පිළිබඳව වෘත්තිකයකු සමඟ කතා කිරීම මගින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම් වලක්වා ගැනීමට හැකිවේ.

ඔබේ දරුවා අමාරුවෙන් හෝ මත්පැන්වලට හෝ මත්ද්රව්යවලට හසුවීම ගැන ඔබ සැක කරන විට දෙමාපියෙකු ලෙස ඔබට කළ හැකි කරුණු.


  • ඔබේ දරුවා සමඟ විවෘත, සන්සුන්ව හා විනිවිදභාවයෙන් යුතු සංවාදයක් ආරම්භ කරන්න. 
  • ගැටළුව පිළිගනිමින් ගැටළුව පිළිගෙන එය නිවැරදි කිරීම සඳහා නිවැරදි රැකවරණ ලබා දීම අවශ්ය බව ඔහුට හෝ ඇයට දැන ගත හැකි ය. 


  • අනෙක් අතට, ඔබේ දරුවා මෙම ගැටලුව වසං කිරීමට උත්සාහ කළත්, ඔහු හෝ ඇය ඒ ගැන බොරු කිරීමට උත්සාහ කරනවා නම් මෙම සංවාදය මගින් ඔබට දැනෙනු ඇත.
  • ඔබේ දරුවාගේ වෙනසක් සිදුවෙනම් උපදේශකයෙකු වෙත දරුවා යොමු කරන්න. 


මත්ද්‍රව්‍ය ආයතන සිය ප්‍රචාරණය සදහා ක්‍රීඩා තරගාවලි සදහා අනුග්‍රහය දැක්වීම බහුලව දෑකිය හැක.









Sunday, May 14, 2017

Torrent File Direct කරමු....


ක්‍රම දෙකකට කරන්න පුළුවන් මේ සයිට් එකෙන්...


පළමු පියවර....


01. අපිට ඕන ෆිල්ම් එකේ ලින්ක් එකට ගිහින් Magnet Link එක කොපි කර ගන්න ඕන...




02.  මේ ලින්ක් එකට යන්න.....

https://www.seedr.cc/?r=602493



03. කැමති විදියල මේකට ලොග් වෙනන...

04. Past Torrent URL කියන තැනට කොපි කර ගත්ත ලින්ක් එක පේස්ට් කරන්න....



05. Enter බටක් එක ඔබන්න....
06.මෙතනින් downlord කර ගන්න....




දෙවෙනි  පියවර....


01. අපිට ඕන ෆිල්ම් එකේ ලින්ක් එකට ගිහින් Torrent ෆයිල් එක Downlord  කර ගන්න ඕන...




02.  මේ ලින්ක් එකට යන්න.....

https://www.seedr.cc/?r=602493



03. කැමති විදියල මේකට ලොග් වෙනන...

04. Uplord Torrent  කියන තැනට Downlord කර ගත්ත ෆයිල් Uplord  කර ගන්න....





05. Enter බටක් එක ඔබන්න....
06.මෙතනින් downlord කර ගන්න....


ප්‍රශ්නයක් තිබ්බොත කියන්නකෝ....


www.facebook.com/charuk4u





Monday, May 1, 2017

Torrent File to Direct Link....











Seedr.cc offers the following methods to get you free space.
To get your free space , click one of the options below and you will be awarded for each
(When you upgrade , all your free bonus space comes with you ! *)

https://www.seedr.cc/

Have your friends join you and become Seedrs.
When they join, both you and them get more space
(When you upgrade , all your free bonus space comes with you ! *)

https://www.seedr.cc/

Tuesday, February 21, 2017

Saturday, December 26, 2015

හන්තානට පායන සඳ ....

හන්තානට පායන සඳ ....



හන්තානට පායන සඳ..
ලස්සනයිද කියන්න...
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න...//
අඳුරු ලලා වහිනා කල..
සරසවි බිම තෙමෙන්න...//
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න...
ලතා මඩුළු අත වනාවි..
එපා අහක බලන්න...//
මා ගැන මතකය ගුලිකර..
මහවැලියට දමන්න...
හන්තානට පායන සඳ...//

සාමාන්‍ය පෙලින් පසු වෙනදා වගේම උසස් පෙළ සිංහල පන්ති ආරම්බය වූයේ නවයොවුන් වියේ සිටි සිසු සිසුවියන්ගේ ජිවිතේ නැවුම් බලාපොරොත්තු ඇති කරමිනි. කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධම සිංහල ගුරුවරයාද නව කණ්ඩායමේ තම පළමු පන්තිය ආරම්බ කිරීමට වේදිකාවට ගොඩ වුයේ සිනාමුසු මුහුණෙන්ය. හිරිමල්වියේ සිටි තරුණ සිසු සිසුවියන්ගේ මුහුණු වලද වුයේ මහත් උනන්දු සහගත බවකි.වෙනදා වගේම විවේක කාල සීමාව තෙක් අධ්‍යන කටයුතු කරවූ ගුරුවරයා වේදිකාවෙන් බැස  ගියේ සිසුන්ට දිවා ආහාරය ලබා ගැනීමට අවස්ථාව සලසමිනි. සිසුන් දිවා ආහාරය ගන්නා අතරතුර අපූරු දසුනක් මේ ගුරුවරයාගේ නෙත ගැටිණි.
එක බත් පාර්සලයට පොර කමින් දිවා ආහාරය ගන්නා සිසුන් අතරේ පන්තියේ පසෙකට වන්න තම හීන ලෝකයක තනිවී පිළිසදරක යෙදෙමින් දිවා ආහාරය ගන්නා සිසුවෙකු හා සිසුවියක් විය. මේ දසුන දුටු ගුරුවරයාද ඒ පිළිබඳ එතරම් තැකීමක් නොකලේ තරුණ වයසේ ප්‍රේමය කාටත් පොදු කරුණක් නිසාදෝ විය හැකිය.
කෙමෙන් කෙමෙන් දින සති මාස ගණනින් ඉදිරියට ඇදුනු සිංහල පන්තියේ මේ පෙම් යුවල කාටත් සුපුරුදු දර්ශනයක් විය. මොවුන් දෙදෙනා අතුරින් පිරිම ළමයා කාගෙත් හිත දිනාගන්නා සුළු ප්‍රියමනාප සමාජශීලි තරුණයකු විය. සංවර ගති පැවතුම් වලින් යුක්ත වූ සිසුවිය රූප සොබාවෙන් කිසිදු අඩුවක් නොමැති තරුණියක්ය. නිතර දෙවේලේ විවිධ ගැටලු ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට ගුරුවරයා වෙත පැමිණෙන මේ තරුණයා ඔහුගේ සමීප සිසුවෙක් වුවද කිසිදු අවස්ථාවක මේ ගුරුවරයා ඔවුන්ගේ පෙම් සබදතාව ගැන ඔහුගෙන් කිසිවක් නොවිමසීය.
වසර දෙක හමාරකට ආසන්න කාලයක් පුරා පැවති සිංහල පන්තියේ ආරම්භක දිනයේ පටන් අවසන් දිනය දක්වාම මේ පෙම් යුවල පන්ති පැමිණියේද ආහාර ගත්තේද පන්තියෙන් පිටව ගියේද එකටමය.
කෙසේ හෝ අපොස උසස් පෙළ විභාගයට සතියකට පමණ පෙර පන්ති අවසන් වන දිනයේ මේ සිසුවා ගුරුතුමාට වැඳ නික්ම යාමට යන මොහොතේ ගුරුතුමා සිනහමුසු මුහුණින් කීවේ,

"ආදරය කරා වගේම විභාගෙත් හරියට කරගන්න ඕනේ"

ගුරුවරයාගේ මේ උපදෙසට මදහසකින් ප්‍රතිචාර දැක්වූ තරුණයා නික්ම ගියේය..

උසස් පෙළ විභාගයෙන් පසුවද මොවුන් දෙදෙනාගේ ආදර සබදතාව පෙර සේම විය.
විභාගයෙන් මාස ගණනාවක් ගතවෙත්ම ප්‍රතිඵල පැමිණියද එය මොවුන් දෙදෙනාගේම සිත් රිදවූ ආකාරයේ ප්‍රතිඵලයක් විය. තරුණිය උසස් පෙළින් ඉතා ඉහළින් සමත්ව තිබූ නමුදු තරුණයාගේ ප්‍රතිඵලය සරසවි වරම් සඳහා ප්‍රමාණවත් නොවීය. තම පෙම්වතියගේ ප්‍රතිඵලය ගැන එක සිතින්ම සතුටු වූ ඔහු දුක් වූයේ ඉදිරි වසර කිහිපයේදි තමා පණ මෙන් ආදරය කල ඇය සමග සමීපව ඇසුරු කිරීමට ඇති අවස්ථාව අහිමි වීම ගැනය. එහෙත් තම පෙම්වතියගේ ඉදිරි අනාගතේ සාර්ථකත්වය උදෙසා මේ කැප කිරීම සිදු කිරීමට තරම් ඔහු සිත ශක්තිමත් කර ගත්තේය.
සරසවි අධ්‍යාපනය සඳහා පේරාදෙණිය සරසවියට මේ තරුණිය ඇතුළත් වූයේ තම පෙම්වතාගෙන් දුරස් වීමට සිදුවීම ගැන දහස් වාරයක් සිත ඇතුලෙන් හඬමිනි. තරුණිගේ සරසවි ප්‍රවේශයත් සමගම තරුණයාද එක්තරා වෙළඳ ආයතනයක සේවයට එක් විය. සියල්ල මෙසේ සිදුවුවද හැකි සෑම අවස්ථාවකම ජංගම දුරකතනයෙන් පිළිසඳරේ යෙදීමට මොවුන් අමතක නොකලේය. එනිසාවෙන් ඔවුන් එකිනෙකාගෙන් දුරස්ව ඇති බවක් කිසිවිටෙකත් ඔවුනට දැනුණේ නැත. කෙසේ හෝ වසර කිහිපයක් ඇවෑමෙන් පෙර සඳහන් කල ගුරුවරයා දිනක් මාර්ගය අසල සිටින විට වෑන් රථයක් නවතා එයින් බැස තරුණයෙකු ඔහු වෙත පැමිණියේ සුපුරුදු සිනහවක්ද සමගින්ය.

"සර්, සර්ට මාව මතකද"

"ආ මොකෝ මතක නැත්තේ. දැන් රස්සාවක් කරනවා වගේ"

"ඔව් සර් පොඩි ජොබ් එකක් කරනවා දැන්"

"කෝ අර ඉස්සර පන්තියේ බත් මුල බෙදාගෙන කෑව ගෑනු ළමයා. තාම දෙන්නා බැන්ඳේ නැද්ද"

"මං ඒ සම්බන්දේ නැවැත්තුවා සර්‍"

"තමුසේ මාර මනුස්සයෙක්නේ. සාමාන්‍යයෙන් කෙල්ල කැම්පස් ගියොත් කෙල්ලනේ කොල්ලව අතාරින්නේ"

" නෑ සර්, මට තේරුණා මං එයාගේ ඒ ලෝකෙට ගැලපෙන්නේ නෑ කියලා. ඒ නිසා මං ම ඈත් උනා"

මේ සුළු  කතාබහෙන් පස්සේ අර තරුණයා එතනින් නික්ම ආවා.



Get paid to share your links!
පස්සේ කාලෙක ධම්මික බණ්ඩාර කියන මේ සිංහල ගුරුවරයා අතින් ඒ සිදුවීම මුල් කරගෙන මේ ගීය රචනා වෙනවා..

"හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න...."

මේ ගීතය අමරසිරි පීරිස් මහත්මගේ හඬින් ගීතවත් වෙලා 2005 විතර තමා අපිට අහන්න ලැබෙන්නේ.

මේ ගීයේ ගායකයා වගේම රචකයත් මේ ගැන විස්තර කරන විදිහ මේ තියෙන වීඩියෝ පටයෙන් ඔයාලට බලන්න පුළුවන්.

උපුටා ගැනීම http://nuwanhit.blogpot.co.id/ අඩවියෙනි....

Saturday, October 10, 2015

Selfie from Hell – සෙල්ෆි ගහන්නේ බලාගෙනයි [Short Film]

අධ්‍යක්ෂණය: Erdal Ceylan
කැමරාකරණය: Erdal Ceylan



සෙල්ෆි කියන්නේ මේ වෙන කොට උන්මාදයක් වෙලා නේ.තැනක් නොතැනක් නැතුව,වෙලාවක් අවේලාවක් නැතුව අපේ අය දැන් සෙල්ෆි ගන්න පුරුදු වෙලා.ඒ කාරණාවේ හොඳ නරක මොක වුනත් සෙල්ෆි කියන ප්ලොට් එක පාවිච්චි කරලා ලෝකයේ විවිධ නිර්මාණ කරලා තියෙනවා.මේ තියෙන්නෙත් ඒ වගේ කරපු නිර්මාණයක්…..බලන්න කෝ..



අවසානෙට කියන්න ඕන... මම දීපු සැම ලිපියකටම බයිස්කෝප් එකේ සිංහල සබ් ලබා ඩි ඇත....


(අන්තර්ජාලය ඇසුරින්)
මේ ලිපියෙත්.  අදහස් හා යෝජනා කියන්නකෝ…
www.facebook.com/charuka4u
තවත් තොරතුරු ලබා ගන්න… මගේ බ්ලොග් පිටුවට එන්න…
http://charukalakshitha.blogspot.com/

Haradala Yannata Tharam - Oshani Sandeepa

TitleHaradala Yannata Tharam
Artist/sOshani Sandeepa
LyricsSanjeewa Nanayakkara
MusicHasith Saranga


මෙන්න link එක...

Thursday, October 8, 2015

හොල්මනක් නොවූ හොල්මනක්...



මෙන්න බාන්නකෝ ගිහින් ෆිල්ම් එක මුලින්ම....
Hotel Transylvania (2012) | රාස්ස සාදේ…[සිංහල උපසිරැසි සමඟ]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “උදා”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතුය..





පිටත් උන දවස : සැප්තැම්බර්  25, 2015 (USA)
අධ්‍යක්ෂණය : Genndy Tartakovsky
බයිස්කෝප් එක පෙන්වන කාලය : පැය 1 යි විනාඩි 29 යි.
බයිස්කෝප් එකේ ස්බාවය : Hotel Transylvania Series
බයිස්කෝප් එක නිෂ්පාදිත ආයතනය : Sony Pictures Animation




යක්ෂ, ප්‍රේත, භූත, පිසාච, රාක්ෂ, කුම්භාණ්ඩ ආදී මෙකී නොකී සියලු අමනුෂ්‍යයින් සිය විවේකය මනුෂ්‍ය පුළුටකවත් බාධාවකින් තොරව විනෝදයෙන් හා සැනසිල්ලෙන් ගත කිරීමට පැමිණෙන ස්ථානයකි, ඩ්‍රැකියුලාගේ ට්‍රැන්සිල්වෙනියා හෝටලය (Count Dracula's Hotel Transylvania).




එක් විශේෂ සති අන්තයක ඩ්‍රැකියුලා විසින් අදිසි මිනිසා, මමී, ෆ්‍රැන්කන්ස්ටයින් භූතයා වැනි සිය හිතවතුන්ට හෝටලයේ විශේෂ ආරාධනයක් කරන්නේ සිය 'නව යොවුන්' දියණිය වන මාවිස් ගේ 118 වන උපන්දිනය සැමරීම සඳහායි.



ඒ නමුත්, මේ සතුටුදායක සන්ධ්‍යාවේ ඩ්‍රැකියුලාට නොසිතූ විරූ අකරතැබ්බයකට මුහුණ දීමට සිදු වේ. ඒ ජොනී නම් මනුෂ්‍ය තරුණයා නොදැනුවත්වම මෙම සාදයට කඩා වැදීමත්, සිය දියණිය වන මාවිස් සමඟ ආලයෙන් වෙලීමත් නිසා ය.



බැලූ බැල්මට අද්භූත කතාවක කොටසක් සේ හැඟෙන මේ සිදුවීම් මාලාව දිග හැරෙන්නේ, ගෙන්ඩි ටාටකොව්ස්කි ගේ අධ්‍යක්ෂණයෙන්ද, ඇඩම් සැන්ඩ්ලර්, ඇන්ඩි සැන්බර්ග්, සෙලෙනා ගෝමස් වැනි ජනපි‍්‍රය නළු නිලි පිරිසකගේ හඬ දායකත්වයෙන් ද, නිර්මාණය කෙරුණු 3D  පරිගණක සජීවීකරණ හාස්‍යෝත්පාදක චිත්‍රපටයක් වූ Hotel Transylvania  (හොටේල් ට්‍රැන්සිල්වෙනියා) හි ය.



2012 වසරේ සාර්ථක ආදායම් ලබමින් තිරගත වූ මෙම චිත්‍රපටයේ දෙවැනි දිගහැරුම වන Hotel Transylvania  2 චිත්‍රපටය පසුගිය (සැප්.) 25 දා සිට ලොව පුරා තිරගත වීම ඇරඹුණි. පළමු කණ්ඩායමේ ම නිර්මාණයක් වන Hotel Transylvania  - 2 වන චිත්‍රපටයද  Columbia Pictures බෙදා හැරීමකි. රොබට් ස්මිගෙල් සහ ඇඩම් සැන්ද්ලර් ගේ තිර රචනයකි.



මේ වන විට සිය පිරිවැය (ඇ. ඩොලර් මිලියන 80) ඉක්මවා ආදායම් උපදවා ඇති මෙම චිත්‍රපටය IMDB දර්ශකයේ 7.5 / 10 ක් ද, රොටෙන් ටොමැටෝස් හි සියයට 53 ක් ද, කොමන් සෙන්ස් මීඩීයා හි 3 / 5 ක් ද හිමි කරගෙන ඇති අතර මිශ්‍ර විචාරක ප්‍රතිචාර ලබා  ඇත. කෙසේ නමුත්, රොටෙන් ටොමැටෝස් වෙබ් අඩවියෙහි ප්‍රධාන විචාරයෙහි මෙසේ සඳහන්ව ඇත. "Hotel Transilvenia 2  චිත්‍රපටය සිය පළමු වන්නට වඩා සුළු වශයෙන් හොඳ වුවද, එය ඇඩම් සැන්ද්ලර් සහ පිරිසගේ දායකත්වයෙන් විනාඩි 89 ක් පුරා දිවෙන, වර්ණවත්ව සජීවීකරණය කරන ලද, පරණ තාලේ චිත්‍රපටයක් බැලීමට රෙකමදාරු කිරීමට තරම් ප්‍රමාණවත් දැයි සැක සහිතය."



මෙම චිත්‍රපටයේ කතාන්දරය සැකෙවින් මෙසේය.


මේ වනවිට ඩ්‍රැකියුලා සිය හෝටලයේ දොරටු අමනුෂ්‍යයින්ට සේම මනුෂ්‍යයින් ටත් විවර කර ඇත. සියල්ල හොඳ පැත්තට හැරෙමින් ඇත. එනමුදු ඩ්‍රැකියුලා ට යම් කනගාටුවක් ඇත. ඒ සිය අර්ධ මනුෂ්‍ය මුනුපුරා වන ඩෙනිස්, වැම්පයර් ලක්ෂණ පෙන්නුම් නොකිරීමයි.



තත්වය මෙසේ හෙයින් ඩ්‍රැකියුලා සිය දුවත් බෑනාත් නිවසේ නොසිටින අවස්ථාවක් බලා තම හිතමිතුරු අමනුෂ්‍යයින් හා එක්ව ඩෙනිස් ට පුහුණුවක් ලබා දෙයි. සියල්ල උඩු යටිකුරු වන්නේ ඩ්‍රැකියුලාගේ මිත්‍රශීලී නොවන පියා මීට අවතීර්ණ වනවාත් සමඟය.



(අන්තර්ජාලය ඇසුරින්)

මේ ලිපියෙත්.  අදහස් හා යෝජනා කියන්නකෝ…

www.facebook.com/charuka4u

තවත් තොරතුරු ලබා ගන්න… මගේ බ්ලොග් පිටුවට එන්න…

http://charukalakshitha.blogspot.com/

Monday, October 5, 2015

මේ වගේ ආදරයක් – Me Wage Adarayak – A Love Like This



පොලිමේ ඉදලා සිනමා ශාලාවලව ප්‍රදර්ශනය කරන්න අවස්ථාවක් ලැබෙනකොට එහි රගපඋ නළු නිළියන් ද වයසට ගොස් චිත්‍රපටය කල් ඉකුත් වනු ඇති බවයි චන්ද්‍රන් රත්නම් පවසන්නේ. එ් අනුව චිත්‍රපට, රසිකයන් වෙත ගෙනයාමට විලක්ප ක්‍රම සොයාගත යුතු බවද ඔහු කියා සිටියා. "මේ වගේ ආදරයක් "  සිනමා ශාලාවලට පෙර Dialog සැටලයිට් TV වෙත මුදාහැරෙන්නේ ද ඒ අනුව බවයි චන්ද්‍රන් රත්නම් වැඩිදුරටත් පවසන්නේ. ඉදිරියේදී අවස්ථාවක් ලැබුණහම එය සිනමා ශාලාවල ප්‍රදර්ශන කරන බව ද ඔහු කියා සිටියා.
ලංකාවේ ස්පිල්බර්ග් යන අනවර්ථ නාමයෙන් හදුන්වන චන්ද්‍රන් රත්නම් නම් ප්‍රවීණ අධ්‍යක‍්ෂකවරයාගේ නවතම  සිනමාපටය “මේ වගේ ආදරයක්“ සීමිත සිනමාශාලාවන් කිහිපයක තිරගත වීම ආරම්භ කර තියෙනවා.

කතාව...




චන්ද්‍රන් ගේ මේ කතාව දිඟහැරෙන්නේ සුන්දර ආදර කතාවක් කේන්ද්‍ර කරගෙනයි.මෙහි එන කතානායකයා කොළඹ ජනප්‍රිය ගුවන් නියමු පුහුණු පාසලක උපදේශකවරයෙකි.ඔහු නමින් රොෂාන්…නුවර වංශවත් රඳළ පෙළපතකින් පැවත එන ඔහුගේ පියා බලවත් කැබිනට් අමාත්‍යවරයෙකි.‍එහෙයින් ඔහුගේ වයසේ වෙනත් තරුණයින්ට නොමැති සැපසම්පත් හිමි ජීවිතයක් ඔහුට නිරායාසයෙන්ම හිමි වී තිබේ.
නිල් පැහැයෙන් බබළන දීප්තිමත් ගුවන පුරා සියොතුන් නිදහසේ සැරිසරනා අයුරු නෙතට ගෙන දෙන්නේ චමත්කාරයකි. ඔවුන්ගේ නිදහස නම් අපූරුය. සීමා මායිම් නැති අහස ඔවුන්හට නිදහසේ සැරිසරන්නට ඇවැසි ඉඩහසර ලබා දෙන්නේ අපිරිමිත සෙනෙහසිනි.
සුන්දර බලාපොරොත්තු වලින් පිරි ජීවිතයද නිල් අහස මෙනි. අධිෂ්ඨානය, ධෛර්යය ඇත්නම් නිදහසේ ඒ වෙත සියොතුන්ට මෙන් පියඹා යා හැකිය. නමුත් එය එළෙසම නොවෙන්නේය. සුන්දර බලාපොරොත්තු මිනිස් ජීවිත ජීවත් කරවුවද දීප්තිමත් නිල් අහසේ සියොතුන්ට මෙන් නිදහසේ පියඹා යාමට ඔවුනට සෑම විටම අවසර නැත. රොෂාන්හට සිතුනේ එළෙසිනි. කුරුල්ලෙකු මෙන් නිදහස් ගුවනේ පියඹා යාමට තමාද කෙතරම් නම් පෙරුම් පිරුවේද?
සොඳුරු යෞවනයේ විසිපස් වැනි ජීවිත කඩඉමෙහි සිටින රොෂාන් කොළඹ ජනප්‍රිය ගුවන් නියමු පුහුණු පාසලක උපදේශකවරයෙකි. නුවර වංශවත් රඳළ පෙළපතකින් පැවත එන ඔහුගේ පියා බලවත් කැබිනට් අමාත්‍යවරයෙකි. සියලු යස ඉසුරින් පිරි ජීවිතයක් රොෂාන් සතු විය. ඉංජිනේරු ශිෂ්‍යාවක වන සෙරීනාද රොෂාන් සේවය කරන්නා වූ ගුවන් නියමු පුහුණු පාසලේ අධ්‍යාපනය හදාරණ ඉංජිනේරු ශිෂ්‍යාවකි. ඇය මධ්‍යම පාන්තික කතෝලික පවුලක තරුණියකි. සෙරිනාගේ පියා බයිසිකල් අලෙවිසැලක් පවත්වාගෙන යන්නේය.
යෞවනයේ මිහිරි ආදරය දෙදෙනාගේම ජීවිත අරක් ගෙන අවසානය. ආදරය කාහටත් පොදු සිතුවිල්ලකි. දෙහදක් බැඳුණු තැන සුන්දර ආදර අන්දරයක් ඇත්තේය. රොෂාන් මෙන්ම සෙරීනාද යොවුන් ආදරයේ මිහිරියාව විඳින්නේ සොබාදහමට අවනතවය. පවුල් පැළැන්ති, සමාජ මට්ටම් කිසිවකට සීමා කළ නොහැකි වූ ආදරයකින් දෙදෙනාම බැඳෙති.

යහපත් දූ දරුවෝ මව්පිය ආශීර්වාදය මහත් සේ සළකති. රොෂාන් මෙන්ම සෙරීනාද තම ආදරයට මව්පිය ආසිරි පතති. එහෙත් ධනයෙන්, බලයෙන් උදම් වූ කුල මාන්නයෙන් පිරි රොෂාන්ගේ ඇමැති පියා මේ ආදරය කිසිසේත්ම අනුමත නොකරයි. ඔහුගේ එකම බලාපොරොත්තුව වන්නේ තම පුතු දිවයිනේ සුප්‍රසිද්ධ සමාගමක ගුවන් නියමුවෙකු ලෙසින් දැකීමය. තම පුතු වෙනුවෙන් යහපතක් කිරීමට තම පණ වැනි ආදරණීය පුතුගේ බලාපොරොත්තු ඉෂ්ඨ කිරීමට නොපැකිළි වන පියෙකු ලොව සිටීද?
ඇමැති පියා සියලු කටයුතු යොදන්නේ තම පුතු සතුටින් සිටිනු දැකීම වෙනුවෙනි. තම පුතුගේ අනාගතය වෙනුවෙන් ඇමැති බලය පවා යොදමින් පුතු සමාජයේ ඉහළින් තැබීමට ඔහු වෙහෙසෙන්නේය. එහෙත් ආදරයේ නිදහස තම පුතුහට ලබා දෙන්නට ඔහුගේ සිත නොනැමෙයි. තම පියාගේ බලයෙන් ඔපවත් නොවී නව සමාජයේ තනි ධෛර්යයෙන් නැඟී සිටීමට වෙර දරන රොෂාන් මේ වැඩපිළිවෙල ප්‍රතික්ෂේප කරයි.
ඔහුගේ අධිෂ්ඨානය වන්නේ තම උත්සාහයෙන් ඉලක්ක වෙත ගමන් කිරීමයි. දිගින් දිගටම පියාගෙන් එල්ල වන කුරිරුකම් හමුවේ රොෂාන් - සෙරීනා තීරණයකට එළඹේ. තම ආදරය තම ජීවිතය සේ සළකන මේ ආදරණීය පෙම් යුවළ අවසානයේදී දෙමාපිය ආසිරි නොමැතිවම සිය ආදර මන්දිරය තනති. පොළවේ පයගසා ජීවත් වන්නට වෙර දරන රොෂාන්, සෙරීනා සමඟින් ජීවන ගමනේ ඉදිරිය සකසන්නේ දහසකුත් බලාපොරොත්තු ඇතිවය.
ඔවුන් නව ජීවිතය අරඹන්නේ කුළී නිවෙසකිනි. මහා මන්දිරයක ජීවත් වූ රොෂාන් සේම යමක් කමක් තිබූ පවුලක වූ සෙරීනාටද මේ අලුත් ජීවිතය නුහුරු නුපුරුදු වුවත් කිසිම ප්‍රශ්නයක් ඔවුන් අතරට නොපැමිණිනෙන්නේ එකිනෙකා වෙනුවෙන් වූ අනෝන්‍ය අවබෝධය නිසාමය. එහෙත් සිඟිති මුවක කිරි සිනහ දැකීම වෙනුවෙන් වූ ආදරණීය බලාපොරොත්තුව තව තවත් ප්‍රමාද වීම දෙදෙනාම වෛද්‍යවරයෙකු සොයා යති. පරීක්ෂණ අවසානයේදී හෙළිවන්නේ සෙරීනා දරුණු රෝගී තත්ත්වයකින් පෙළෙන බවයි. විශාල මුදල් සම්භාරයක් වියදම් වන බව පෙනුණද රොෂාන් සෙරිනා නවත්වන්නේ සියලු සැපසම්පතින් පිරි පෞද්ගලික රෝහකය.
එහෙත් එය ඔහුගේ ආර්ථිකයට ඔරොත්තු නොදෙන්නක් විය. එපමණක් නොව සෙරීනාගේ සෞඛ්‍ය තත්ත්වයද පෙනෙනතෙක් මානයක යහපත් සේ නොපෙනේ. ඔහුට අවසානයේදී තමා පණ මෙන් ආරක්ෂා කළ පැරණි මෝටර් බයිසිකලය පවා විකුණා දැමීමට සිදුවේ. ඔහු මේ සියලු කැපකිරීම් සිදු කරන්නේ තම ජීවිතය බඳු වූ ආදරණීය බිරිඳ ජීවත් කරවීම වෙනුවෙනි. එහෙත් ඔහුහට සෙරීනා සුවපත් කරගත හැකි වේද? මේ ගැටළු සියල්ල අතරේ ඇමැති පියාගේ ක්‍රියාකලාපය සේම සියල්ල අවසානයේ සමාජයට ස්ව උත්සාහයෙන් නැඟී සිටින්න වෙර දරණ තරුණයෙකු වූ ඇමැති පියාට අකීකරු පුත්‍රයකු වූ ආදරණීය බිරිඳට ආදරණීය සැමියෙකු වූ රොෂාන්ගේ ජීවිත ඉරණම කෙලෙස විසදේවිද යන්න ගෙන එන ‘මේ වගේ ආදරයක්’ චිත්‍රපටය රිදී තිරයේ දිගහැරෙන්න නියමිතය.



නළු නිළි කැළ...
අනුජ් රණසිංහ
දිනක්ෂි ප්‍රියසාද්
කුමා අත්තනායක
විල්මන් සිරිමාන්න
නාලක දළුවත්ත
සෂීනි ප්‍රේමසීල
දුමින්ද සෙනරත්
නාලක විශ්වමිත්
බිනාකා නානායක්කාර
මියාසි ක්‍රිස්තෝම්බු
නතාශීයා සෙව්වන්දි
මංජුලා තරංගනී


කාර්ය මණ්ඩලය...
අධ්‍යක්ෂණය – චන්ද්‍රන් රත්නම්
සහය අධ්‍යක්ෂණය – ජගත් ආනන්ද
කැමරාකරණය – චන්දන ජයසිංහ
සහය කැමරාකරණය – සුමිත් කුමාරගේ
සංගීතය – චිත්‍රාල් සෝමපාල
සංස‍්කරණය – අජිත් රාමනායක
ඇඳුම් නිර්මාණය – ශාමිලා ෆොන්සේකා
වේශ නිරුපණය – නාරද තොටගමුව
නිෂ්පාදන කළමනාකරණය – චන්දිමාල් කොඩිතුවක්කු
නිෂ්පාදන නිර්මාණ ශිල්පි – හේෂාන් දොන් ප්‍රේමසීල
නිෂ්පාදන සංවිධාන – සශීකලා හංසනී




හැඟීම් බර ආදර අන්දර නිරූපිත සිනමාපට සඳහා වර්තමානයේ දී ලබාදෙන අවකාශය පිළිබඳ සාකච්ඡාවකට මේ වගේ ආදරයක්‌ ද සහභාගී කරගත හැකිය. මෑතදීම මෙවැනි සාකච්ඡාවකට නිමිත්තක්‌ වූයේ "සිනහව අතරින්" සිනමාපටයයි. හැඟීම්බර ආදර අන්දර යනු සිනමාවට ආගන්තුක මාතෘකාවක්‌ නොවේ. ඇතැම් සරල විනෝදාත්මක සිනමාපට නිර්මාණය වන්නේද මේ මාතෘකාව මුල්කර ගෙනයි. විශේෂයෙන්ම සමාන්තර සිනමාපට මාදිලිය තුළ හැඟීම්බර ආදර අන්දර දිස්‌වන වාර ගණනාවකි. කලාත්මක - සම්භාවනීය සිනමාපට ද හැඟීම්බර ආදර අන්දර මුළුමනින්ම ප්‍රතික්‍ෂේප නොකරන බව සත්‍යයකි.

'මේ වගේ ආදරයක්‌' හි අධ්‍යක්‍ෂ චන්ද්‍රන් රත්නම් යනු විචාරක අවධානය ලබා ගත්තද, එය තහවුරු කර ගැනීමේ වාසිය ලබා නොගත් අයකු සේ පෙනේ. දිගු කලක්‌ තිස්‌සේ අඩු සිනමාපට ප්‍රමාණයක්‌ ඔහු අතින් නිර්මාණය වීම ඊට එක්‌ හේතුවකි. ඇතැම් තැනෙක ඔහු විවාදාත්මක කාරණා ඉස්‌මතු කළේය යන්න රහසක්‌ නොවේ. හොඳම උදාහරණය 'අලිමංකඩ' යි.

චන්ද්‍රන් රත්නම් මෙවර හැඟීම්බර ආදර අන්දරයක්‌ නිරූපණය කිරීමට ඉටා ගත්තේ නවමු මුහුණුවරකිනි. එක්‌ අතකින් 'මේ වගේ ආදරයක්‌' මෙරට සිනමා ශාලා කරා එන ඩිජිටල් තාක්‍ෂණය භාවිත කළ පළමු ලාංකේය සිනමාපටය යි. වඩා පැහැදිලි රූප රාමු දකිනු රිසියෙන් යුතු ප්‍රේක්‍ෂකයන්ට 'මේ වගේ ආදරයක්‌' අලුත් අත්දැකීමක්‌ වීමේ හැකියාවක්‌ නැතුවා ම නොවේ. කෙසේ වෙතත් අර නවමු මුහුණුවර ආ යුත්තේ සිනමාපටය වෙතින්ම ය. එහි දෘශ්‍යමාන කාරණා වෙතින් නොවේ.



මෙහි එන තරුණ යුවළගේ - රොෂාන්ගේ හා සෙරීනාගේ චරිත සඳහා නුපුරුදු දෙදෙනකු සම්බන්ධ කර ගන්නට චන්ද්‍රන් රත්නම් දැක්‌වූ උනන්දුව පැහැදිලිය. වැදගත් ම දේ ඔවුනගේ සැහැල්ලු රඟපෑම් සිනමාපටයේ තේමාව හා බද්ධ කරන්නට ඇති හැකියාව ගැන ඔහු තුළ තිබෙන්නට ඇතැයි සිතෙන විශ්වාසය යි. කෙතෙක්‌ දුරට එය තහවුරු වේ දැයි යන්න පිළිබඳව නම් ප්‍රශ්න පවතී. මෙතැනදී ප්‍රමුඛ අභිලාෂය බවට පත් වන්නේ පෙම් යුවළගේ සැහැල්ලු රඟපෑම් හැඟීම්බර ස්‌වරූපයකින් අවධාරණය කිරීම ය. අවැසි පසුබිමද තනා ගත යුතුවේ. එනම් සෙසු චරිත පමණක්‌ නොව චරිත අතර නොයෙක්‌ සබඳතාද විසින් උද්ගත කරනු ලබන කාරණා උපයෝගී කර ගත යුතුවීමයි. පැතලි චරිත නිර්මාණය වළක්‌වා ගැනීමට මෙයින් ලැබෙන පිටිවහල ඉමහත් ය.

පෙම්වතා ගුවන් නියමු පුහුණුකරුවකු වීමත්, පෙම්වතිය ඉංජිනේරු ශිෂ්‍යාවක වීමත් යන කාරණයද නොවැදගත් නොවේ. නමුත් එය පරයා එන්නේ චරිත අතර සබඳතා ය. සිනමාපටයේ ප්‍රකාශන ස්‌වරූපයට යටත්ව චරිත අතර සබඳතා විශ්වසනීය අන්දමින් හුවා දැක්‌වීමේ තැතකට සිනමාකරුවා පැමිණෙනු ඇතැයි ප්‍රේක්‍ෂකයා බලාපොරොත්තු වෙයි. සිනමාපටය නිමා වන්නේ එම බලාපොරොත්තුව සමඟ තවදුරටත් පොර බැදීමේ අවස්‌ථාවක්‌ ප්‍රේක්‍ෂකයාට හිමි කර දෙමිනි.

විවාහප්‍රාප්ත පෙම් යුවළට එරෙහි ලොකුම සතුරා වන්නේ සුවකළ නොහැකි රෝගයකි. එහෙත් ඊට පෙර රොෂාන් හා ඔහුගේ පියා අතර ඇති ගැටුම නිරූපණය කෙරේ. රොෂාන් කියා සිටින්නේ තමාට පියාගේ බලපෑමෙන් තොරව ජීවත් විය යුතු බවයි. පියාද සිය අදහස්‌ මුදා හරින්නේ වාචිකව ය. ඒ විනා පිය-පුතු ගැටුම තුළට පිවිසීමේ හැකියාවක්‌ ප්‍රේක්‍ෂකයාට නැත. රොෂාන් පියාගේ ආදරය ප්‍රතික්‍ෂේප කරන්නේ අහේතුකව ය. පියා තුළ ඇති දරු සෙනෙහසද එසේම ය. රොෂාන් - සෙරීනා යුවළගේ ආදර අන්දරයේ ඇති හුරු පුරුදු බව හා ශෝකාන්තය සිනමාපටයේ හැඟීම්බර හැඩරුව හා ගලපා ගැනීම දුෂ්කර වී ඇතැයි සිතේ. මෙවැනි සිනමාපට ප්‍රේක්‍ෂකයාට හුරුය. අන්තිම තත්පරයේදී හෝ සෙරීනා සුවපත් වේ යෑයි යන්න ප්‍රේක්‍ෂකයාගේ බලාපොරොත්තුවයි. සෙරීනාගේ මරණයත් සමඟම අර හැඟීම් බර බව රැගෙන යන්නට ප්‍රේක්‍ෂකයා අකමැති ය. ශෝකාන්තයක්‌ රැගෙන යැමේ අරුතක්‌ නැතැයි ඔහුට සිතෙනු ඇත. මෙතැනදී අවධානයට ලක්‌ විය යුතුම එහෙත් එපමණ අවධානයකට ලක්‌ නොවන කාරණයක්‌ද වේ. එනම් 'මේ වගේ ආදරයක්‌' රඳවා තැබිය යුත්තේ කොතැනකදැයි යන්න යි. 'සිනහව අතරින්' සේම 'මේ වගේ ආදරයක්‌' ද සමාන්තර සිනමා මාදිලියට එක්‌ කිරීම අසීරු ය. චන්ද්‍රන් රත්නම්ගේ පූර්ව සිනමාපට නම් සමාන්තර සිනමාව හා මීට වඩා ගනුදෙනු කළ බව පෙනේ. 'අලිමංකඩ' නම් වඩා විවාදාත්මක වූ සිනමාපටයකි. 'මේ වගේ ආදරයක්‌' හා 'අලිමංකඩ' අතර ඇති පරතරය සුවිශාල ය. 'ආදර කතාව', 'පොරොන්දුව' යන සිනමාපට කරා 'මේ වගේ ආදරයක්‌' ගෙන යැමද අසීරුය. එසේ නම් 'මේ වගේ ආදරයක්‌' හුදෙකලා වනු ඇතැයිද සිතේ. අඩු පිටපත් සංඛ්‍යාවක්‌ ප්‍රදර්ශනයට මුදා හැරීම එය තහවුරු කරන්නටද පුළුවන.

චන්ද්‍රන් රත්නම් සතුව ඇති සිනමා අත්දැකීම් ප්‍රමාණය සුළු පටු නොවේ. කෙසේ නමුත් ඔහු විසින් අධ්‍යක්‍ෂණය කරනු ලැබ ඇත්තේ සිනමාපට ස්‌වල්පයකි. ආදරය, සංත්‍රාසය සේම ජන වාර්ගික නොපෑහීම්, සිවිල් යුද ගැටුම් වැනි ඔහුට විෂය වූ කිසිවක්‌ නොවැදගත් නොවේ. ඔහු භාවිත කරන්නේද සරල ප්‍රකාශන රටාවකි. එබැවින්ම ඔහුට දැන් වුවමනා වන්නේ තර්කානුකූල තිරනාටකයක සහය යි. එබඳු විටෙක මෙතෙක්‌ ඔහු අධ්‍යක්‍ෂණය කළ සාර්ථකම සිනමාපටය වන 'අලිමංකඩ' අභිබවා යන්නට අවකාශ සැලසෙනු ඇත.



සිනමාවේ නැවුම් තාරුණ්‍යය අනුජ් රණසිංහ දිනමිණ පුවත්පතට කල සමුප සාකච්චාව ඇසුරෙනි


මේ අප සිනමාවට අලුත් කතා නායකයින් බිහි වන යුගයකි. ප්‍රවේගය සමඟින් හේමාල් රණසිංහ සිනමා ලෝලීන්ගේ හදවත් හි ළැඟුම් ගනිද්දී චන්ද්‍රන් රත්නම්ගේ නවතම සිනමා සිතුවම වන මේ වගේ ආදරයක් හි පෙම්වතා වෙමින් තවත් අලුත් කතානායකයෙක් රිදී තිරයට පැමිණ තිබේ. ඒ අනුජ් රණසිංහයි. නිරූපණ ශිල්පියකු වශයෙන් ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ඔහු සයුරි ටෙලි සිතුවමට දායක වෙමින් නළුවකු ලෙස කලඑළියට පැමිණියේය. ඉන් අනතුරුව අනුජ්ව අපට හමුවන්නේ මේ වගේ ආදරයක් සිනමා සිතුවම හරහායි.

අනුජ් එකම එක ටෙලි නාට්‍යයෙයි රඟපෑවෙ. ඉන් පස්සෙ සිනමා සිතුවමක ප්‍රධාන භූමිකාව ඔබට ලැබුණා. මොකද හිතෙන්නෙ?
මාරයි කියලා තමයි කියන්න වෙන්නෙ. එක අතකින් මගෙ වාසනාව හින්දයි එහෙම වෙන්න ඇත්තෙ.
මේ වගේ ආදරයක් අධ්‍යක්‍ෂණය කළේ චන්ද්‍රන් රත්නම්. එවන් අයකු යටතේ රංගනයේ යෙදෙනවා කියලා කියන්නෙ ඔබ වැනි අයෙකුට විරළ අවස්ථාවක්?
ඇත්ත. තවමත් මට හිතාගන්න බෑ මිස්ටර් රත්නම්ගෙ චිත්‍රපටයක මං රඟපෑවා කියලා. මා මේ වගේ ආදරයක් ගැන යාළුවන්ට කියද්දි ඔවුන් අහනවා චිත්‍රපටයෙ ඩිරෙක්ටර් කවුද කියලා. මං මිස්ටර් රත්නම්ගෙ නම කියද්දි හැමෝම කියන්නේ මං හරිම වාසනාවන්තයි, එවන් අයකුගෙ චිත්‍රපටයක මුලින්ම රඟපාන්නට අවස්ථාව හිමිවීම කියලයි.
කොහොමද ඔබට චන්ද්‍රන් රත්නම්ව මුණගැසෙන්නෙ?
හේෂාන් කියලා මගෙ මිත්‍රයෙකුයි මාව මිස්ටර් රත්නම් ළඟට යැව්වෙ. ඔහු හා මම මුලින්ම හමුවුණු දවසෙ ඔහු ඉතාම සුහදව මගෙත් එක්ක කතා කළා. දෙවනුව කිව්වා මං මගේ චිත්‍රපටයට ඔබව තෝරා ගන්නවා කියලා. ඩයලොග් බැලුවෙවත් නෑ. අඩුම ගානේ කිසි ස්ක්‍රීන් ටෙස්ට් එකකටවත් තිබ්බෙ නැතුවයි ඔහු මට චිත්‍රපටයේ චරිතය දුන්නේ.
චිත්‍රපටයේ ඔබ පයිලට් කෙනෙක්?
පොඩි කාලෙ මගෙ හීන දෙකක් තිබුණා. එකක් නළුවෙක් වෙන එක. අනික පයිලට් කෙනෙක් වෙන එක. මගෙ තාත්තා එයා ෆෝස් එකේ වැඩ කළේ. ඒ හින්දා තමයි පයිලට් පිස්සුව ඔළුවට ගැහැව්වෙ. මගෙ කාමරයෙ එක පැත්තක නළුවන්ගෙ පිංතූර තිබුණා. අනෙක් පැත්තෙ තිබුණෙ පයිලට්ලගෙ පිංතූර. වාසනාවට හෝ අවාසනාවට මට සැබෑ ජීවිතයේ පයිලට් කෙනෙක් වෙන්න ලැබුණේ නෑ. නමුත් මේ වගේ ආදරයක් නිසා මට පයිලට් ඇඳුම අඳින්න ලැබුණා. ප්ලේන් එකක මෙහෙයුම් මැදිරියෙ යන්න අවස්ථාවත් හිමි වුණා. ඒවා මගෙ ජීවිතයට අමතක නොවන අත්දැකීම්. දින කිහිපයකට හරි පයිලට් කෙනෙක් වුණා කියලා දැණුනාම දැනෙන්නෙ පුදමාකාර ආත්ම තෘප්තියක්.
ඔබ ක්ෂේත්‍රයට ආව හැටි මතක් කළොත්?
මං අර කිව්වනේ හීන දෙකක් තිබුණා කියලා. ඉන් රංගන හීනය හැබෑ කරගන්න නිතර අවස්ථා හෙව්වා. ඒ අතරතුරදී මගෙ උසත් එක්ක මං මොඩ්ලින් කරන්න ගියා. මට ඊට උදවු කළේ බ්‍රයන් කකෝවන් සහ වාසනා දන්තනාරායන. මං 2010 මිස්ටර් ශ්‍රී ලංකා තරගයෙන් වින් කළා. ඊට පසුව 2011 මිස්ටර් ඉන්ටර් නැෂනල් තරගාවලියේ අන්තිම පස්දෙනා දක්වා ආවා. ඔහොම කාලයක් මොඩ්ලිං කර කර ඉන්නකොට මා හිතාදර බුද්ධික කුලසේකර මට නාට්‍යයකට කතා කළා. ඒක තමයි සයුරි. මං එහි සිතිජ කියන ප්‍රධාන චරිතයටයි පණ පෙව්වේ.
සයුරි ඔබව හිතපු තරම් ජනපි‍්‍රය කළේ නෑ?
මෙහෙමයි, මට හිතෙන විදිහට ඒක ජනපි‍්‍රය ගණයේ නාට්‍යයක් නෙවෙයි. ඇත්තටම කිව්වොත් සයුරි හරහා මගෙ ලස්සන ප්‍රේක්‍ෂකයො දුටුවෙ නෑ. අනික ඒකෙ තිබුණෙ වෙනස්ම රංගන පරාසයක්.
සිනමාවට ද ටෙලි නාට්‍යවලටද ඔබ වඩාත් පි‍්‍රය?
සයුරි කෙසේ වෙතත් මේ චිත්‍රපටයට නම් මට ලැබුණු ප්‍රතිචාර ප්‍රමාණය දරාගන්න බැහැ. චිත්‍රපටය තිරගත වූ දින සිට මේ දක්වා අසීමිත ප්‍රතිචාරයන් ලැබුණා විවිධාකාර පුද්ගලයන්ගෙන්. සමහර විට මං හිතන්නෙවත් නැති පුද්ගලයො චිත්‍රපටයෙ මගෙ චරිතය ගැන කතා කරනවා. මං හිතනවා ඒකටත් හේතුවක් ඇති. මේ චිත්‍රපටයෙ මං නිදහසේ රඟපෑවා. ටෙලිවල තියෙන්නෙ ඩයලොග් කියන්න විතරයිනේ. මහාලෝකුවට අපට රංගනයෙ යෙදෙන්න නිදහසක් නැහැ. මං චිත්‍රපටයට මගෙ උපරිම දායකත්වය ලබා දුන් හින්දා වෙන්න ඇති මේ තරම් ප්‍රතිචාර.
නව පරපුරේ අයකු විදිහට ප්‍රවීණයන් සමඟ වැඩ කරන්නට ලැබීම ගැන මොනවද කියන්න තියෙන්නේ?
මට මතකයි මං පළමු වතාවට සයුරි නාට්‍යයේ රඟපාන්න ගිය දිනය. එදා මගේ අම්මාට රඟපාපු ගීතා කාන්ති ජයකොඩි මහත්මිය මට ළඟට කතාකරලා ඩයලොග් බලාගමු කිව්වා. අන්න එදා තමයි මට හිතුණෙ මං කොච්චර වාසනාවන්තද කියලා. ඇතැම් අවස්ථාවල මං ප්‍රවීණයන්ට වධයක් වුණා. ඒ මං නොදන්න දේවල් අහන්න ගිහින්. කියන්න සතුටුයි මට මෙතෙක් කල් හමුවුණු ප්‍රවීණ අය නම් ඉතාම වැදගත් සහ අලුත් අයට උදවු කරනවා.

ඔබගේ වැඩි ඇල්ම සිනමාවට වගේ?
ඔව්,
එතකොට ආයෙ ටෙලි නාට්‍යවල රඟපාන්න හිතක් නැත්ද?
හොඳ ටෙලි නාට්‍යයක් ආවොත් බාර නොගෙන ඉන්නෙ නැහැ.
ඔබට ඊළඟටත් පෙම්වතෙකුගේ චරිතයක් ලැබුණොත්?
කිසි ප්‍රශ්නයක් නැහැ. මං රපානවා.
රිදී තිරයෙදී ඔබට ගැළපෙනම පෙම්වතිය කවුද?
මං හිතනවා මට ඩිනක්‍ෂි පි‍්‍රයසාද්ව හොඳට ගැළපෙනවා කියලා.
අනුජ්ට අභියෝගයක් වෙන නළුවො ඉන්නවද?
අභියෝගයක් නෙවෙයි තරගයක් දෙන්න ඕන නළුවො නම් ඉන්නවා.
නම් වශයෙන් කියන්න පුළුවන්ද?
හේමාල් රණසිංහ, රොෂාන් රණවන.
චරිතයක් වෙනුවෙන් ඔබේ බාහිර ස්වරූපය වෙනස් කරගන්න ඔබ සූදානම්ද?
අනිවාර්යයෙන්ම. එහෙම චරිත මට ලැබෙනවට මම කැමැතියි. එතකොට වෙනසක්නෙ. කොණ්ඩෙ කපන්න ඕන නම් කපනවා. රැවුලත් එහෙමයි.
අනුජ් අනුගමනය කරන නළුවන් කවුද?
අර්ජුන් රාම්පාල්, ජෝන් ඒබ්‍රහම්, ෂාරුක්, අමීර්, මේ අය දිහා බලාගෙන මං බොහෝ දේ ඉගෙන ගන්නවා.
මේ වන විට ඔබට ගැහැනු ළමයි කී දෙනෙක් ආදරය ප්‍රකාශ කරලා තියෙනවද?
හතක් අටක් විතර.
ඒ අතරේ නිළියොත් ඉන්නවාද?
අපෝ නැහැ.
රිදී තිරයෙ පෙම්වතා වෙන්න බලාපොරොත්තුවෙන් හිටියත්, ගැහැනු ළමයි ගණනාවක් ආදරේ ප්‍රකාශ කළත් ඔබ තවම තනිකඩයි?
මිස්ටර් ශ්‍රී ලංකා වුණාට පසුව මගෙ අන්තිම පෙම්වතිය මාව දාලා ගියා. ඒකට හේතුව වුණේ මගෙ කලා ජීවිතය නෙවෙයි. යම් යම් නොගැළපීම් මත අපි වෙන් වුණා. එදායින් පසුව ආදරයක් ගැන හිතුවෙ නැහැ.
අනුජ්ගෙ වෘත්තිය රංගනය නෙවෙයි?
ඔව්, වෙඩින් සහ ඉවෙන්ට් මැනේජ්මන්ට් තමයි මගෙ වෘත්තිය.
අනුජ් ගෙ ගෙවල් කොහෙද?
පානදුරේ.
ඉගෙන ගත්තේ ?
පානදුර ශ්‍රී සුමංගල සහ කොළඹ ශාන්ත පීතර විද්‍යාලවලින්.
පවුලේ විස්තරත් කියමු?
අම්මයි, තාත්තයි, අක්කයි.

රු ගත කිරීම් අතර තුර..






විශේෂ අවස්ථා කිහිපයක්..








(අන්තර්ජාලය ඇසුරින්)

මේ ලිපියෙත්.  අදහස් හා යෝජනා කියන්නකෝ…

www.facebook.com/charuka4u

තවත් තොරතුරු ලබා ගන්න… මගේ බ්ලොග් පිටුවට එන්න…

http://charukalakshitha.blogspot.com/