Thursday, October 1, 2015

දරු සුරතල් මැද රූගැන්වූ ‘සිරි පැරකුම්’



ඓතිහාසික දඹදෙණිය රාජධානියේ රාජ්‍යය කළ දෙවැනි පරාක්‍රමබාහු රජතුමා අපේ ඉතිහාසයේ සුවිශේෂී සලකුණක් සනිටුහන් කළ රජ කෙනෙකි. ඒ සුවිශේෂිත්වය වනාහි මේ රටේ සාහිත්‍ය ක්ෂේත්‍රයට එතුමා අතින් සිදුවූ මෙහෙවරයි. අප කාගේත් ගෞරවාදරයට පාත්‍ර වන ‘කව් සිළුමිණ’ කාව්‍ය සංග්‍රහය දෙවැනි පරාක්‍රමබාහු රජුගේ සාහිත්‍ය ග්‍රන්ථ අතර සුවිශේෂී වේ.
සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසූරිය එකමුතුවගේ දඹදෙණි රාජධානියේ විසු දෙවැනි පරාක්‍රමබාහු රජුගේ ළමා කාලයේ සොඳුරු ඉසවු අළලා නිර්මාණය වුණු සිනමා පටය යි, සිරි පැරකුම්.
දඹදෙණිය රාජධානිය කොට 13 වන සියවසේ රාජ්‍ය කළ නැම්බඹර, කලිකාල, සාහිත්‍ය, සංගීත, සර්වඥ දෙවන පරාක‍්‍රමබාහු රජතුමාගේ ළමා කාලය ආශි‍්‍රතව ඇති ජනප‍්‍රවාද පාදක කර ගනිමින් රචිත තිර රචනයකි.


මෙම රජතුමාගේ ළමා කාලය ගැන ලේඛන ගත, සනාථ කළ නිශ්චිත තොරතුරු ඉතිහාසයේ සදහන් වී නැතත් මුඛ පරම්පරාවෙන් පැවත එන විවිධ ජනප‍්‍රවාද රාශියක් ඇත. මෙම ජනප‍්‍රවාද වල කියවෙන බොහෝ නම්ගම් හා පෙලපත් නාම අදත් අසන්නට දකින්නට ඇති නිසා එම ජනප‍්‍රවාදවලට පාදක වූ කිසියම් සත්‍ය තොරතුරු ද ඇතැයි අනුමාන කළ හැක. ඇතැම් ජනප‍්‍රවාද අතර පරස්පර විරෝධීකම් ඇතත් සියලූම ජනප‍්‍රවාද වලට පොදු ලක්ෂණ ද ඇත. එවන් පොදු ලක්ෂණ හා සිනමා කෘතියකට උචිත ලෙස මනඃකල්පිතව නිර්මාණ කරන ලද සිදුවීම්ද මෙහි ඇතුළත් ය.
එහෙයින්, මෙම තිර රචනය එම ජනප‍්‍රවාද පාදක කරගත් නව නිර්මානයක් විනා සත්‍ය තොරතුරු පමණක් අඩංගු ඉතිහාස වාර්තාවක් නොවනු ඇත.
දෙවැනි පරාක්‍රමබාහු රජුගේ ළමා කාලය පිළිබඳ එතුමන් රාජ්‍යය කළ දඹදෙණිය රාජධානිය තුළ විවිධ ආකාරයේ ජනප්‍රවාද අසන්නට ලැබේ. මේ ජනප්‍රවාද පිළිබඳ සැලකිල්ලට ගෙන ඒ ආශ්‍රයෙන් නිම වූ තිර පිටපතකට අනුව සැකසෙන ‘සිරි පැරකුම්’ චිත්‍රපටය මාතලේ, නාඋල, අනුරාධපුරය ආදි ප්‍රදේශ අවට රූගත කර ඇත. ‘සිරි පැරකුම්’ අධ්‍යක්ෂවරයා වන්නේ ආචාර්ය සෝමරත්න දිසානායකයි. නිෂ්පාදනය රේණුකා බාලසූරිය ගෙනි.


ලස්සන සින්දු තුකක් තියනවා බලන්නකෝ ලස්සනද කියලා...


ඈත මෑත සුවඳ දී සැලී...


Main - Siri Parakum Film (සිරි පැරකුම් චිත්‍රපටය)
Music - Rohana Weerasingha (රෝහණ වීරසිංහ)
Lyrics - Somarathna Dissanayake (සෝමරත්න දිසානායක)

ඈත මෑත සුවඳ දී සැලීනේක 
නේක හැඩ රුවින් හැදී
පාට පාට මල් වගේ පිපී
යාලු යාලු පොඩි ලමයි අපී

Aatha Maata Suwanda di sali
Neka neka Hada ruvin hadee
Paata paata mal wage pipi
Yalu Yalu podi lamai api




කුසුම් පිපි වසන්තේ...



Main - Siri Parakum Film (සිරි පැරකුම් චිත්‍රපටය)
Music - Rohana Weerasingha (රෝහණ වීරසිංහ)
Lyrics - Somarathna Dissanayake (සෝමරත්න දිසානායක)

වසන්තේ... සුගන්ද මදු වසන්තේ...
කුසුම් පිපෙන වසන්තේ...
විගුම් හමන වසන්තේ...
හැගුම් මවන රැගුම් මවන සුගන්ද මඩු වසන්තේ...

wasanthe.... suganda madu wasanthe....
kusum pipena wasanthe...
vigum hamana wasanthe..
hagum mawana ragum mawana sugandu madu wasanthe...



පිපි කුසුම වදුලු සිඹිමින්...



Main - Siri Parakum Film (සිරි පැරකුම් චිත්‍රපටය)
Music - Rohana Weerasingha (රෝහණ වීරසිංහ)
Lyrics - Somarathna Dissanayake (සෝමරත්න දිසානායක)

පිපි කුසුම වදුලු සිඹිමින්
තුරු සිරස ලපලු අතරින්
එන ළහිරු කිරණ මෙතරම්
සොඳුරු නැත රජ මැදුරු වල නම්...

Pipi Kusuma Wadulu Simbimin
Thuru sirasa lapalu atharin
Ena lahiru kirana metharam
Thuru Sirasa Lapalu Atharin









සිරි පැරකුම් ෆිල්ම් එකේ රගපාන අයගේ සැබෑ නම්.....


පරාක‍්‍රමබාහු (අප්පුවා) 
ළමා වයස 1 ප‍්‍රමුදිත උදයකුමාර
ළමා වයස 2 සචින් චතුරංග
තරුණ අකිල ධනුද්දර
කළු එතනා          
ළමා වයස 1 සෙනංගා කැප්පෙටිපොල
ළමා වයස 2 මිහිරි දේශපි‍්‍රය
තරුණ සිනේති අකිලා
සිරිමල් එතනා               
ළමා වයස 1 තරින්සා සිංහබාහු
ළමා වයස 2 මිනෝලි බාලසූරිය
තරුණ සෙනාලි ෆොන්සේකා

විජයබාහු රජතුමා : පාලිත සිල්වා
යෝනක බිසව : සචිනි අයේන්ද්‍රා
පතිරාජ සෙනෙවි: අෂාන් ඩයස්
පුරෝහිත 1 : දයාදේව එදිරිසිංහ
රෙදි නැන්දා : චාන්දනී සෙනෙවිරත්න
ගමරාළ : බිමල් ජයකොඩි
ගම හාමිනේ : ජයනි සේනානායක
කළුන්දාව හාමුදුරුවෝ : ගිරිරාජ් කෞෂල්‍ය
සංඝරාජ හාමුදුරුවෝ : සම්පත් තෙන්නකෝන්
කම්මල් කරු : ජයන්ත මුතුතන්ති‍්‍ර
රනාවත්තේ දුරයා : ලලිත් ජයකාන්ත
දුර හාමිනේ : දමයන්ති ෆොන්සේකා

සිරි පැරකුම් ෆිල්ම් එකේ ශිල්පීන්.....


සහාය අධ්‍යක්ෂණය – අසෝක අතාවුදහෙට්ටි
වේශ නිරූපනය – නාරද තොටගමුව
නිශ්චල ඡායාරූප – විශ්ව බාලසූරිය
ඇදුම් නිර්මානය – වෙනුක වික‍්‍රමාරච්චි
කලා අධ්‍යක්ෂණය – හීනැටිගල පේ‍්‍රමදාස
සංගීතය – ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනා – විශාරද හර්ෂන දිසානායක, සමන් ලෙනින්,
සුවී මාලියද්ද, රූනාර දිසානායක
සංස්කරණය – අජිත් රාමනායක
කැමරා අධ්‍යක්ෂණය – පාලිත පෙරේරා
නිෂ්පාදනය – රේණුකා බාලසූරිය
තිර රචනය හා අධ්‍යක්ෂණය – ආචාර්ය සෝමරත්න දිසානායක

‘සිරි පැරකුම්’ රිදී තිරයට ගෙනෙනුයේ 
මෙවැනි කතා පසුබිමකි...




කාලිංග මාඝගේ ආක‍්‍රමනයෙන් පසු පොළොන්නරු රාජධානිය අතහැර සිංහල රාජධානිය දඹදෙනිය බවට පත් කර, දඹදෙනි පව්ව මත මලිගයක් තනවා තුන්වන විජයබාහු රජතුමා රජකම් කරන සමයයි. රජතුමාගේ පළමු අග බිසව පරාක‍්‍රමබාහු කුමාරයා බිහිවන දරු ප‍්‍රසූතියේදී මිය යයි. ඉන් පසු අග බිසව බවට පත්වන්නේ යෝනක බිසවකි. මෙම බිසවට ලැබෙන කුමාරයා වත්හිමි නම් වේ. රාජ සම්ප‍්‍රදාය අනුව පරාක‍්‍රමබාහු කුමාරයාට ඊලග රජකම හිමි වුවද, සිය පුත් වත්තමි කුමාරාට ඊලග රජකම ලැබිය යුතු බවට යෝනක බිසව රජතුමා කැමති කරවා ගනී. මෙම තීරණයට බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ විරෝධයක් ඇත. මාඝගේ සේනාව දඹදෙනිය දෙසට ගමන් කරයි. යුද්ධයෙන් ජය ලැබුවහොත් සුදු කොඩියකුත්, පරාජය උවහොත් කළු කොඩියකුත්, සමග පනිවුඩ සෙබලකු එවන බවට දැනුම් දී සතුරු සේනාව මැඩපැවැත්වීමට චතුරංගනී සේනාවද සමග රජතුමා යුධ බිමට යන්නේ පරාක‍්‍රමබාහු කුමාරයාගේ ආරක්ෂාව පතිරාජ නම් සෙනෙවියකුට පැවරීමෙනි.
රජතුමා පරාජය වී, කළු කොඩියක් දුටුවහොත් මාලිගා පවුවෙන් බිමට පැන දිවි නසා ගන්නට අන්තඃපුර කුමාරිකාවන් සහ අනෙකුත් සේවකයින් ගිවිස ගනියි. නමුත් රජතුමා නියත වශයෙන් ජය ලබන බව දෛවඥයින් පවසා ඇත. පරාක‍්‍රමබාහු කුමාරයා මරා දැමීමට මෙය අවස්ථාවක් කර ගන්නා යෝනක බිසව සුදු කොඩිය ගෙන
එන සෙබලා මරා, කළු කොඩියක් ගෙන වෙනත් සෙබලකුට එන ලෙස කුමන්ත‍්‍රණය කරයි. මාලිගා පර්වතයෙන් බිමට පනින සියලූ දෙන සමග පරාක‍්‍රමබාහු කුමාරයාද දමා, තමා දිවි ගලවා ගැනීම ඇයගේ උපායයි.
රජතුමා යුධයෙන් ජය ගනී. කුමන්ත‍්‍රණය අනුව කළු කොඩි සෙබලා පැමිනේ. බිසෝවරු සමග සේවකයින් පර්වතයෙන් බිමට පැන දිවි නසා ගනිති. පතිරාජ සෙනෙවිගේ රැකවරණය නිසා පරාක‍්‍රමබාහු කුමාරයා බේරෙයි. නමුත් මාලිගාවේ සිටීම කුමාරගේ ජීවිතයට තර්ජනයක් නිසා පතිරාජ සෙනෙවි මාලිගාවේ රෙදි සෝදන රෙදිනැන්දා අත කුමාරයා ගමට පිටත් කර හරින්නේ කෙසේ හෝ කුමාරයා ජීවත් විය යුතු නිසාය.
රෙදිනැන්දා කුමාරයා ගමේ ගමරාලට බාර දෙන්නේ රාජ කුමාරයෙකු බව නොකියාය. ගමරාළට කළු එතනා හා සිරිමල් එතනා නමින් දූවරු දෙදෙනෙකි. කුමාරයා ‘‘අප්පුවා’’ නමින් නම් කෙරේ.
මාලිගාවේ සිරවී ගෙවූ ජීවිතයට වඩා ගමේ නිදැන්ලේ ගෙවන ජීවිතය කුමාරයා පි‍්‍රය කරයි. කාලයත් සමග තමා රාජකුමාරයෙකු වග කුමාරයාට අමතක වී යයි. රූපකායෙන් මෙන්ම කි‍්‍රයාකාරකම්වලින්ද අප්පුවා අනෙකුත් ළමයින්ට වඩා කැපී පෙනෙන්නෙකු වෙයි. ක‍්‍රමයෙන් තරුණ වියට පත්වන අප්පුවා ගමරාලගේ ගොවිතැන් කටයුතු වල සියලූ වගකීම් බාර ගනියි. කළුඑතනා අප්පුවා කෙරෙහි ඇත්තේ අප‍්‍රසාධයකි. නමුත් බාල සොයුරිය සිරිමල් එතතා අප්පුවා පි‍්‍රය කරයි. ගැහැණු ළමයි දෙදෙනාට මංගල යෝජනා එන විට ගමරාල කැමති වන්නේ දෙදෙනාම අප්පුවාට සරණපාවා දීමටය. කළුඑතනා අප්පුවා ප‍්‍රතික්ෂේප කරන අතර සිරිමල් එතනා එකග වෙයි. මේ අතර 3වන විජයබාහු රජතුමා මියගොස් වත්තිමි කුමාරයා කුරුණෑගල රාජධානිය කොට රජකම් කරයි. මෙම රජතුමා කෙරෙහි බෞද්ධ භික්ෂූන්ගේ අප‍්‍රසාදයක් ඇති නිසා කුමන්ත‍්‍රණයකින් පසු ඔහු පර්වතයෙන් බිමට පෙරලා මරා දමයි.
ඊලගට කිරුළ භාර ගැනීමට සුදුස්සෙකු නැති හෙයින්, රාජකීය හස්තියා දන නමස්කාර කරන පුද්ගලයා රජු වශයෙන් තෝරාගැනීම සම්ප‍්‍රදාය හෙයින්, හස්තියා සරසා වීදි සංචාරය කරවයි. පරාක‍්‍රමබාහු කුමාරයා සිටින දිසාව දන්නා පතිරාජ සෙනෙවි ඇතා යොමු කරන්නේ එම ගමටය. හස්තියා අප්පුවා ඉදිරියේ දන නමස්කාර කරයි.
‘සිරි පැරකුම්’ රිදී තිරයට ගෙනෙනුයේ මෙවැනි කතා පසුබිමක් සහිතවය....

සෝමරත්න දිසානායකගේ අදහස්....



‘සිරි පැරකුම්’ අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක අප හා එක්වෙමින් පැවසූයේ මේ චිත්‍රපටය තමන් හිතුවටත් වඩා දැවැන්ත නිර්මාණයක් බවයි.

“අපි පසුගිය දිනවල මාතලේ නාඋල හා අඹන කියන ප්‍රදේශයේ රූගත කිරීම් කළා. මේ දිනවල අපි ඉන්නේ අනුරාධපුරයේ. මිහින්තලේ කළුදිය පොකුණ අවට හා භත්ථිකුච්චි ප්‍රදේශයේ රූගත කිරීම් කරනවා. මේ දවස්වල අපිට ටිකක් කාලගුණයෙන් බාධා තිබෙනවා. වැස්ස පටන් ගත්ත නිසා. නමුත් අපට වැස්සත් අවශ්‍යයි. මොකද මේ චිත්‍රපටයේ කුඹුරු වැඩ කරන දර්ශන තිබෙනවා.

‘සිරි පැරකුම්’ චිත්‍රපටය ඓතිහාසික කතාවක් වගේම ජනප්‍රවාද ඇසුරින් කරපු අලුත් අර්ථකථනයක්. හැමදාමත් වගේ මේ චිත්‍රපටය නිර්මාණය වීමේදීත් මගේ චිත්‍රපටවල තිබෙන මහා පොදු සාධකය වන දරුවන්ගෙන් මිදෙන්න බැරිවුණා. භාගෙට භාගයක් ඉන්නේ ළමයි. අවුරුදු පහේ දරුවනුත් ඉන්නවා. මේ දරුවන් නිසා මුළු දර්ශන තලයම අමුතු චමත්කාරයකින් පිරිලයි තියෙන්නේ. විවේක වෙලාවට හුරතල් කවි, කතා රාශියයි. අපි රූගත කිරීම් කරන්නේ අතිශයින් දුෂ්කර ප්‍රදේශවල. ඒත් මේ දරුවෝ නිසා අපේ මහන්සියත් ඉබේම නැතිවෙලා යනවා.”

සෝමරත්න දිසානායක කිවුවම ඔහුටම ආවේණික වූ සිනමා ගමන් මඟක් තිබෙන සිනමාකරුවෙක් ලෙසට කාටත් මතක් වෙනවා. එහෙත් ‘සිරි පැරකුම්’ ගැන ඇහුවම බොහෝ දෙනකුට හිතෙන්න පුළුවන් මෙවර ඔහු සිය ගමන් මඟ වෙනස් කරලා ඓතිහාසික රැල්ලට එක් වුණා ද? කියලත්. ඒ ගැන ඔහු කිවුවෙ මෙවැනි දෙයක්.

“ඓතිහාසික කතා පුවත් ඇසුරින් සිනමා නිර්මාණ කරන රටාවක් රැල්ලක් අද ලංකාවේ නිර්මාණය වෙලා තිබෙනවා තමයි. ඒ රැල්ලට එක්වෙන්න මට කිසිම වුවමනාවක් නෑ. මේ චිත්‍රපටය කරන්න මම හිතාගෙන හිටියේ මීට අවුරුදු ගණනාවකට කලින්. එතකොට ඓතිහාසික රැල්ලක් ඇවිල්ලත් නෑ. මම දඹදෙණිය රාජධානියේ උපන් කෙනෙක් විදියට දෙවැනි පරාක්‍රමබාහු රජුගේ ළමා කාලය ගැන විවිධ ජනප්‍රවාද අසා තිබුණා.

ඒවා හරිම විචිත්‍රයි. ඒ ඇසුරින් මේ පිටපත ලියලා දැන් අවුරුදු 3 - 4 ට වැඩියි. නිරීක්ෂණ, අධ්‍යයන ගොඩාක් තිබුණ නිසා පිටපත අවසන් කරන්න කල් ගියා. කොහොම වුණත් මේ මාසය වෙත්දි රූගත කිරීම් සියල්ල ඉවර කරන්න පුළුවන් වේවි. මම හිතනවා මෙය වෙනත් ඓතිහාසික චිත්‍රපටවලට වඩා සිනමාවට වෙනසක් රැගෙන ඒවි කියා.

අනෙක් සුවිශේෂම කාරණය තමයි අපි පසුගිය දිනවල රූගත කිරීම් කරන්නට ගොස් සිදුවූ අමතක නොවන සිද්ධිය. එදා අපි රූගත කළේ අඹන් ගඟ මැද දර්ශනයක්. අඹන් ගඟ බෝවතැන්න ජලාශයට සම්බන්ධයි. අපි රූගත කරන්න කලින් බෝවතැන්න ජලාශයට දැනුම් දීමක් කළා වතුර ඉවත් කරනවා නම් අපට දැනුම් දෙන්න කියලා. එදා ඒ පණිවුඩය කෙසේ හෝ අපට ලැබුණේ නෑ. අවුරුදු 5 - 6 කුඩා ළමයි ගඟ මැද තබාගෙන කැමරාත් හයිකරගෙන ඉන්නකොට අපිට තේරුණා වතුර ටිකක් වැඩිවේගන එන බව. ඉක්මනට දරුවන් ආරක්ෂිත තැනකට ගෙනිහින් කැමරා උපකරණත් රැගෙන ගඟෙන් ඉවත් වූ නිසා හොඳට ගියා. තව විනාඩි 10 - 15 ක් ඇතුළත අති විශාල ජල කඳක් ඇවිත් අපි හිටිය හරිය සම්පූර්ණයෙන්ම යට කරගෙන ගියා.

මේ ලිපියෙත්.  අදහස් හා යෝජනා කියන්නකෝ…
www.facebook.com/charuka4u
තවත් තොරතුරු ලබා ගන්න… මගේ බ්ලොග් පිටුවට එන්න…
http://charukalakshitha.blogspot.com/

" සිරි පැරකුම් " විශේෂ අවස්ථා කිහිපයක්....
























Tuesday, September 29, 2015

එවරස්ට් කඳු මුදුන තරණයේ අවසාන ගමන ඇරඹීය....






1996 මැයි මස 10 සහ 11 දෙදින එවරස්ට් කඳුවැටිය තරණය කරන්නට ගිය පුද්ගලයෝ අට දෙනෙක් මරු දුටුවාහ. එවරස්ට් තරණයේ යෙදෙන වසරේ එම කාලය ඇතුළත මියගිය සම්පූර්ණ පුද්ගලයන් ගණන දොළසකි. එය හිමාල කඳුවැටියේ සිදුවූ මහා ඛේදවාචකයක් ලෙස මාධ්‍ය මඟින් හැඳින්වූ අතර එවරස්ට් කන්ද තරණය කිරීම වාණිජකරණය වීම පිළිබඳ ලොව පුරා මාධ්‍ය ඔස්සේ මහත් වාද විවාද ඇතිවූයේය.

බලන්නකෝ ට්‍රේලර් එක....



කඳු ශිඛර තරණය කරන්නන් දෙදෙනෙක් වන ස්කොට් ෆ්රේවෂර් සහ රොබ් හෝල් සමඟින් වූ ඔවුන්ගේ කණ්ඩායම ලොව උස්ම ස්ථානය වූ එවරස්ට් කඳු මුදුන තරණයේ අවසාන ගමන ඇරඹීය. තදබල හිම කුණාටුවකට මුහුණ දුන් මෙම කණ්ඩායමේ සාමාජිකයෝ අතිශය දුෂ්කර අවස්ථාවන් ඔස්සේ තම දිවි බේරා ගැනීම වෙනුවෙන් ස්වභාව ධර්මයට එරෙහිව සටන් වැදුණාහ.



එම මැයි මාසය කඳු ශිඛර තරණය කරන්නවුන්හට අමතක නොවන මාසයකි. මන්ද ඒ මාසය ලොව උසම ස්ථානය වූ එවරස්ට් තරණය කිරීමට ගොස් එතෙක් සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාවක් සිදු වූ මාසය බැවිනි. එහිදී අකාරුණික වූ සොබාදහම දොළොස් දෙනෙකුට මරු කැඳවා තිබුණි. 1996 Mount Everest Disaster එවරස්ට් කඳු මුදුනේ ඛේදවාචකය) නමින් ඉතිහාසගත වූ මෙම සිද්ධි දාමයේදී කඳු මුදුන තරණය කිරීමට යෑමේදී පමණක් 96 වසරේ මැයි 10 සහ 11 දෙදින තුළ අට දෙනෙකු මරණට පත් වූහ.



මෙම සිදුවීම අලළා අයිස්ලන්ත ජාතික ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙකු වූ බැල්ට්සාර් කොමකූර් විසින් එවරස්ට් නමින් චිත්‍රපටයක් නිර්මාණය කෙරිණි. අමෙරිකානු ඩොලර් මිලියන විශාල 65ක පිරිවැයක් දරමින් නිර්මාණය කළ මෙය 3ච් තාක්ෂණය ඔස්සේ පසුගිය 18 වැනිදා සිට ලොව පුරා තිරගතවීම ඇරඹිණි. විනාඩි 121ක් පුරා දිගහැරෙන Everest (එවරස්ට්) චිත්‍රපටය එක්සත් රාජධානිය, අමෙරිකා එක්සත් ජනපදය සහ අයිස්ලන්තය යන රටවල් ති‍්‍රත්වයේම එකතුවකින් නිර්මාණය වූවකි.



එදා ස්කොට් ෆ්රේාෂර් සහ රොබ් හෝල් ඇතුළු පිරිස මුහුණ දුන් අති බිහිසුණු සිදුවීම් එක්කොට තැනුණු එවරස්ට් චිත්‍රපටයේ විලියම් නිකල්සන් සහ සයිමන් බියුෆේයිගේ රචනයක් වන එවරස්ට් චිත්‍රපටයේ ප්‍රවීණ නළු ජේසන් ක්ලාක්, ජෝෂ් බ්රෝලින්, ජෝන් හවේක් ඇතුළු නළු නිළි පිරිසක් රංගනයේ යෙදෙති. එවරස්ට් ටිම් බෙවන් සහ එරික් ෆ්ලෙනර් ඇතුළු පිරිසකගේ නිෂ්පාදනයකි.



IMDB දර්ශකයේ එය හිමිකර ගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 7.7/10කි. රොටෙන් ටොමැටෝස්හි සියයට 76ක් සහ මෙටා කි‍්‍රටික්හි සියයට 63ක් එවරස්ට් චිත්‍රපටයට හිමි වී ඇත. එසේම මෙම චිත්‍රපටය දෘශ්‍ය ප්‍රයෝග සහ රූප රචනය භාවිතය අතින් ඉතා ඉහළ ගණයේ නිර්මාණයක් ලෙසින් බොහෝ විචාරකයන්ගේ ගෞරවයට පාත්‍ර වී ඇත.



එවරස්ට් කඳු තරණයට ඒ වන විට ධනවත් එහෙත් කඳු තරණයේ එතරම් පළපුරුද්දක් රහිත අය පවා පැමිණෙමින් සිටියහ. හිමාලයේ 1996 ඛේදවාචකය අළලා පොත් කිහිපයක්ම ලියැවිණි. ජොන් ක්‍රානෝර් ගේ ‘ඉන් ටු තින් එයාර්’ බෙක් වෙදර්ස් ගේ ‘ලෙෆ්ට් ෆො ඩෙඩ්’ සහ ‘ක්ලයිංබින්ග් හයි’ හා මැට් ඩික්සන් ගේ ‘ද ඩෙත් සෝන්’ එම කෘති අතරින් කිහිපයකි.




දැන් හිමාලයේ 1996 ඛේදවාචකය අළලා ත්‍රිමාණ සිනමා පටයක් නිමැවී තිබේ. පසුගිය සැප්තැම්බර් 18 සිකුරාදා සිට ලොව පුරා ප්‍රදර්ශනය වන ‍එම චිත්‍රපටය ‘එවරස්ට්’ ය. බල්තසාර් කොර්මාකුර්ගේ අධ්‍යක්ෂණයක් වන එවරස්ට් හි තිර රචනය විලියම් නිකල්සන් හා සයිමන් බියෝෆොයි එක්ව සකසා තිබේ. 1996 වසරේ මැයි මස 10 හා 11 දිනවල එවරස්ට් තරණයේ යෙදුණු රොබි හෝල්ගේ සහ ස්කොට් ෆිෂර්ගේ නායකත්වයෙන් යුතු කඳු නඟින්නන් කණ්ඩායම් දෙක එම වික්‍රමයේදී මුහුණ දුන් අත්දැකීම් එවරස්ට් ත්‍රිමාණ චිත්‍රපටයේ ඇතුළත් වෙයි.



නවසීලන්ත එවරස්ට් ගවේෂණ කණ්ඩායමේ නායකයා රොබ් හෝල් ලෙස ජේසන් ක්ලාර්ක් ද අනෙක් ගවේෂණ කණ්ඩායමේ නායක ස්කොට් ෆිෂර් ලෙස ජේන් නිලෙන්හාල් ද රඟපාන මෙහි ජොෂ් බොලින්, ජෝන් නෝක්ස්, සෑම් වොදරිමටන්, රොබින් රයිට්, මයිකල් කෙලී, එම්ලි වොට්සන් වැනි නළු නිළියෝ අනෙකුත් චරිත නිරූපණය කරති.



2014 ජනවාරි 9 - 23 අතර කාලයේ නේපාල රජයේ අවසරය මත හිමාලයේ දී මෙම චිත්‍රපටයේ රූගත කිරීම් සිදු කෙරිණි. නැවත එම වසරේ අප්‍රේල් මාසයේ ද හිමාලය ආශ්‍රිතයේ රූගත කිරීම් සිදු කෙරෙද්දී ගිරි හිම නිපාතයක් සිදු වූ අතර එයින් නේපාල ෂර්පාවරු 16 ක් මරු දුටුවාහ. කෙසේ වෙතත් ඉන් චිත්‍රපට රූගත කිරීම් සඳහා පැමිණි කිසිවකුට හානි සිදු වූයේ නැත.



‘එවරස්ට්’ ත්‍රිමාණ චිත්‍රපටයේ මංගල දර්ශනය 2015 සැප්තැම්බර් 2 දා 72 වැනි වැනිස් ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේදී පැවැත්විණි. විචාරකයන් බහුතරයකගේ ප්‍රසාදයට පාත්‍ර වී ඇති ‘එවරස්ට්’ හිමාලයේ පරිසරය හා ගිරි හිම පතන වැනි ස්වභාවික ව්‍යසන ත්‍රිමාණ ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කරන පළමු අවස්ථාව මෙය වෙයි. එහෙයින් ම හොලිවුඩ් සිනමා රසිකයන්ට ‘එවරස්ට්’ නවමු අත්දැකීමක් වන බව නිසැකය.





Thursday, September 24, 2015

ඕනෑම හුවාවි Huawei HSDPA USB මොඩමයක් නොමිලේම Unlock කරගන්නේ මෙහෙමයි..

මොඩෙම් lock/unlock කිරීම ලංකාවේ නීති විරෝදී දෙයක් නෙවෙයි. ඒත් එමගින් තමන්ගේ සේවාදායකයා සමග ඇති සෙවා ගිවිසුම අවලංගු වෙන්න පුලුවන්. ඒක නිසා මේක කරන්න කලින් ඒ ගැන සැලකිලිමත් වෙන්න.
මේ කියන ක්‍රමය Huawei USB 3G/HSDPA මොඩෙම් ඕනෙම මාදිලියකට වලංගුයි.

මොඩෙම් එකක් unlock කරගන්න මුලින්ම ඔන වෙන්නෙ අදාල කේත අංකයයි (unlock code). හුවාවි මොඩෙම් සදහා මේ කේත අංකය පදනම් වෙලා තියෙන්නෙ මොඩෙම් එකේ IMEI නොම්බරය මතයි. ඒක නිසා මුලින්ම මොඩෙම් එකෙ IMEI අංකය හොයගන්න. මේක ඉලක්කම් 15 ක නොම්බරයක්. මේක මොඩමෙයෙම හෝ ඇසිරුමෙ සදහන් කරලා තියෙනවා. නැත්නම් Mobile partner එකෙ Tools -> Diagnostic යටතේ බලාගන්න.





මෙ අංකය 354300020014078 යයි සිතමු. දැන් අදාල unlock කෙතය සොයගමු. මේකට කරන්න තියෙන්නෙ IE, Firefox වගේ ඕනම browser එකක් ඇරලා address එක වශයෙන් 
http://bb5.at/huawei.php?imei=###############
ලබ දෙන එකයි. මේ address එකේ ############## වෙනුවට මොඩමයේ IMEI අංකය යොදගන්න. අපේ උදාහරනයේ විදිහටනම්
http://bb5.at/huawei.php?imei=354300020014078

(needs internet connection)

එවිට ඔබට මෙවන් පිටුවක් ලැබෙවි. මෙකෙ අදාල unlock code එක සදහන් වෙනවා.


අපේ උදාහරනයේ විදිහටනම් unlock code එක 41850586

දැන් කොහොමද unlock කරන්නේ. වෙන SIM එකක් දැම්මම Mobile partner ම unlock code එක ඉල්ලනවා නම් මේ code එක එන්ටෙර් කරන්න. එහෙම නැත්නම් පහත ක්‍රමය කරන්න

මුලින්ම මොඩෙම් එක සම්බන්ධ කරලා mobile partner රන් මෙවවනම් එකෙන් exit වෙන්න. ඊට පස්සෙ settings->control panel->system->hardware->device manager open කරගන්න. දැන් ports යටතේ HUAWEI Mobile Connect – 3G PC UI interface කියන එක හොයාගෙන එකත් එක්ක තියෙන COM පොර්ට් නොම්බරය බලාගන්න. 





අපේ උදාහරනයේ විදිහටනම් COM4.

ඊලගට programs ->accessories ->communications –>Hyperterminal
වෙත ගොස් HyperTerminal window ලබාගෙන කලින් බලාගත් පොර්ට් එකට සදහා පිහිටුම් සකස් කරගන්න.








දැන් HyperTerminal එක connect කරගන්න.




දැන් මේ එකේ AT (A යතුර, T යතුර සහ Enter යතුර) විධානය ලබාදෙන්න. එතකොට සියල්ල නිවරදිව තිබෙනම් "OK" යනුවෙන පිලිතුරු ලබෙවි. මීලගට 





AT^CARDLOCK= "########" විධානය ලබාදෙන්න.  ######## කියන්නේ අදාල කේත අංකයයි. අපේ උදාහරනයේ විදිහටනම්
AT^CARDLOCK="41850586"

එවිට පිලිතුරු වශයෙන්
^CARDLOCK 2,10,0 ලබෙවි. 





දැන් unlock කිරීම ඉවරයි. මොඩෙම් එක කැමති විදිහකට පාවිච්චි කරන්න පුලුවන්. වෙනස් පිලිතුරක් ලැබුනොත් යම් තැනක වරදක් වෙලා තියෙනවා. නැවත උත්සාහ කරන්න කලින් මේකෙ comment එකක් දාන්න. (උත්සාහ කරන්න පුලුවන් 10 වරක් පමනයි).


ඔය එකක්වත් හරි ගියේ නැත්තම් මේක try කරන්නකෝ...



මෙන්න link එක...

















Monday, September 7, 2015

Kaspersky Internet Security 2016 නිවැරදිව පරිගණකයට දාගමු...


පළමු පියවර....                                                                                       

මේ ලින්ක් එකට ගිහින් download කරගන්න ටොර්රෙන්ට් ෆිලේ එක...

https://kat.cr/kaspersky-internet-security-2016-v16-0-0-614-build-8529-4realtorrentz-t11155445.html




දෙවෙනි පියවර....                                                                                 

මේ ලින්ක් එකට ගිහින් download කරගත්ත ටොර්රෙන්ට් file එක upload කරන්න...

www.zbigz.com




තුන්වන පියවර....                                                                                 


upload කර ගත්තට පස්සේ GO! button එක click කරන්න...


හතරවන පියවර....                                                                                

Go! එක click කරාට පස්සේ එන interface එකේ මේ free කියලා තියන එක click කරන්න...



පස්වන පියවර....                                                                                

මේ ටික පිරිලා ඉවර වෙනාවන් විනාඩියක් විතර ඉන්න...



හයවන පියවර....                                                                                

downlord එක click කරන්න...